Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
"කුලී වැඩ කරලා කොහොම හරි එක වේලක් දරුවන්ට කන්න දෙනවා" - මවගේ දරුණු රෝගය නිසා කුසට අහරක් නැතිව, පාසල් ගමන අතරමඟ නැවතුනු ගලේවල දරුවන්ගේ කඳුළු කතාව - Photos

- "කුලී වැඩ කරලා කොහොම හරි එක වේලක් දරුවන්ට කන්න දෙනවා" - මවගේ දරුණු රෝගය නිසා කුසට අහරක් නැතිව, පාසල් ගමන අතරමඟ නැවතුනු ගලේවල දරුවන්ගේ කඳුළු කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,118 Views
ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ..
 
රෑට කෑවොත් අපි දවල්ට කන්නේ නැහැ...
 
දරුණු පිළිකා රෝගයකින්  මව  ජීවිතයත් මරණයත් අතර රෝහලේ පොර බදිද්දී දරුවන් පස්දෙනෙකු ආහාර නොමැතිව පාසල් ගමන ද අතහැර දමා අසරණවී සිටින සංවේදී  පුවතක් ගලේවෙල  මිගහහේන  ප්‍රදේශයෙන් වාර්තා වනවා.
 
මිගහහේන  යටිගල්පොත්ත ගලේවෙල  යන ලිපිනයේ පදිංචි දරුවන්ගේ පියා  තම පාසල් වියේ පසුවන දරුවන් පස්දෙනා හදාවඩා ගැනීමට මේ වන විට දරන්නේ දැඩි වෙහෙසක්.

දරුවන්ගේ මවගේ බරපතල පිළිකා රෝගී තත්වය නිසා මේ වන විට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මේ හේතුවෙන් දරුවන්ට ආහාර සොයා දීමට නොහැකි වීම මෙන්ම දිනපතා සිය බිරිඳ බැලීම සඳහා මහනුවරට ගමන් කිරීමට සිදු වීම නිසා තම දරුවන් පස්දෙනාගේ පාසල් ගමන අතරමග නැවතුණු බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.
 
මෙම පවුලේ වැඩිමහල් පුතා ක්‍රිශාන්ත මයෝද්   තවමත් දාසය හැවිරිදි වියේ පසුවන අතර ඔහු ද මේ වන සිය පියාට ශක්තියක් වෙමින් කුලී වැඩට යනවා.
 
දිල්ෂා ශේවින්දි  තවමත් දාහතර වියේ පසුවන පාසල් සිසුවියකි.මනිෂා රසංගි දොළොස් හැවිරිදි වියේ පසුවන්නීය. කවිශ්ක මනෝජ් වයස අවුරුදු 10 ක පාසල් සිසුවෙකි. නිමේෂා මධුවන්ති ද වයස අවුරුදු 8 ක දැරියකි. මෙම සියලු දෙනාම පාසැල් වියේ පසුවීම විශේෂත්වයකි.
 
කැඩී ගිය සපත්තු පාසල් බෑග් පෙන්වමින් මෙම දරුවන් හඬා වැටෙන්නේ තමන්ට පාසල් උපකරණ නොමැතිකම නිසා නොව තමන්ගේ මෑණියන් බැලීමටවත් මහනුවරට යෑමට මුදලක් නොමැති කම නිසාවෙනි. මෙම දරුවන්ගේ ඇස්වලින් කඳුළු කඩා වැටෙන අයුරුද අපට ද දැක ගැනීමට හැකියාව ලැබිණි.
 
දිනකට එක වේලකින් සරිකරගන්නා මෙම පවුලේ අය විඳි දුක පිළිබඳව පියා මෙසේ පැවසුවා..
 
"මම කුලී වැඩ කරලා තමයි මේ දරුවන් ජීවත් කරවන්නේ .මට දරුවෝ පස් දෙනෙක් ඉන්නවා දැන් මාස දෙකකට ඉහතදී තමයි මගේ බිරිඳ ගෙ කකුල් දෙක රිදෙන්න ගත්තෙ. බෙහෙත් ගත්තා හැම තැනින්ම. දඹුල්ල රෝහලට අරන් ගියාට පස්සෙ එයාව පරීක්ෂණ වලට කියලා පොළොන්නරුව මහ රෝහලට මාරු කරලා යැව්වා. පස්සේ එතන දී වෛද්‍ය වාර්තා වලින් කිව්වා බඩේ පිළිකාවක් තියෙනවා කියල, නෝනා එහෙම්මම දඹුල්ල රෝහලට එව්වා දඹුල්ල රෝහලේ මහනුවර රෝහලට මාරු කරල   දැන් එයා ඉන්නේ ඔපරේෂන් එකක් කරලා දැඩිසත්කාර ඒකකයේ. දොස්තර මහත්තයා කිව්වේ සියයට 85ක් 90ක් විතර පිළිකාව හොඳටම වර්ධනය වෙලා කියලා. මට හැමදාම එයාව බලන්න යන්න විදිහක් නෑ. කුලී වැඩක් කරන්න ඕන දරුවන්ට කන්න බොන්න දෙන්න එයා රෝහලට වෙලා අඬනවා බලන්න එන්නේ නෑ කියලා. මම දවස් දෙක තුනකට සැරයක් ගිහිල්ල බලල එනවා ".
 
"ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ මේ සැරේ පොත් පත් අරන් දෙන්න සපත්තු   දෙන්න විදියක් නෑ එයාල ගෙදර වැඩක් කරගෙන ඔක්කොමලා හැඬු කඳුළෙන් තමයි ඉන්නේ. රෑට කෑවොත් අපි දවල්ට කන්නේ නැහැ. දවසකට කොහොමහරි සම්බෝලයි බතුයි හරි දරුවන්ට කන්න දෙනවා එක වේලක්හරි" 
 
ඉරිගිය ටකරන් කැබලි වලින් සිය නිවසේ වහලය හොවාගෙන සිටින මෙම පවුලේ උදවියට අඩුම තරමේ වැසිකිළි කැසිකිළි පහසුකම් හෝ නොමැති වීම එහි ගිය අපට දැක ගැනීමට හැකි විය .
සිය මව මරණයත් ජීවිතයත් අතර සටන් කරද්දී මෙම දරුවන් පස්දෙනා සහ සැමියා නිවසට වී මව ගැන හුලා ගැටෙමින් කුසගින්නේ සිටිති මෙම අසරණ පවුලට කාගේ හෝ උදව්වක් ලබා දීමට හැකි නම් පහත තොරතුරු ඔස්සේ ඔවුන්ව සම්බන්ධ කර ගන්න පුළුවන්.
 
ඔවුන්ගේ ලිපිනය පහතින්..
 
කේ, ජී. නිශ්ශංක කොඩිතුවක්කු,
අංක 155 සී,
මිගහහේන,
යටිගල්පොත්ත,
ගලේවෙල.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,927 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,945 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  8,375 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  27,074 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  27,700 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  248,175 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,191 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,429 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,254 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  49,437 Downloads



Top 10 Commenters

Latest Comments

Top