Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
10
සුරූපී ගැහැණුන් තොග පිටින් වසඟ කර, පසුව දූෂණය කළ අද්භූත නෙත් යුගලක් හිමි රුසියාවේ රස්පුටීන්ගේ කතාව - Photos

- සුරූපී ගැහැණුන් තොග පිටින් වසඟ කර, පසුව දූෂණය කළ අද්භූත නෙත් යුගලක් හිමි රුසියාවේ රස්පුටීන්ගේ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
රුසියාවේ සාර් රජුගේ පාලන සමයේදී එක් සුවිශේෂී පුද්ගලයෙක් විසින් එරට පාලන තන්ත්‍රය තනිවම සියතට ගැනීමට සමත් වෙනවා. ඔහු රට පාලනය නොකලත් රුසියාවේ එවකට පාලනය ගෙන ගිය සාර් රජු සහ සරිනා රැජිණව අත්ලේ නටවා තම පහත් ආශාවන් ඉටුකරගැනීමට සමත් වූවෙක්. ඔහු නමින් රස්පුටින්. ඔහුගේ ශරීරයේ එක් අත්භූත අංගයක් තිබෙනවා. ඒ ඔහුගේ මායාකාරී දෙනෙතයි. 
 
ඔහුගේ මේ දෙනෙත් ගැටෙන ඕනෑම අයෙක් ඔහු වෙත පැමිණ රස්පුටින් වෙනුවෙන් මැරෙන්න වූනත් සුදානම් වෙලා ඉන්නවලු. රස්පුටින්ගේ දෙනෙත් වලට වශී වුනු කාන්තාවන් ඔහු වෙත දිවවිත් රමණයේ යෙදෙන්නට තරම් ඔහුගේ දෑස් වල අත්භූත ආකර්ෂණ බලයක් ඇති බවත් සඳහන්. 
 
ඒ සමයේදී රජුගේ පුත් කුමරුවන් වුනු සරෙච්චි අලෙන්සිස් අනතුරකට ලක් වෙලා ඉතාමත්ම දරුණු ලෙස තුවාල ලබා සිටියා. රටේම වෛද්‍යවරුන් ගෙන්වා වෙදකම් කලත් කුමරුවන් සුවපත් කරගන්නට නම් හැකියාවක් තිබුනේ නැහැ. ඔය අතරේ තමයි සුවකළ නොහැකි තරම් ඕනෑම රෝගයක් එක ක්ෂණයකින් සුවපත් කල හැකි මේ රස්පුටින් කියන අත්භූත මනුෂ්‍ය ගැන දැනගන්නට ලැබෙන්නේ. ඔහුගෙන් ප්‍රතිකාර ගත් රෝගීන් සුව වූ වහාම ඔහුව දේවත්වයෙන් අදහන බවට සහ කටයුතු කරන බවට සාර් රජුට දැනගන්නට ලැබෙනවා.

රජු වහාම මේ අත්භූත වේදදුරාව රජ මාලිගාවට කැඳවනවා. ඔහු ඉතාමත්ම අප්‍රසන්න අපිරිසිදු ගොරහැඩි මිනිසෙක්. මුහුණ පුර දිගු රැවුලක් වැවී තිබෙනවා. කෙසේනමුත් මොහු සාර් රජුගේ පුත් කුමරුවන් සුවපත් කරන්නට සමත් වෙනවා. මේ සිදුවීමත් සමඟම සාර් රජු සහ සරිනා බිසව රස්පුටින්ගේ දෙපා මුල වැඳ වැටි ඔහුට ස්තුතිය පුද කළා. එයින් නොනැවතුනු රාජකීය යුවල දිවි ඇති තෙක් තමන් සමගම රජමාළිගයේ නැවතී රාජ්‍ය පාලන තන්ත්‍රයේ උපදේශක වශයෙන් සිටින ලෙසටත් ඔහුට ආරාධනා කලා. 
 
ඉතින් රස්පුටිනුත් රජ පවුලට ආශීර්වාද කරලා තම සිටින තාක් රජ පවුලට කිසිවෙකුගේත් හිරිහැරයක් කරන්නට ඉඩ නොදෙන බවට දිවුරා සිටියා. කිව්වත් වගේම මේ කාලසීමාව තුලදී කිසිදු සතුරු ආක්‍රමණයක් හෝ උපද්ද්‍රවයක් මේ රජ පවුල වෙත එල්ලවුණේ නැහැ. මොහුට ප්‍රතිඋපකාර ලෙස රුසියාවේ සිටින රුමත්ම ගැහැනුන් සහ හොදම වයින් දිනපතාම ලබා දීමට කටයුතු කර තිබෙනවා. 
 
කල්ගතවෙත්ම මේ හැඩිදැඩි අසංවර මිනිසා කිසිම වගවිභාගයකින් තොරව රූමත් තරුණියන් ගෙන්වා තම පහත් ආශාවන් සංසිඳවගන්න කටයුතු කරනවා. රූමත් තරුණියක් ඔහුගේ නෙත ගැටුනහොත් ඇයගේ නිවසටම ගොස් පවුලේ අය ඉදිර්යේම ඇයව තම ග්‍රහණයට ගෙන දුෂණය කිරීමට තරම් බලයක් මොහු සතු වුණා. ඒ වගේම මොහුගේ ආකර්ශනීය දෑස දකින තරුණියන්ද මොහු වටා රොද බදිමින් ඔහුගේ සියලු ඕනෑ එපාකම් ඉටුකිරීමට සැදී පැහැදී සිටියා. 
 
මේ නිසා එරට වැසියන්ගේ පවුල් ජිවිත බොහෝ අවුල් වී තිබුණා. ප්‍රභූවරුන්ගේ බිරින්දෑවරුන්, රූමත් දියණියන් මොහුගේ වසඟයට ලක්වුණු නිසා ප්‍රභූවරුන්ද මහත් ගැටලුවකට මුහුණ දී සිටියා. ඔවුන් සාර් රජු හමුවී පැමිණිලි කලත් ඒ කිසිවක් රජු විසින් මායිම් නොකලෙත් රස්පුටින් වෙත පුර්ණ විශ්වාසය තබමින්. දිනක් ඔහු එක ප්‍රභූ පවුලක සොහොයුරියන් දෙදෙනෙක් එක්වරම තම වසඟයට ගෙන තිබුණා. 
 
මෙයින් කෝපයට පත් එම තරුණියගේ මව මේ නරුමයටත් තම දියණියට පහර දීමට මුගුරක්ද රැගෙන ඔහුවෙත දිව යනවා. නමුත් ඔහුගේ තියුණු දෑසට හසුවන කාන්තාව ඊළඟ මොහොතේදීම දියණියන් ඉදිරිපිටදීම රස්පුටින්ගේ තුරුලේ හිදින්නට වුණා. 
 
කරකියාගත දෙයක් නොමැතිව දියණියන් දෙදෙනාට ඉවත බල සිටින්නට සිදු වුන මොහුගේ මෙම ක්‍රියාවන් දිනෙන් දිනම උග්‍ර වෙත්ම රුසියා ප්‍රභූ පවුලක එක අයෙක් රස්පුටින්ව ඝාතනය කරන්නට සැලසුමක් හදනවා. ඔහුගේ නම යුසුපවී. 
 
යුසුපවී ගේ ඉතාමත් රූමත් තරුණ බිරිඳ රස්පුටින් හමුවීමට ආශාවෙන් සිටින බව පවසා රස්පුටින්ට තම නිවසට පැමිණෙන ලෙස යුසුපවී විසින් අරාධනා කළා. රාගයෙන් මත්වන රස්පුටින් වහාම යුසුපවිගේ නිවසට ගොස් ඔහුගේ බිරිද පිලිබදව විමසනවා. ඇය මදක් බැහැරට ගොස් ඇති බවත් සුළු මොහොතකින් නැවත රස්පුටින් බහ දැකීමට එන බවත් පවසා සිටින යුසුපවී තම බිරිද සෑදු බව පවසමින් රස්පුටින්ගේ ඉතාමත් ප්‍රියජනක ආහාරයක් වන කේක් සහ වයින් ඔහුට පිළිගන්වනවා. 
 
නමුත් එම කේක් සහ වයින් වලට එරට ඇති දරුණුතම විෂ එක් කල ඇති බවට දැනගෙන සිටි යුසුපවී සහ ඔහුගේ බිරිද පමණයි. දින ගණනාවක්ම කුස ගින්නේ සිටි කෙනෙක් වගේ රස්පුටින් ඒ කේක් සියල්ල ඉතාමත්ම කෑදර අයුරින් ගිල දැම්මා. වයින් ද පානය කල ඔහු කෝ ඔබේ රූමත් බිරිඳ තවමත් නැද්ද කියමින් මහා හඩින් මොරදෙන්නට වුණා. කොපමණ හලාහල විෂ එක්කලත් රස්පුටින් ගේ සිරුරට එය බලපා නැහැ. 
 
කරන්නට කිසිම දෙයක් නැති යුසුපවී තම බිරිඳ රැගෙන එන බව පවසමින් ගේ තුලට ගොස් තමාගේ රිවෝල්වරය ගෙන රස්පුටින් වෙත පැමිණ වෙඩි වරුසාවක් ඔහු වෙත එල්ල කලා. බිම ඇඳ වැටුණු රස්පුටින් එම ස්ථානයේදීම මිය යන්නේ රට පුරාම වැසියන් ප්‍රීතියට පත් කරමින්. මෙයින් කෝපයටත් වේදනාවටත් පත් වුනු සාර් රජු යුසුපවී මරා දැමීමට නියෝග කෙරුණා. 
 
නමුත් වහ වහම රටින් පැන ගන්නට යුසුපවී සහ ඔහුගේ බිරිද සමත් වෙනවා. 
 
නරුම රස්පුටින්ගේ මරණයත් සමඟම අනාරක්ෂිත වෙන සාර් රජ පවුල මොල්ස්හෙවික් විප්ලවවාදීන්ගේ බලපෑම් වලට ගොදුරු වෙලා විනාශ වෙලා ගිය බවට සඳහන් වෙනවා.

පහත ජායාරූපවල සිටින්නේ රස්පුටීන්..
 
 
පහත ජායාරූපයේ දැක්වෙන්නේ රස්පුටීන්ගේ බිරිඳ Matryona (Maria) හා දියණියයි...  (1911 වර්ෂය)
 
 
පහත සිතුවමක් අනුසාරයෙන් දක්වා ඇත්තේ රස්පුටීන් ඝාතනය කළ යුවළයි..
 
 
රස්පුටීන් ඝාතනය වීමෙන් පසු...
 
 
පහත ජායාරූපයේ සිටින්නේ  Felix Yusupov
රස්පුටීන්ව වෙඩි තබා ඝාතනය කරනු ලබන්නේ ඔහු විසිනුයි. ඔහුගේ බිරිඳද මේ සැලසුමේ කොටසක් වුණා.
 
 
රස්පූටීන් මරා දැමූ ස්ථානය...
 
 
 
 
 
 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top