Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
ඇමරිකාවේ අභිමානය කරට ගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනා මෙන්න - Photos

- ඇමරිකාවේ අභිමානය කරට ගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනා මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,900 Views
ඇමෙරිකානු ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 105 වන සාමාජික රට ලෙස අඟහරුවාදා (ජනවාරි 08) සාමාජිකත්වය හිමි කර ගනු ලැබුවා. 
 
එලෙස ජාත්‍යන්තර ක්‍රිකට් සමාජයට පිවිසෙන ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම ගැන තොරතුරු සොයා බලද්දී ශ්‍රී ලාංකිකයින්ට වැදගත් පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු හමුවුණා. 
 
ඒ, ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ප්‍රමුඛ පෙළේ දායකත්වයක් දක්වන හෙයින්. 
 
ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු ටෙස්ට් ක්‍රීඩක පුබුදු දසනායක සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ රෝයි සිල්වා එම ශ්‍රී ලාංකිකයින් දෙදෙනායි.

පුබුදු දසනායක යනු 1993 වසරේ සිට 1994 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ කඩුලු රකින්නෙක්. 
 
ඔහු එම කාලය තුළ ටෙස්ට් තරග 11කට සහ එක්දින තරග 16කට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා කර තිබෙනවා. 
 
ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ, පුබුදු දසනායකයි. 
 
ඇමෙරිකානු කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමි කර ගැනීම දක්වා පැමිණි ගමනේ ප්‍රධාන චරිතයක් වූයේ, ඔහුයි. 
 
1970 වසරේ ජූලි මස 11 වන දා මහනුවරදී උපන් පුබුදු, ශ්‍රී ලංකාව, කැනඩාව, කොළඹ ක්‍රිකට් සමාජය (CCC), කෝල්ට්ස් ක්‍රිකට් සමාජය, එස් එස් සී ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කර තිබෙනවා. 
 
ඔහු ඊට පෙරාතුව කැනඩාවේ සහ නේපාල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් ද කටයුතු කළා. 
 
1980 වසරේ මැයි මස 9 වන දා බලපිටියේදී උපත ලබා කොළඹ නාලන්දා විද්‍යාලය නියෝජනය කළ රෝයි සිල්වා, ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරනවා. 
 
ඔහු ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය, කෝල්ට්ස් ක්‍රිකට් සමාජය, මුවර්ස් ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව යන කණ්ඩායම් නියෝජනය කර තිබෙනවා. 
 
එම කණ්ඩායම් නියෝජනය කරමින් ඔහු ක්‍රීඩා කර ඇති තරග සංඛ්‍යාව 87ක්. 
 
"මගේ දෙමාපියන් ක්‍රිකට් ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැහැ. මගේ බලකිරීම මතයි මාව ක්‍රිකට් ගහන්න යැව්වේ," රෝයි සිල්වා පවසනවා. 
 
ඔහු පැවසුවේ, තමන් පාසලේ ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වීම අහම්බයෙන් වූවක් බවයි. 
 
"මම ඒ කාලේ වේග පන්දු යැවීමටත් පන්දුවට පහර දීමටත් දක්ෂයි. ඒත් ඒ ස්ථාන මට පාසල් කණ්ඩායමේ හිමි වුණේ නැහැ. ඒත් ඒ කණ්ඩායමේ කඩුලු රකින්නෙක් හිටියෙ නැහැ. පුහුණුකරු ඇහුවා කවුද කඩුලු රකින්න කැමති කියලා. මම ඉක්මනින් අත ඉස්සුවා. ඊට පස්සේ තමයි මට පාසල් කණ්ඩායමට ඇතුළත් වෙන්න පුළුවන් වුණේ." 
 
ඔහු 2014 වසරේදී අයර්ලන්තයේ ග්ලෙන්ඩර්මොට් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පන්දු වාර 40 තරගයේදී නොදැවී ලකුණු 295ක් රැස් කිරීමට සමත් වුණා. 
 
"මං ගැන ගොඩක් කතාබහට ලක්වෙන්න හේතු වුණේ ඒ ද්විත්ව ශතකය. ඒ නිසා මට ඇමෙරිකානු කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගන්න හැකි වුණා." 
 
මේ වන විට රෝයි සිල්වා ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි පදිංචි වී සිටිනවා. 
 
-බීබිසී සිංහල
 
හිටපු ටෙස්ට් ක්‍රීඩක පුබුදු දසනායක සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ රෝයි සිල්වා
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  51 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  26 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  301 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  440 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  3,018 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  293 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  489 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  365 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  286 Downloads

Anthima Thathpare - Amila Nadeeshani
Anthima Thathpare
Amila Nadeeshani
⤵  474 Downloads



Top 10 Commenters

Latest Comments

Top