දැනට ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ජයග්‍රහණය හිමිකරගෙන ඇති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද දින ජනාධිපතිධූරයේ දිවුරුම් දීමට නියමිත බවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
උන්වහන්සේ සඳහන්කලේ අද පස්වරු 6ට පමණ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශයේදී මෙම උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇති බවයි. එමෙන්ම ඉන්දීය අගමැති නරේනද්‍ර මෝදි විසින් දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාටගේ ජයග්‍රහණයට සුභපතා තිබෙනවා.