ජනතා විමුක්ති පෙරමුණට රුපියල් කෝටියක වන්දි මුදලක් ගෙවන ලෙසට අධිකරණය අද (11) පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වෙත නියෝගක් ලබාදුන්නා.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා විසින් ගොනුකර තිබූ නඩුවකට අදාළවයි මෙම නියෝගය ලබාදුන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් රචිත නැත්ත වෙනුවට ඇත්ත කෘතිය මගින් ජනතා විමුක්ති පෙරමුණේ බුද්ධිමය දේපළ උල්ලංඝනය වී ඇති බව පවසමින් ටිල්වින් සිල්වා විසින් මෙම නඩුව ගොනුකර තිබුනා.
එම නියෝගය ලබාදෙමින් අධිකරණය විසින් අදාළ කෘතිය ප්‍රකාශයට පත්කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් ද පනවනු ලැබුවා.
දීර්ඝ නඩු විභායකින් අනතුරුවයි කොළඹ වාණිජ මහාධිකරණය අද මෙම නියෝගය ලබාදුන්නේ.