මාතලේ - නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සේරුදණ්ඩාපොලින් සොයාගනු ලැබූ ඉපැරණි ගල් ගුහාව ‘‘හිරිලබ ගුහා’’ විශේෂයට අයත් ගුහාවක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මහනුවර ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ පුරාවිද්‍යාඥ මහින්ද කරුණාරත්න සඳහන් කළේ ගුහාවේ පාෂාණ අධ්‍යයනයේදී හුණුගල්වලින් නිර්මාණය වුණු ගුහාවක් බවට තහවුරු වී ඇති බවයි.