නාඳුනන පුද්ගලයකු සිදු කළ ප්‍රහාරයකින් චීනයේ බෙයිජිං නගරයේ පාසල් දරුවන් විසිදෙනකු තුවාල ලබා තිබෙනවා.
බෙයිජිං හි ෂිචෙන් දිස්ත්‍රික්කයේ පාසලකට මෙම ප්‍රහාරය සිදුව ඇති බවයි සඳහන් වන්නේ.
ප්‍රහාරයට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රහාරකයා මිටියකින් සිසුන්ට පහර දී තුවාල සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. පසුගිය කාලය පුරා පාසල් දරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා චීනය තුළ වර්ධනය වීමක් දක්නට ලැබෙනවා.