නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අද (09) පස්වරු 6.21ට යෙදුණු සුබ මොහොතින් මෙරට 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා. ඒ කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ශ්‍රීපවන් ඉදිරියේ දියි.
ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන දිවුරුම් දීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයා ඉදිරියේ අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙනු ලැබුවා.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු සර්වාගමික නායකයන්, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුළු දේශපාලන පක්ෂ නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්වුණා.
මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ - නිදහස් චතුරස‍්‍රයට පැමිණීමේ අවස්ථාව....
මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන් අවස්ථාව...