එක්සත් ජනපදයේ Kentucky කියන ජනපදයක පාසලක සිදු වූ අමිහිරි සිදුවීමක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ පාසලක ගුරුවරියක් වයස අවුරුදු 9 ක පිරිමි දරුවෙක්ට පහර දී බිම දිගේ බොහෝ දුරක් ඇදගෙන යන සිදුවීමක් ගැනයි. එම දරුවා විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් බවත් සදහන් වෙනවා. මෙම දසුන පාසලේ බොහෝ දෙනෙක් දුටුවත් කිසිවෙක් ඊට මැදිහත් වී නැති බවත් සදහන්.
එම වාර්තාව අනුව සදහන් වන්නේ එම ගුරුවරිය පාඩමක් කියාදෙන අවස්ථාවේ මෙම දරුවා විවේකයක් අවශ්‍ය බව ගුරුවරියට කියන අතර ගුරුවරිය තමුන්ට විවේකයක් නේද අවශ්‍ය ඇවිදින්න නේද අවශ්‍ය බව පවසමින් දරුවාගේ දෙඅත් වලින් ඇදගෙන යාමයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් දරුවා මවට කියා තිබෙන බවත් සදහන්. පසුව එම පාසලේ සි සි ටීවී පරික්ෂා කර තිබෙන අතර එම සිදුවීම සත්‍යක් බව සනාථ වී තිබෙනවා. ඒ අනුව පාසලෙන් ගුරුවරිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් සදහන්.