Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
10
කාන්තාවන් අමානුෂිකව ඝාතනය කර, තනපුඩුවලින් බෙල්ට් සෑදූ සාහසික මිනීමරුවෙකුගේ කතාව - Photos

- කාන්තාවන් අමානුෂිකව ඝාතනය කර, තනපුඩුවලින් බෙල්ට් සෑදූ සාහසික මිනීමරුවෙකුගේ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,013 Views
සියලු ශරීර කොටස් ගලවා ඉවත් කරලා 
 
සම් කොටස්වලින් වෙස් මුහුණු හදලා 
 
මේ කතාව ලෝකයම කම්පනය කරපු සහාසික එඩ් ගේන් නම් මිනීමරුවා පිළිබදවයි. 1960 වර්ෂයේදී සයිකෝ ලෙස හදුන්වන චිත්‍රපටියක් තිරගත වුණා. බෙට්ස් මොටෙල් කියන ටෙලි කතා මාලාව නිර්මාණය වුණේ මෙම චිත්‍රපටියට අනුකුලවයි. සයිකෝ චිත්‍රපටියේ ප්‍රධානතම චරිතය නිර්මාණය කර තිබෙන්නේ එඩ්ගේන් ගේ චරිතය ඇසුරින්. එඩ්ගේන් උපත ලැබුවේ 1906 වර්ෂයේ අගෝස්තු 26 වැනිදායි. ඒ ඇමෙරිකාවේ විස්කොන්සින් වල ලාකොස් කියන නගරය තුළයි. 
 
ඒ වගේම ඔහුගේ මව දුෂ්ඨ ගති පැවතුම් වලින් යුත් පිස්සුවෙන් මෙන් ආගම අදහපු කාන්තාවක්. එම නිසා කුඩා කල සිටම ඔහු හිරකරුවකු සේ හැදී වැදුණු අතර ඔහුගේ මව වියරුවෙන් මෙන් පාපය සහ තෘෂ්ණාව පිලිබඳව පවසන දේවල් අසා ගෙන සිටීමට සිදු වුණා. හුදකලාවෙම ළමා කාලය ගෙවපු ඔහුට මිතුරන් දෙදෙනකු හෝ තුන්දෙනකුට වඩා සිටියේ නැහැ. ගෙන් ගේ පවුලේ අය ගොවිපළක නිවසක් වෙත ගිය නිසා ඔහු තවත් හුදකලා වුණා. 
 
ඔහුගේ මව දැඩිව කටයුතු කළත් ගෙන් ඇයට ඉතාමත්ම ආදරය කළා. මව ඔහුට සැම විටම පවසා සිටියේ වෙනත් කාන්තාවන් සමඟ සම්බන්ධයක් පවත්වන එක බරපතල පාපයක් බවයි. ඒ වගේම තමන් හැරෙන්නට අනිකුත් සියලුම කාන්තාවන් ගණිකාවන් බවත් ඔවුන් ඇසුරු කිරීම යක්ෂයා ඇසුරු කිරීමට හා සමාන බවට ඇය ගේන් ට පවසා තිබුණා.

හැදෙන වයසේ කුඩා දරුවකුගේ මනසට ඇතුල් කරපු එම අදහස යහපත් එකක් නොවෙයි. එම කාලය වන විට ගේන් ගේ පියා හදිසියේම මරණයට පත් වුණා. එම නිසා ඔහු සහ මව පමණක් ඉතුරු වුණා. නමුත් ඔහුගේ මවත් හදිසියේම රෝගාතුර වුණු නිසා ඇයව රැකබලාගැනීමට රැකියාවක් කිරීමට ඔහුට සිදු වුණා. එම කාලයේදී ඔහු පොත් පත් කියවීමට පෙළඹුණා. නමුත් නාසි වරුන් සහ මිනී මස් කන්නන් පිළිබඳ පොත් පත් කියවීමට තමයි ඔහු වැඩිපුරම උනන්දුවක් දැක්වුයේ. 
 
අවසානයේදී ඔහු මෙළොව තනිකරමින් 1945 වර්ෂයේදී ඔහුගේ මවත් මරණයට පත් වෙනවා. වසර කිහිපයක්ම ඔහු සාමාන්‍ය පරිදි ගොවිපලේ සහ රැකියා කටයුතු කරන අතර ඉන් පසුව ඉතාමත්ම අමුතු දෙයක් ඔහුගේ විනෝදාංශය බවට පත් වුණා. එනම් ඔහු ඔහුගේ මව ලෙස හැසිරීමට පෙළඹීමයි. එය ඔහුගේ සියලුම සහාසික ක්‍රියාවන් වල ආරම්භය ලෙස හදුන්වන්නට පුළුවන්. 
 
1957 වර්ෂයේදී හදිසියේම එම ප්‍රදේශයේ විසු බර්නිස් වොර්දන් නමැති කාන්තාවක් අතුරුදහන් වුණා. එම කාන්තාවගේ පුතා පොලීසිය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ අවසාන වතාවට මව එඩ්ගේන් සමඟ සිටි බවයි. ඔහුව වහාම අත්අඩංගුවට ගත් අතර ඔහුගේ ගොවිපලද පරික්ෂාවට ලක්කළා. 
 
එහිදී වෙඩි තබා ඝාතනය කල බර්නිස් වොර්දන් ගේ සිරුර සතෙකු මෙන් එල්ලා තිබුණා. වාර්තා වෙන විදිහට ඇයගේ සියලුම ශරීර ඉන්ද්‍රියයන් ගලවා ඉවත් කර තිබුණු අතර හිසේ සිට දෙපතුල දක්වාම සිරුර විකෘති කර තිබුණා. එම දසුන සියැසින්ම දුටු පොලිස් නිලධාරියෙකු සඳහන් කර තිබුණේ, කකුල් වල තිබු බල නහරය කපා දමා ඒ අතරින් කම්බියක් යවා තිබු බව සහ පහතට එල්ලමින් තිබුණු සිරුරේ හිස කඳින් වෙන් කර තිබු බවයි. ඇයගේ හිස පසුව ගෝනි මල්ලක තිබී හමුවුණා. නමුත් ඔහුගේ නිවස තුළට ඇතුල්වූ පසුව ඊටත් වඩා භයානක දෙයක් දුටුවා. 
 
එනම් කාන්තා හිස් 5ක් සහ හිස් කබල් 4ක්. නමුත් ඉතාමත්ම පිළිකුල් සහගත දේනම් වෙස් මුහුණක් ලෙස පැළදිය හැකි ලෙස කපාගත් මුහුණේ සම්පුර්ණ සම කොටස් කිහිපයක් ද හමු වී තිබිමයි. එම වෙස් මුහුණු පැළදීම ඔහුගේ විනෝදංශයයි. ඇසින් දුටු අය පවසන්නේ එම වෙස් මුහුණු වල තොල් ආලේපන පවා තිබුණු බවයි. එම මියගිය කාන්තාවන් හඳුනනවා නම් එම මියගිය කාන්තාවන්ගෙන් සෑදුනු වෙස් මුහුණු දිහා බලා ඔවුන්ව හදුනාගන්නට හැකියාව තිබුණු බවට වැඩිදුරටත් සඳහන් වනවා. 
 
එපමණක් නොවෙයි ඔහුගේ නිවසේ තිබී තවත් බොහොමයක් වූ භායනක දේවල් ඔවුන්ට හමුවී තිබෙනවා. මිනිසුන්ගේ සමෙන් සැදූ ලාම්පු මුවාවන්, පුටු කවර සහ කුණු කූඩ ද ඒ අතර වුණා. ඒ වගේම ඔහුගේ මුළුතැන්ගෙය තුළ තිබි හිස් කබල් වලින් හදපු භාජනද හමුවුණා. 
 
තවද කාන්තා මිනිස් සමෙන් හදපු ඇඳුමක්ද හමුවුණා. එය ඔහු නිර්මාණය කරන්නට ඇත්තේ තමන්ගේ මව සිහිපත් කිරීමටයි. එසේ නොමැති නම් එය පැළඳ ගෙන ඔහුගේ මව බවට පත් වීමටයි. ඔහු විසින් නිපදවූ පිළිකුල් සහගත දේවල් මෙතකැයි කියන්නට බැහැ. 
 
කාන්තා තනපුඩු වලින් සෑදූ බෙල්ට් පටියක්, කාන්තා නාසයක් සහ යෝනි මුඛයන් ගෙන් යුත් එකතුවක්ද හමුවුණා. ඒ සියලුම දේවල් නිර්මාණය කිරීමට අදහස වුයේ ඒවා පැළඳ ඔහුට කාන්තාවක් වීමට තිබූ කැමැත්තයි. එසේත් නොමැති නම් අම්මා බවට පත් වීමටයි. 
 
ඔහුම එය පාපොච්චාරණය කර තිබෙනවා. ඔහු ඉහත කල සියලු නිර්මාණ කර තිබෙන්නේ ඔහුගෙන් ඝාතනය වූ කාන්තාවන්ගෙන් පමණක් නොවෙයි. මිනි වළවල් වලින්ද ඔහු කොටස් එකතු කර ගෙන තිබෙනවා. 
 
අධිකරණය හමුවේදී ඔහු මානසික රෝගියෙක් බවට සිතීමට වැඩි කාලයක් ගියේ නැහැ. 
 
ඔහු පෙනහළු පිළිකාවකින් 1984 වර්ෂයේදී මරණයට පත් වෙනවා. ඒ මානසික රෝහලක් තුළයි. 
 
ඔහුගේ සිරුර බ්ලෙන්ෆිල් හී භූමදානය කර ඇති අතර පසුව සිරුරේ කොටස් අතුරුදහන් වී තිබෙනවා. 
 
එයට හේතුව ඇමරිකානුවන් සහාසික මිනීමරුවෙකුගේ ශරීරයේ කොටසක් සිහිවටනයක් ලෙස තබාගැනීමට කැමැත්තකින් පසු වීමයි.

පහත ජායාරූපයන්හි සිටින්නේ එඩ් ගේන් නම් වූ එම සාහසික අපරාධකරුයි...
 
 
පහතින් දැක්වෙන්නේ 1957 වර්ෂයේ ගත් ජායාරූපයක්. මෙම සාහසික අපරාධකරු ගැන පොලීසියට දැනගැනීමට ලැබුණේ එදිනයි... කාන්තාවකගේ හදිසි අතුරුදහන්වීම මෙම විමර්ශන සඳහා හේතු වුණා.
 
 
එඩ් ගේන්ගේ නිවස ඇතුළත පරීක්ෂා කරන අවස්ථාවක් පහත ජායාරූපයේ දක්වෙනවා. ඔහුගේ නිවසේ තිබී හමුවූ බොහෝ දේ අතිශය භයානක දේ වුණා. ඒ අතර කාන්තා හිස් පහක්ද තිබුණු අතර ඔහු විසින් ඇතැම් මුහුණත්හි සම් කොටස්වලින් වෙස් මුහුණු ද සාදා තිබුණා..
 
 
පහත ජායාරූපයේ තිබෙන්නේ එඩ් ගේන්ගේ නිදන කාමරයයි. ඔහු ශරීර කොටස් බාහාලීම සඳහා භාවිතා කරනු ලැබූ පෙට්ටියක් ද ඒ අසළ තිබී නිලධාරින් සොයාගත්තා.
 
 
ඔහුගේ නිවස පරීක්ෂා කරන අවස්ථාවක්... ඔහු කාන්තා ශරීර කොටස්වලින් කළ විවිධ නිර්මාණත් පොලිස් නිලධාරින් විසින් සොයාගනු ලැබුවා.
 
 
එඩ් ගේන් භාවිතා කරන ලද පුටුව...
 
 
එඩ් ගේන්ගේ මෙම සාහසික ක්‍රියා ආශ්‍රයෙන් ටෙලි නිර්මාණ හා චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය වූ අතර පහතින් දැක්වෙන්නේ එවැනි චිත්‍රපටයක ප්‍රචාරක දැන්වීමක් සහ එහි එන දර්ශනයක්..
 
 
එඩ් ගේන් අත්අඩංගුවට ගැනීමෙන් පසු...
 
 
මෙම සාහසික අපරාධකරුගේ කතන්දරය අතිශය බිහිසුණු එකක් මෙන්ම බොහෝ දෙනාගේ අවධානය යොමු වූ දෙයක් බවට පත් වුණා. කෙසේ වෙතත් ඔහුගේ අභාවයෙන් පසුවත්, ඔහුගේ ශරීර කොටස් අතුරුදහන් වූ බව සඳහන් වනවා.
 
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  395 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,473 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,385 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,177 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,166 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,216 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,852 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,702 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,712 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,655 Downloads



Top 10 Commenters

Latest Comments

Top