Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
10
2018 වසරේ ලොව පුරා ඝාතනයට ලක් වූ සුප්‍රසිද්ධ මාධ්‍යවේදීන්

- 2018 වසරේ ලොව පුරා ඝාතනයට ලක් වූ සුප්‍රසිද්ධ මාධ්‍යවේදීන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

48 Views
මාධ්‍ය මර්දනය, මාධ්‍යවේදීන් පැහැරගෙන යෑම, ඝාතනය කිරීම අපගේ ශබ්ද කෝෂයේ කලෙක පටන්ම අනිවාර්ය අංග බවට පත්ව තිබේ. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නිසි ලෙස තහවුරු කර නොමැති රටවල මාධ්‍යවේදීන් ඝාතනයට ලක්වීම සුපුරුදු අංගයක් බවට පත්ව ඇත. විටෙක පවතින ආණ්ඩුවල මර්දනයට ද, තවත් විටෙක සන්නද්ධ සංවිධානවල මර්දනයට ද මාධ්‍ය ලක්ව තිබේ.

 සෞදි අරබි මාධ්‍යවේදියකු වූ ජමාල් කශෝගි යනු පසුගිය වසරේ ලොව වඩාත්ම අවධානයට ලක්වූ මාධ්‍යවේදියායි. ඔහුගේ ඝාතනය පිළිබඳව ලොව සෑම තැනකම කතාබහට ලක්වූ අතර, ලොව පුරා එලෙස මාධ්‍යවේදීන් 30කට වඩා පිරිසක් ඝාතනයට ලක්ව තිබේ. මේ ඉන් කිහිපදෙනකු පිළිබඳ කෙටි තොරතුරු එකතුවකි.

මහාරම් දුරානි- ඇෆ්ගනිස්තානය
දුරානි ඝාතනයට ලක් වූයේ පසුගිය 2018 වසරේ අප්‍රේල් 30 වැනිදා ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරදී එල්ල වූ මරාගෙන මැරෙන ද්විත්ව බෝම්බ ප්‍රහාරයේදී ය. මෙම ප්‍රහාරයෙන් ඇයත් සමඟ තවත් මාධ්‍යවේදීන් දසදෙනෙකු ඝාතනයට ලක් විය. දුරානි ඒ වන විට ඇෆ්ගනිස්තානයේ Azadi ගුවන්විදුලියේ ප්‍රකාශිකාවක් ලෙස කටයුතු කරමින් එහි පුහුණුව ලබමින් සිට තිබේ. ඇෆ්ගනිස්තානයේ මාධ්‍ය වෘත්තියේ ක්ෂේත්‍රය තුළ වාර්තාකරණ කටයුතු කළ කාන්තාවන් සාමාන්‍යයෙන් හිඟ වන අතර, තරුණ දුරානි ඉන් එක් අයෙකු විය. 1990 වසරේ උපත ලද ඇය ඝාතනයට ලක් වන විට 28 වන වියේ පසුවිය.

ජෙෆර්සන් පුරේසා ලෝපේස්- බ්‍රසීලය
1979 නොවැම්බර් මස 17 වැනිදා උපත ලද ජෙෆර්සන් බ්‍රසීලයේ Radio Beria Rio FM ගුවන්විදුලියේ නිෂ්පාදකවරයෙකු සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස කටයුතු කරමින් සිටි අතර, ඔහු කිසිදු පැකිළීමකින් තොරව දේශපාලකයන්ව විවේචනය කිරීමටත් ඔවුන්ගේ දූෂණ වංචා පිළිබඳ තොරතුරු සමාජගත කිරීමටත් කටයුතු කරන ලදී. 2018 වසරේ ජනවාරි මස 17 වැනිදා ඔහුව වෙඩි තබා ඝාතනය කර තිබූයේ ඔහුගේම නිවසේ විසිත්ත කාමරය තුළදීයි.

ඔහුගේ ඝාතනයට පෙර 2017 නොවැම්බර් 19 වැනිදා ඔහු සේවය කළ ගුවන්විදුලි මධ්‍යස්ථානයට මැර ප්‍රහාරයක් එල්ල වී ගිනිතබා විනාශ කර දමා අනතුරු ඇඟවීමටද ජෙෆර්සන් නිසා අර්බුදයට පත්ව සිටි සතුරන් කටයුතු කර තිබුණි. නමුත් ඉන් සැලුණේ ඔහු නොවේ. ගිනිබත් වූ ගොඩනැඟිල්ල තුළ සිට වීඩියෝවක් පටිගත කර මුහුණුපොත හරහා ප්‍රචාරය කරමින් ඔහු පැවසුයේ, ඉතාමත් ඉක්මනින් නැවතත් ගුවන් විදුලියේ කටයුතු අරඹන බවයි. ඔහුගේ පසුනොබැසීම මත සතුරා විසින් ජෙෆර්සන්ව සදහටම නිහඬ කර දමන ලදී. ඔහුගේ ඝාතනයට මෙතෙක් කිසිවෙක්ට චෝදනා එල්ලකොට ද නැත.

ඊබ්‍රහීම් අල්-මුන්ජාර්- සිරියාව
1992 වසරේ උපන් 26 හැවිරිදි වූ තරුණ මාධ්‍යවේදියෙකු වූ ඊබ්‍රහීම් ඔහුගේම නිවස ඉදිරිපිටදී නාඳුනන කල්ලියක් විසින් ඝාතනය කරන්නේ 2018 මැයි මස 17 වැනිදාය. සිරියානු ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන SY24 හි වාර්තාකරුවෙකු ලෙස ඔහු කටයුතු කරමින් සිටි අතර, ඔහු කළ සේවය පිළිබඳව එහි සංස්කාරකවරයෙකු වන ගායිත් හම්මූර් ප්‍රකාශ කරන්නේ තම ආයතනයේ සීමිත පහසුකම් අනුව විශාල පිරිසක් සේවය සඳහා නොසිටි බැවින් ඊබ්‍රහම් විසින් වීඩියෝකරණ කටයුතුවලදී කැමරාකරු ලෙසත්, ඉදිරිපත් කරන්නා ලෙසත්, පුවත් සංස්කාරක ලෙසත් සියලු දේ සිදුකළ බවයි.

ජාන් කුෂේක්- ස්ලෝවැකියාව
පැනමා පත්‍රිකා සහ පැරඩයිස් පත්‍රිකා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරමින් සිටි ගවේෂණශීලී තරුණ මාධ්‍යවේදියෙකි ජාන් කුෂේක්. 2018 පෙබරවාරි 21 වැනිදා ඔහු සහ ඔහු විවාහ ගිවිස ගෙන සිටි මාටීනා කුස්නිරෝවා පදිංචිව සිටි නිවාස සංකිර්ණය තුළ වෙඩි තබා ඝාතනය කොට තිබූ ඔවුන් දෙදෙනාගේ සිරුරු හමුවිය. ජාන් ඒ වන විට ස්ලෝවැකියා පුවත් වෙබ් අඩවියක් වූ Aktuality.sk හි මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින් සිටි අතර, ඔහු වසර එක හමාරක පමණ කලෙක සිට මරණය දක්වා පැනමා පත්‍රිකා සහ පැරඩයිස් පත්‍රිකා විමර්ශනය කරමින් සිටි අතර, ඔහු සහ ඔහුගේ මාධ්‍යය සගයන් විසින් ඒ වන විට ස්ලෝවැකියා අගමැතිව සිටි රොබට් ෆිකෝ ඉතාලි මාෆියා සංවිධානයක් සමඟ ගනුදෙනු කරන බවට තොරතුරු සොයා යමින් සිටියේය. ඒ සමඟ ජාන් ඝාතනයට ලක්වීමෙන් විශාල මහජන විරෝධයක් එල්ලවීමෙන් පසුව සති දෙකකින් ඔහු ධූරයෙන් ඉල්ලා අස්විය. මියයන විට ජාන් 28 වන වියේ පසුවිය.

ලෙස්ලි ඈන් පැමෙලා මොන්ටෙනිග්‍රෝ- මෙක්සිකෝව
මෙක්සිකෝවේ මාධ්‍යවේදිනියක වූ ලෙස්ලි ඈන් ඊට අමතරව Youtube ක්‍රියාකාරිනියක ලෙස ද, El Sillion නම් online සඟරාවක්ද පවත්වාගෙන යන ලදී. 1980 උපන් ඇය ඝාතනය වන්නේ 2018 වසරේ පෙබරවාරි මස 5 වැනිදායි. පැමෙලා සිය සැමියා සමඟ අවන්හලක සිටියදී එහි කඩා වැදුණු තුවක්කුකරුවෙකු විසින් ඔවුන්ට වෙඩි තැබූ අතර, දිව ගියත් ජීවිතය ආරක්ෂා කර ගැනීමට ඇයට නොහැකි විය. තුවක්කුකරු විසින් පැමෙලාගේ හිසට වෙඩි තබන ලදී. පසුගිය වසරේ මෙක්සිකෝවේදී ඝාතනය වූ මාධ්‍යවේදීන් පස්දෙනා අතරින් පැමෙලා එක් අයෙකි. ජීසස් ඇලෙසැන්ද්‍රෝ මාකේස්, කාලෝස් ඩොමිනගූස් රොඩ්‍රිගුස්, ලියෝබාඩෝ වස්කේස් ඇට්සින්, සහ මාරියෝ ලයනල් ගෝමස් සන්චෙස් ඉතිරි සිව්දෙනාය.

දේශපාලකයන්ගේ, රජයේ නිලධාරීන්ගේ දූෂණ පිළිබඳව දැඩිව විවේචනය කළ ඇයට ඝාතනය දක්වාම විවිධ අවස්ථාවන්හිදී අපරාධ කල්ලිවලින් මරණ තර්ජන ලැබී තිබිණි.

මූසා අබ්දුල් කරීම්- ලිබියාව
ලිබියාවේ පුවත්පතක් වන Fasanea හි ඡායාරූප ශිල්පියෙකු සහ සංස්කාරකවරයෙකු වූ මූසා, 2018 ජූලි මස 31 වැනිදා නාඳුනන ඝාතන කල්ලියක් විසින් පැහැරගෙන ගොස් තිබූ අතර, පසුව වධ බන්ධනයට ලක්කර වෙඩි තබා ඝාතනය කළ සිරුර හමුවිය. ලිබියාව තුළ අන්තවාදී සංවිධාන ක්‍රියාත්මකව පවතින අතර, මෙසේ මාධ්‍යවේදීන් ඝාතනයට ලක්වීම වරින් වර සිදුවේ. Fasanea පුවත්පතේ ප්‍රධාන සංස්කාරක සලීමා බින් නෝසා මේ ගැන පැවසුයේ ලිබියාව තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නොමැති බවත්, මාධ්‍යවේදියෙකු වීම මෙහි ඉතාමත්ම භයානක කාරණයක් බවත්ය.

Rob Hiaasen- එක්සත් ජනපදය
2018 ජූනි 28 වැනිදා එක්සත් ජනපදයේ මැරිලන්ඩ්හි The Capital පුවත්පත් කාර්යාලයට ඇතුළු වූ තුවක්කුකරුවෙකු විසින් තැබූ වෙඩි පහරින් රොබ් ඇතුළු පස්දෙනෙකු ඝාතනය විය. The Capital පුවත්පතේ සහකාර සංස්කාරක සහ තීරු රචකයෙකු වූ රොබ් ඇතුළු පිරිසගේ ඝාතන සැකකරු දැනට චෝදනා ඉදිරිපත් කර නඩු විභාගයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ශුදාත් බුකාරි- ඉන්දියාව
1968 පෙබරවාරි 25 වැනිදා උපත ලැබූ ශුදාත්, කාශ්මීරයේ දිනපතා පුවත්පතක් වන Rising Kashmir නිර්මාපකයා වූ අතර, 2018 ජූනි 14 වැනිදා ඉන්දියාවේ ශ්‍රීනගර්හිදී ඔහු ගමන් කළ මෝටර් රථයට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඝාතනය විය. ශුදාත්ගේ මිතුරෙකු සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන සමීර් යසීර් විසින් පවසන්නේ ඔබ කාශ්මීරයේ ජනමාධ්‍යවේදියෙකු නම්, එය ඉතාමත් දුෂ්කර කාර්යයක් වනු ඇති බවයි. මන්ද සන්නද්ධ සංවිධානත්, රජයේ හමුදාවත්, ඉන්දියානු රජයත්, පාකිස්ථානයත් යන සියල්ලන්ම කුපිත නොවන ලෙස ක්‍රියා කිරීමට සිදුවීමයි.

පෝල් රිවාස් බ්‍රාවෝ- ඉක්වදෝරය
ඉක්වදෝරයේ El Comercio දිනපතා පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියෙකු වූ පෝල් රිවාස් ඝාතනයට ලක්වන්නේද මාධ්‍යය කටයුත්තක් සඳහා පිටත්ව යන අවස්ථාවේදීයි. මාධ්‍යවේදියෙකු වූ ජාවීර් ඔටේගා සහ රියදුරු එෆ්‍රේන් සෙගාරා සමඟ පෝල් රිවාස් එසේ තම රාජකාරි අතරතුරදී මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදී. ඔවුන්ව ඝාතනය කළ බව තහවුරු වූයේ 2018 අප්‍රේල් 13 වැනිදායි. ඒ වන විට ඔවුන් අතුරුදන් කර මාස 8ක් ගතව තිබුණි.

චතුරක මදුශාන්
 Roar



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top