Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
09
ඉතිහාසයම උඩුයටිකුරු කළ අමුතු ලිංගික ආශාවන් පැවති රාජකීය පවුල්වල ගැහැණුන්ගේ සහ පිරිමින්ගේ කතාව - Photos

- ඉතිහාසයම උඩුයටිකුරු කළ අමුතු ලිංගික ආශාවන් පැවති රාජකීය පවුල්වල ගැහැණුන්ගේ සහ පිරිමින්ගේ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38 Views
ඉතිහාසයේ පුරාවටම රජමාළිගවල වගේම සමාජයේ විවිධ තල වල විවිධ ලිංගික ආශාවන් සහිත පුද්ගලයින් ජීවත්වී තිබීම අරුමයක් නොවේ. 
 
19 වන සියවසේ අග භාගයේ පටන් නුතන සමාජය දක්වා කාලය තුළ ඔවුන්ගේ ආශාවන් සම ලිංගික ද්වි ලිංගික සහ විෂම ලිංගික යනාදී වශයෙන් හැදින්වෙනවා. 
 
අතීතය තුලදී තමන්ගේ ලිංගික ආශාවන් නිසාවෙන්ම සමාජය සමඟ ගැටෙන්නට සිදුවූ චරිත අතර සිටි රාජකීය සමාජිකයින් පිළිබඳවයි මේ කියන්නට යන්නේ
 


 
දෙවෙනි එඩ්වර්ඩ් රජු 
 
ලන්ඩන් බලකොටුවේ සහ එයින් පිටත වූ මති මතාන්තර වලට අනුව දෙවෙනි එඩ්වර්ඩ් රජු සහ ඔහු ගේ ප්‍රියතම දේශපාලන මිත්‍රයකු වන පියස් ගැවෙස්ටන් අතර ආදර සම්බන්ධතාවයක් පැවත්වුනා කියල විශ්වාශයක් පැතිරී තිබුණා. නමුත් මධ්‍යතන යුගයේ ඉතිහාසඥයින් ඒ පිළිබදව වූ සත්‍ය කතාව නිරතුරුවම දොරට පසුපස තබා අගුල්ලන්නට කටයුතු කළා. ඉතිහාසඥයින් විසින් ඔවුන් අතර පැවුතුනු මෙම සම්බන්ධතාව විශේෂිත මිත්‍ර සම්බන්දතාවයක් බවට පමණක් බව පවසනවා. සරණපාවා ගත් සහෝදරයින් ලෙස හැඳින්වුණු පියස් සහ එඩ්වර්ඩ් පළමුවෙන්ම හමුවන්නේ 1297 වර්ෂයේදී. එදා පටන් ඔවුන් අතර ආදර සම්බන්ධතාවයක් පවතින බවට පැවසෙනවා. කෙසේ නමුත් දෙවෙනි එඩ්වර්ඩ් හැදින්වෙන්නේ එංගලන්තයේ සිටි වඩාත් අසාර්ථකම රජෙක් හැටියටයි. 
 
ඔහුගේ රාජ්‍ය කාලය ප්‍රශ්න වලින් පිරි ගිය යුගයක් ලෙස හැඳින්වෙනවා . ඒ වගේම එඩ්වර්ඩ් ට කිසිම දවසක අනියම් භාර්යාවන් නොසිටි රජෙක් ලෙසට ප්‍රකටයි. එඩ්වර්ඩ් රජු 1308දී විවාහ කරගත් බිරිඳ වුනු ප්‍රංශයේ ඉසබෙලා රැජිණටත් වඩා තමන්ගේ සමලිංගික සහකරුවා සහ පෙම්වතා වුනු ගවස්ටන් පිළිබදව අවධානය යොමුකළ බවට රජමාලිගය තුල ප්‍රකට කරුණක් වුණා. එඩ්වර්ඩ් රජු පියස් ට ලබා දුන් ගරු නම්බුනාම සහ සැලකිලි පිළිබදව රජ පවුලේ සහ මහජනයා තුල පැවතුනේ ඉතාමත් පිළිකුලක්. 
 
එඩ්වර්ඩ් ගේ මේ සමලිංගික ඇසුර පිළිබදව නොඉවසු ඉසබෙලා රැජිණ සිය සැමියාගේ රාජධානිය පැහැරගැනීමට කටයුතු කරන්නෙත් ඇයගේ ප්‍රියතමයකු වූ වංශාධිපති රොජර් මොටිමර් සමඟ එක්වීමෙන්. 1327 දී සිය 14 හැවිරිදි පුත්‍රයා වුනු තුන වන එඩ්වර්ඩ්ට රජකම බාර දී කිරුළ අත්හරින ලෙස එඩ්වර්ඩ් ට බලකෙරෙනවා .එවැන්නක් එංගලන්ත රාජකීය ඉතිහාසය තුල ඇතිවුයේ ප්‍රථම වතාවටයි.
 
කෙසේ නමුත් 1327 සැප්තැම්බර් 21 වැනිදා ගුද මාර්ගයට රත් වූ යකඩ කූරකින් ඇන එඩ්වර්ඩ් රජු සහාසික ලෙස ඝාතනය කර තිබුණා.
 
 
පළමුවැනි සහ හයවන ජේමිස් රජු 
 
හය වන ජේමිස් ලෙස ස්කොට්ලන්තයටත් පළමුවන ජේමිස් ලෙස එංගලන්තයට සහ අයර්ලන්තයට රජු වූ ජේමිස් රජු 1625 ඔහු මියයන තුරුම මෙම රාජධානියෙහි රජකම් කරනවා. සිය ජිවිත කාලය පුරාම පිරිමි පාර්ශවයට පමනක් පෙම් කල ජේමිස් රජු සිය පෙම්වතුන්ට නිරතුරුවම වංශවත් නම්බුනාම සහ බලතල ප්‍රධානය කල රජෙක් ලෙසට ප්‍රකටයි. එකල විසූ බලවත් පවුල් සිය පුත්‍රයින් රජුගේ ආදරය දිනා ගැනීමට රාජ සභාවට එවීමට කටයුතු කර තිබුණේ බල ලෝබය නිසාවෙන්මයි. ජේමිස් ගේ පළමු පෙම්වතා වුනු එස්මේ ස්ටුවර්ට් හමුවන විට ජේමිස් 13 වියෙහි පසුවුණා. 
 
එවකට 37 වියෙහි පසුවුණු එස්මේ තරුණ වියේදීම රජුවුන ජේමිස්ට උපදේශකවරයෙක් වූ බවට පැවසෙනවා. කෙමෙන් මහලු වියට පත් වන විට ජේමිස් රජු තමන්ට උපදේශක තනතුරට තබාගත හැකි තරුණ කඩවසම් ශක්තිමත් පිරිමින් කෙරෙහි ආකර්ෂණය වෙනවා. ජේමිස් විවාහ වෙන්නේ ඩෙන්මාර්ක් හි ඈන් කුමරිය සමඟින්. රජුගේ මෙම විවාහය අසාර්ථක විවාහයක් ලෙස හැටියටයි සැලකෙන්නේ. ජේමිස්ට 1614දී ජෝර්ජ් විලර්ස් හමුවෙනවා. බිෂොප්වරයකු වූ ගොඩ්රිෆි ගුඩ්මන් පවසන පරිදි ජෝර්ජ් විලර්ස් එංගලන්ත සිටි කඩවසම් සිරුරක් සහ මනහර චරිත ස්වභාවයක් සහිත පුද්ගලයෙක්. 
 
රජුගේ අනුග්‍රහයට පාත්‍ර වුනු විලර්ස් ට බකින්හම්හි ආදිපාදවරයකු ලෙස බලවත් මිනිසෙක් බවට පත්වෙන්නට හැකියාව ලැබුණා. කෙසේ නමුත් 1625 දී ජේමිස් රජු පාචනය රෝගය වැළඳී මියයනවා. ඒ වනතුරුම ඔහු පිරිමින් සමඟ විවිධ සම්බන්ධකම් පැවැත්වූ බවට සදහන් වෙනවා.
 
 
පළමුවන චාල්ස් රජු 
 
ජේම්ස් රජුගේ පුතනුවන් වුනු පළමුවන චාල්ස් රජු කෙරෙහි තමාගේ බලය යොදවන්නට ජෝන් විලර්ස් සමත් වෙනවා. හම්ප්ටෝන් රජ මැදුරේ තිබෙන ඇපලෝ සහ ඩයනා නම් වූ සිතුවෙමෙහි පළමුවන චාර්ල්ස් රජු සහ ජෝර්ජ් විලස් ද දැක්වෙනවා. 
 
එම සිතුවමට අනුව පළමුවන චාර්ල්ස් සහ ඔහුගේ බිරිද වූ හෙන්රිටා මාරියා රැජින අසුන්ගෙන සිටිනවා. අනික් පසින් බකින්හම් හි ආදිපාදවරයකු වුනු විලර් සහ ඔහුගේ බිරිද හිඳගෙන සිටිනවා. සිතුවමට අනුව තමන්ගේ බිරින්දෑ වරුන්ට දක්වනවාට වඩා සෙනෙහසකින් ඔවුන් දෙදෙනා එකිනෙකා දෙස බල සිටිනවා. 
 
මෙය ඔවුන්ගේ බැදීම් පිලිබදව කදිම සාක්ෂියක් ලෙස සැලකෙනවා.
 
 
ඈන් රැජින 
 
ඈන් රැජිනට ඇයගේ සමීපතම සහ විශ්වාසවන්තම මිතුරිය වුනු සාරා චර්චිල් හමුවෙන්නේ කුඩා අවදියේමයි. එකිනෙක තුල ලියන ලද ලිපි තුලදී මිසිස් ෆිමන් සහ මිසිස් මොලී ලෙස තම තමන් ආමන්ත්‍රණය කරනු ලැබුවේ ඈන්ගේ අදහසක් අනුව බව පැවසෙනවා. දිගු කෙස් සහ නිල් ඇස් සහිත සාරා නිරතුරුවම ආත්ම අභිමානයෙන් යුතු මඳක් කෝප ගන්නා චරිතයක් ලෙස හැඳින්වෙනවා. 1702 දී රැජිණිය බවට පතු වූ ඈන් සාරාට දැඩිව ආදරය කල නිසාවෙන්ම මාළිඟාව තුල බලතල සහ තනතුරු රැසක් ඇයට ප්‍රදානය කල බවට සැලකෙනවා.
 
කෙසේ නමුත් සාරාගේ ඉවවහා ගිය ආත්ම අභිමානයෙන්ම ඇයගේ විනාශයට හේතුවන බවත් සඳහන්. සාරාගේ නෑ සහෝදරයකු වූ අභිගෙල් මාෂම් වෙත ආකර්ෂණය වන්නට වූ ඇන් රැජින කෙමෙන් සාරාව නොසලකා හරිනවා. අභිගෙල් ඉතාම මුදු භාවාත්මක චරිතයක්. ඈන් රැජිනට අවශ්‍ය වන්නේ එවන් බැඳීමක්. ඒ නිසාවෙන් ඔවුන් එකිනෙකාට දැඩිව ආලය කරන්නට දැඩිව පෙළඹෙනවා. නමුත් මෙම සම්බන්ධතාවය නිසාවෙන්ම ඉතාමත්ම කෝපයට පත්වූ සාරා ඈන්ගේ විශ්වාසය බිඳ දමමින් ඇය පිලිබදව හෙළිදරව් කරන්නට කටයුතු කරනවා. සාරාගේ ලේකම්වරයා වූ ආතර් රැජිනට එරහිව දේශපාලන පත්‍රිකාවක් බෙදා හරින්නටත් ඈ කටයුතු කළා. 
 
රැජිනගේ ප්‍රේම සම්බන්ධතාවයන් බලතල ප්‍රධානයන් පිළිබඳව රාත්‍රී කාලයේදී ඇගේ ජීවිතය පිළිබඳවත් එහි සඳහන් වුණා. එවකට බිරිඳක් සහ මවක් වූ ඈන් රැජිණ දුර්වල සෞඛ්‍ය තත්වය හේතුව නිසාවෙන් පිඩා විඳිමින් සිටි කාලයක්. 
 
බොහෝ වාරයක් ගැබ් ගත්තත් ඒ ගැබ් ගැනීම් ගබ්සා වීම් සහ මළදරු උපත් ලෙසට අවසන් වී තිබුණා. කෙසේ නමුත් සාරාගේ හෙළිදව්ව නිසාම එන්සින්ටන් මාළිගාවේ රැජිනගේ පෞද්ගලික කාමරය තුළ රැජින සහ සාරා අතර දරුණු වාදයන් පැන නැගී තිබුණු අතර ඉන් අනතුරුව කිසිම දිනක රැජින සහ සාරා එකිනෙකට කතා නොකළ බවත් සඳහන් වෙනවා.
 
 
ඇරබෙලා හන්ට් 
 
දෙවන මේරි රජිනයට සහ ඈන් රැජිනියට සංගීතය ඉගැන්වූ දක්ෂ සංගීතඥයකු වූ ඇරබෙලාගේ හඬ ගී ගායනය කුරුල්ලෙක් තරම්ම මනහර වූ බව ඉතිහාසඥයින් පවසනවා. සුන්දරව විනා වයන්නියක ලෙස සාමාන්‍ය ජනයා අතර වඩාත්ම ප්‍රසිද්ධ වූ ඇය 1680 දී ජේමිස් හ්වාර්ඩ් නම් පුද්ගලයකු සමග විවාහ වෙනවා ඔවුන් විවාහ වී මස 6ක් පමණ ගත වන තුරු ඇරබෙලගේ මවගේ නිවසේ එකට ජිවත් වෙනවා. කෙසේ නමුත් ජේමිස් යනු පිරිමි ඇඳුමින් සැරසී සිටි ඇම්පොල්ටර් නම් වූ කාන්තාවක් බවත් ඒ වනවිටත් මෙම කාන්තාව ආතර් පොල්ටන් නම් වූ මිනිසකු සමඟින් විවාහ වී සිටිබවටත් පැවසෙනවා. 
 
කෙසේ නමුත් පසුව ඇරබෙලා සහ ද්වි ලිංගික කාන්තාවක් වූ ඇමි අතර සිදුවූ විවාහය අවලංගු කරන්නට කටයුතු කර තිබුණා. ඇරබෙලා වගේම රජමැදුරේ සිටි තවත් සේවකයින් අතරත් සාමාන්‍ය ජනයා අතරත් ඈත අතීතයේ පටන් සම ලිංගික ද්වි ලිංගික සහ විෂම ලිංගික බැදීම් තිබී ඇති බවට ඉතිහාසය තුළින් කියවෙනවා. 
 
එකල එවැනි බැදීම් නිත්‍යනුකුල නොවුණු නිසාම ඒවා දොරටු පිටුපසින් සඟවා තබන්නටත් ඉතිහාසඥයින් උනන්දු වූ බවට පැවසෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top