Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
09
"වැඳලා යනකොට පොරොන්දු උනා, මුහුදු වෙරළට යන්නේ නෑ කියලා.." - එකම ආයතනයක එකට සේවය කර එකම දින එකට අවසන් ගමන් ගිය අඹ යහළුවෝ දෙදෙනා

- "වැඳලා යනකොට පොරොන්දු උනා, මුහුදු වෙරළට යන්නේ නෑ කියලා.." - එකම ආයතනයක එකට සේවය කර එකම දින එකට අවසන් ගමන් ගිය අඹ යහළුවෝ දෙදෙනාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,511 Views
මගේ මුනුපුරා පෙට්‌ටියකින් ගෙදර ඒවි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ 
 
දිය නාමින් ඉන්න අතරේ එක්වරම අතුරුදහන් වෙලා 
 
"අලුත් අවුරුද්දේ වැඩ පටන් ගැනීමට පෙර කන්දෙ විහාරය වැඳපුදාගෙන වැඩ පටන් ගැනීම හොඳ නේද ආත්තම්මේ කියා මගේ දෙපා වැඳ සමුගෙන අලුත් අවුරුද්ද ලැබූ දා පාන්දරින්ම ගෙදරින් පිටව ගිය මගේ මුනුපුරා පෙට්‌ටියකින් ගෙදර ඒවි කියා හීනෙකින්වත් මා හිතුවේ නෑ. අනේ මම මේ දුක කොහොම ඉවසා දරා ගන්නද යෑයි" වයෝවෘද්ධ මාතාවක්‌ තැබූ විලාපයෙන් ඇල්පිටියේ ඇල්ල කළුගල්විල, අක්‌කර 50 ගම්මානයම මොහොතකට සසල වුණා. 
 
නව වසර උදාවී හෝරා කිහිපයක්‌ ගතවෙද්දී, අළුත්ගම කන්දෙවිහාරය වැඳ පුදා ගැනීමට ගොස්‌ එන අතරතුරදී කොස්‌ගොඩ මුහුදේ දියනෑමට ගොස්‌ අකාලයේ ජීවිතක්‍ෂයට පත්වූ ඇල්පිටිය ඇල්ල, කළුගල්විල, අක්‌කර 50 ගම්මානයේ පදිංචිව සිටි දීමන්ත ඕෂාන් වීරසිංහ (19) තරුණයාගේ අකල් මරණය ගැන කම්පාවට පත්ව සිටි ඔහුගේ මිත්තනිය වන සමරකෝන් මුදියන්සේලාගේ හේමවතී (84) මහත්මිය තැබූ විලාපයයි ඒ.

සිය මුනුපුරාගේ අකල් මරණයෙන් දැඩි කම්පනයට පත් හේමවතී මහත්මිය මෙසේද පැවැසුවා. 
 
"දීමන්ත පුතා මට වැඳල යනවිට මම කිව්වෙ අනේ රත්තරන් පුතේ මුහුදු වෙරළට නම් යන්න එපා කියලයි. එවිට පුතා මට පොරොන්දු වුණා අත්තම්මේ මුහුදු වෙරළට යන්නෙ නෑ කියල. දීමන්ත පුතාගේ අම්මා රට රැකියාවකට ගිහින්. එයා හිටියේ මගේ ලොකු දුව ළඟ. එයා එදා කන්දෙවිහාරයේ ඉදල ලොකු දුවට කෝල් කරලත් තියෙනවා." 
 
දීමන්ත එයාගේ ගජ මිතුරා වන වලිමුණිදේව සම්පත් බණ්‌ඩාර සමඟ ඔවුන් සේවය කළ කුරුඳුගහ වෑල්ඩින් වැඩපළේ හිමිකරු ඇතුළු පවුලේ සැම සමඟ නව වසර ලැබූ දා අළුත්ගම කන්දෙවිහාරය වැඳපුදා ගැනීමට ගොස්‌ නැවත එන ගමනේදී කොස්‌ගොඩ මුහුදේ දිය නෑමට ගොස්‌ සුළු වේලාවකදී අතුරුදන්වී තිබෙනවා. 
 
අනතුරුව කොස්‌ගොඩ පොලිසියේ නිලධාරීන් නාවික හමුදා කිමිදුම්කරුවන් සමඟ එක්‌වී ඔවුන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනීමට මෙහෙයුම් කළත් එම ප්‍රදේශයේ ඉතා රළු රළ පහර නිසා සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බව සඳහන්. 
 
අනතුරුව දින 2 කට පසු ඔවුන් දෙදෙනාගේ සිරුරු කොස්‌ගොඩ වෙරළට ගොඩගසා තිබුණා. 
 
1974 ජුලි මස 24 දින ඇල්ල, කළුගල්විල ගමේදී උපත ලැබූ දීමන්ත ගා/තණබද්දේගම කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා අනතුරුව ගා/ශාසනචන්ද්‍ර මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්‌වා අධ්‍යාපනය හදාරා ජාතික ආධුනිකත්ව පුහුණු අධිකාරියේ ඉගල්කන්ද වෘත්තීය පුහුණු අභ්‍යාස ආයතනයේ වඩු කාර්මික පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකර වෑල්ඩින් වැඩපළක සේවය කර තිබෙනවා. 
 
එම ආයතනයේ හිමිකරු පවුලේ අය සහ එහි සේවය කළ වලිමුණිදේව සම්පත් බණ්‌ඩාර (14) සහ දීමන්ත ඕෂාන් වීරසිංහ (19) සමඟ නව වසර උදාවූ දින අළුත්ගම කන්දෙවිහාරය වැඳ පුදා ගැනීමට ගොස්‌ නැවත එන අතරතුර දිවා ආහාරය ලබා ගැනීම සඳහා කොස්‌ගොඩ මුහුදු වෙරළ ආසන්නයේ නතර වූ අවස්‌ථාවේ ඔවුන් සමඟ සිටි අයගේ බලවත් විරෝධය මත මොවුන් දෙදෙනා ඇඳසිටි ඇඳුම් පිටින්ම මුහුදට පැන ඇත්තේ දියනෑම සඳහායි. 
 
එහෙත් නිමේෂයකින් ඔවුන් දෙදෙනා රුදුරු රළ පහරට හසුව දියඹට ගසාගෙන යන අයුරු වෙරළේ සිටි සැමදෙනා දැක ඇතත්, එම ප්‍රදේශයේ මුහුදේ රළු බව නිසා ඔවුන් බේරා ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නැහැ. 
 
දීමන්ත සමඟ එකට අවසන් ගමන් ගිය වැලිමුණි දේව සම්පත් බණ්‌ඩාර (14) කුරුඳුගහ, අනුරුද්ධගම අංක 40 නිවසේ පදිංචිව සිට ඇත්තේද තම සොහොයුරියගේ නිවසේයි. ඔහුගේ මවද විදේශ රැකියාවක නිරත වී සිටිනවා. 
 
2004 ජුනි මස 28 දා උපත ලබා ඇති සම්පත් බණ්‌ඩාර ගා/අනුරුද්ධගම කනිටු විදුහලේ 8 වසර දක්‌වා අධ්‍යාපනය ලබා පාසල් අධ්‍යාපනයෙන් සමුගෙන කුරුඳුගහ නගරයේ වෑල්ඩින් වැඩපළක කම්කරුවකු ලෙස මියයන තුරුම සේවය කර තිබෙනවා. 
 
මොවුන් දෙදෙනා කලක සිට එකම ආයතනයක රැකියාව කරමින්, එකට ගමන් බිමන් යමින් ජීවත්ව ඇත්තේ කළණ මිතුරන් ලෙසයි. 
 
මොවුන් දෙදෙනාගේ මරණ පිළිබඳව පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණය බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ඉෂාරි ප්‍රනාන්දු මහත්මිය විසින් පවත්වා දියේ ගිලී හුස්‌ම හිරවීමෙන් හා කම්පනයෙන් සිදුවූ මරණ බවට නිගමනය කරන ලැබුවා. 
 
- විදාන ආරච්චි කීර්තිරත්න
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  69 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  415 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  168 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  412 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  754 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  5,060 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  491 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  810 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  606 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  491 Downloads



Top 10 Commenters

Latest Comments

Top