Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
08
"බිරිඳගේ හිස ළඟ ඇහැළ මල් තියලා යාඥා කළා.." - බිරිඳගේ ගෙල කපා හිස පූජාවකට අරන් ගිය සැමියා හෙළි කරන ඇඟ කිළිපොලා යන කතාව - Video

- "බිරිඳගේ හිස ළඟ ඇහැළ මල් තියලා යාඥා කළා.." - බිරිඳගේ ගෙල කපා හිස පූජාවකට අරන් ගිය සැමියා හෙළි කරන ඇඟ කිළිපොලා යන කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,558 Views
පුතාලා දෙන්නා මාත් එක්ක පොර බැදුවා 
 
මාව ඒ තුන්දෙනා තල්ලු කළත් මම ආයෙමත් බිරිඳට කෙටුවා 
 
ස්කූටි බයික් එකේ කකුල් දෙක ළඟ හිරකරගෙන ඔලුව අරන් ගියා 
 
‘සර් මගේ ගෑනි නිතරම කියනවා මාවයි දරු දෙන්නවයි දාලා යනවා කියලා. ඒ වෙලාවට මගේ ඇඟට බලයක් එනවා. ඒක දෙවියන්ගේ බලය. එතකොට මට එක එක දේවල් හිතෙනවා. මගේ දරුවෝ දෙන්නට දුකක් දෙන්න බෑ. ඒ දෙන්නට දේව ශාපයෙන් දුක් විඳින්න දෙන්න බැහැ. දරුවෝ දෙන්නා මරලා මටත් මැරෙන්න ඕනේ....‘ 
 
පසුගියදා රත්නපුර පොලීසිය මඟින් අත්අඩංගුවට පත්වූ සැකකරුවෙකු අපරාධ විමර්ශන අංශයේ ස්‍ථානාධිපතිවරයාට එසේ ප්‍රකාශ කර තිබුණා. 
 
‘ඇයි තමන්ට ඔහොම හිතෙන්නේ...?‘ 
 
‘මගේ දරුවෝ පණුවෝ ගහලා මැරෙයි සර්.. දේව ශාපය නිසා තමයි මේ සේරම වුණේ...‘ ඔහු කියාගෙන යනවා. 
 
එහි සත්‍යතාවය ගැන ස්ථානාධිපතිවරයා තැකීමක් නොකළේ ඊට වඩා දරුණු වැඩක් ඔහු කර තිබෙන නිසායි. වසර ගණනාවක් තිස්සේ දුක සැප බෙදාගෙන එකට ජිවත් වූ සිය බිරිය වූ වසන්ති කුමාරිට පිහි දෙකකින් හා කැත්තකින් පහර දී මරා ඉන්පසු ඇගේ ගෙල කපා ඇගේ හිස සිය යතුරු පැදියේ දමාගෙන වෙනත් ප්‍රදේශයකට රැගෙන යාම ඔහුට තිබුණු චෝදනාවයි.

එසේ රැගෙන ගිය බිරියගේ හිස සෝදා පිරිසිදු කොට මල් පූජා කොට ඊට වඩා හොඳ ආත්මයක ඉපදෙන්නට ලැබේවා යැයි ප්‍රාර්ථනා කොට කාලය ගතකරමින් සිටියදී පොලීසියට ලැබුණු තොරතුරක් මත ඔහු අත්අඩංගුවට පත්වුණා. 
 
ඇස්පනාපිටම පහරදී තම මව මරා දමා හිස කොටස රැගෙන ගිය බවට රත්නපුර පොලීසියට පැමිණිල්ලක් කර තිබුණේ ඔහුගේම පුතු වූ තරිඳු දිල්ශාන් විසින්. ඔහුට වයස අවුරුදු පහළොවක්. දහය වසරේ ඉගැනුම ලබන ඔහුට සහෝදරියක් ද සිටිනවා. 
 
‘එදා රෑ අපි සේරමලා කාලා නිදාගත්තා. රෑ එකට විතර අයියෝ මාව බේරගන්න කියලා සද්දයක් ඇහිලා අපි අවදි වුණා. මමත් මගේ නංගිත් සාලෙට ඇවිත් බලනකොට අම්මා උඩුබැලි අතට වැටිලා හිටියා. අම්මගේ ඔලුවට තාත්තා පිහියෙන් අනිනවා. අපි අම්මා බේරගන්න තාත්තා අතේ තිබුණු පිහිය උදුරගන්න ගිය වෙලාවේ අයියගේ (නිවසේ සිටි ඥාති පුතා) අත් දෙකත් කැපුණා. කොහොමහරි මම අතේ තිබුණු පිහිය ගත්තා. ඒක විසි කරලා එද්දි තාත්තා ආයෙමත් අම්මව අල්ලගෙන අම්මගේ බෙල්ලටයි ඔළුවටයි කොටනවා දැක්කා. මම ඒ පාරත් තාත්තා අතේ තිබුණු මන්නය උදුරලා අරගෙන විසි කළා...‘ 
 
‘ඊට පස්සේ...?‘ 
 
‘ඊට පස්සේ සර් තාත්තා ගෙදර තිබුණු කැත්ත අරගෙන ඇවිත් අම්මගේ බෙල්ලට ආයෙමත් කෙටුවා. පස්සේ තාත්තා එයාගේ ස්කූටර් එකේ නැගලා ගියා. මම ගිහින් ගේට්ටුව වැහුවා. සාලය හැමතැනම ලේ. අම්මා ඒ වෙලාවේ බිම වැටිලා හිටියේ. මම බිම වැටිලා හිටිය අම්මව රෙද්දකින් පෙරව්වා. ඒත් එක්කම තාත්තා ආයෙත් ගේට්ටුව ඇරගෙන ඇතුළට ආවා. අපි හොඳටම බයවුණා. අපි නාන කාමරයට ගිහින් දොර වහගත්තා. ටික වෙලාවකින් ඇවිත් බලනකොට තාත්තා ගිහින්. ඊටපස්සේ තමයි සර් අපි ලොරියකින් පොලීසියට ආවේ...‘ 
 
පොලීසියට ලැබුණු පැමිණිල්ල වහා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට දැනුම් දුන් අපරාධ විමර්ශන අංශය බාර ස්ථානාධිපතිවරයා කණ්ඩායමක් සමඟ සිද්ධිය වූ ස්ථානයට ගියේ ඉන් පසුවයි. රත්නපුර පොලීසියේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් ඊසාන දෙසට වන්නට සිද්ධිය වූ ස්ථානය පිහිටා තිබුණා. පොලීසිය ඉන් අනතුරුව රෙද්දකින් වසා තිබූ දේහය පරීක්ෂා කොට විමර්ශන ආරම්භ කරනු ලැබුවා. 
 
මේ සඳහා පොලිස් සුනඛයන්ද යොදා ගනු ලැබුවා. ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් සාක්ෂි විමසීම ඇරඹුණා. සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් ලෙස සිටියේ තිදෙනෙක්. ඒ මියගිය වසන්ති කුමාරිගේ පුතු, දියණිය හා ඥාති සොහොයුරෙකුගේ පුතෙකුයි. ඔවුන්ගේ ප්‍රකාශ අනුව වසන්ති කුමාරි ඝාතනය කළේ ඇගේම සැමියා බව තහවුරු කරගත් පොලිස් නිලධාරින් විමර්ශන ආරම්භ කරනු ලැබුවා. 
 
විමර්ශනයේදී පොලීසිය ඇතිවුණු එකම ගැටලුව වූයේ සැකකරු විසින් මරණකාරියගේ හිස රැගෙන පලා ගියේ ඇයිද යන්නට හේතු සෙවීමයි. විමර්ශනයේදී සැකකරුගේ පුතා කීවේ තම පියාට මානසික රෝගයක් ඇති බවත්, වරෙක ඔහු ඉන්දියාවට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දුන්නත් පියා නිතරම තමාට දේව බලයක් තිබෙන බව කියවමින් සිටින බවයි. 
 
‘අපි ඉන් පස්සේ ඒ මාර්ගය අවට සීසිටීවි කැමරා පරීක්ෂා කළා. ඒ කැමරාවල සටහන් වෙලා තිබුණා මේ සැකකරු ගෑනු කෙනාගේ ඔලුව බයිසිකලේ ඉස්සරහ දාගෙන යන එක. පස්සේ මිනිහා ඒක කැබ් එක ඇතුළේ දාගෙන යනවා...‘ 
 
‘අපි මේ මනුස්සයා ගැන හොඳින් හොයලා බැලුවා. එතකොට අපි දැනගත්තා මෙයා වටරවුම් පාරේ පදිංචියට එන්න කලින් ඉඳලා තියෙන්නේ රිලාගල වත්තේ බව. මෙයාගේ ඥාතිනුත් එහේ ඉන්නවා. ඒ නිසා අපි දැනගත්තා සමහරවිට මේ මනුස්සයා එහේ ඉන්න පුළුවන් කියලා. අපේ සිවිල් නිලධාරින් කට්ටියක් ඔය වත්තට ගියා. මිනිහා බයිසිකලේ නැගලා යනකොට අපිට අල්ලගන්න පුළුවන් වුණා...‘ 
 
සැකකරු කොටුකර ගත් ආකාරය අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා හෙළි කළේ ඒ ආකාරයෙන්. දෑතට මාංචු දමා රත්නපුර පොලීසියට රැගෙන ආ සැකකරු ඉන්පසු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණයක් කළා. ගනේෂන් දරු දෙදෙනෙකුගේ පියෙක්. ඔහු රත්නපුර වටරවුම් පාරේ අංක 48 නිවෙසේ පදිංචිව සිටියේ වසන්ති කුමාරි හා මෙම දරුවන් සමඟින්. 
 
ගනේෂ්ගේ රැකියාව වූයේ යකඩ බඩු වෙළඳාමයි. වසර 12ක පමණ කාලයක සිට මෙම රැකියාවේ නියුතු ඔහු එමඟින් සල්ලිකාරයෙකු බවට පත්ව තිබුණා. වාහන දෙක තුනක් මිලදී ගැනීමට ඔහුට හැකිවූයේ මෙම රැකියාව නිසයි. දරු දෙදෙනාට අමතරව සහෝදරියක වන ඥාති පුතෙකුත් මෙහි පදිංචිව සිටියා. ඒ ගනේෂන්ගේ රැකියාවට උදව් කිරීමටයි. එහෙත් වැඩිකල් නොගොස් ගනේෂ්ගේ ව්‍යාපාර කඩාවැටුණා. 
 
කෙසේ වෙතත් හිටිහැටියේ කිසියම් ආවේගශීලි බවකට පත්වන ගනේෂන් ඒ තමන්ට දෙවියන් විසින් දුන් බලවේගයක් යැයි හිතන්නට ගත්තා. තම ව්‍යාපාරය කඩවූයේද දෙවියන්ගේ දෝෂ නිසා බවයි ඔහු සඳහන් කර තිබුණේ. ඒත් ඔහුගේ දරුවන් හා බිරිඳ සිතුවේ ඔහුට මානසික අසහනතාවයක් ඇති බවයි. ඒ සඳහා ඔහුට ප්‍රතිකාර ලබා දී තිබෙනවා. ඒත් ඔහු නිතරම සිටියේ දේව දෝෂය ගැන කතා කරමින්. 
 
එම තත්ත්වය නිසා බිරිඳද සිටියේ සිත් තැවුලෙන්. ඒ නිසා ඇයද නිතරම ඔහුට කියා තිබුණේ තමාට මේ කරදරය හිත මත තබාගෙන දිගටම ජිවත් විය නොහැකි නිසා තමා සියල්ල අතහැර දමා යන බවයි. මේ නිසා ඔහු ද සිත්තැවුලෙන් ජිවත් වුණා. මේ නිසා තම දරුවන්ට දුක් විඳින්නට සිදු වෙතැයි ඔහු නිතර සිතන්නට ගත්තා. පොලීසියේ ප්‍රශ්න කිරීම් හමුවේද ඔහු ඒ බව කියා සිටියා. 
 
‘මගේ අම්මා තාත්තා මිය ගිහින්. අපි මුලින් පදිංචි වෙලා හිටියේ කොස්ඉන්න වත්ත ප්‍රදේශයේ ඒ පැත්ත කලවාන පොලීසියට තමයි අයිති. ඒ වත්තේ ඉන්නකොට මම වත්තේ දළු කැඩුවා. වසන්ති කුමාරිත් ඒ වත්තේ දළු කැඩුවා. ඒ ගමන් අපි යාළු වුණා. පස්සේ අපි මීට වසර කිහිපයකට කලින් විවාහ වුණා. අපි එකට හොඳින් කෑවා, ඒ පවුල් ජිවිතෙන් අපිට දරුවෝ දෙන්නෙක් ලැබුණා. ඒ ඉන්න ගමන් මම යකඩ බඩු එකතු කරන්න පටන් ගත්තා. ඒකෙන් හොඳ ආදායමක් ලැබුණා...‘ 
 
‘අවුරුදු 15ක් විතර මම ඔය රස්සාව කළා. ඒ අතරේ තමයි අපි පිටරවුම් පාරේ ඉඩම අරන් පදිංචියට ආවේ. එහෙදිත් අපි හොඳ පවුල් ජිවිතයක් ගත කළා. යකඩ බඩු වෙළඳාමත් කරගෙන ගියා. ඔය අතරේ සර් මගේ බිරිඳ නිතරම කියන්න පටන් ගත්තා මාවයි දරුවෝ දෙන්නවයි දාලා යනවා කියලා. මම ඇහුවා, ඇයි ඒ මොකටද යන්නේ ඔයාට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ විදිහට එයා නිතරම කියවනවා. ඒ නිසා අපි දෙන්නා අතරේ ප්‍රශ්න ඇතිවුණා..‘ 
 
ගනේෂන් සිය බිරිය මරා දැමීමට හේතු වූ කරුණු කාරණා පොලීසිය හමුවේ පවසද්දි පොලීසිය ඔහුගේ ප්‍රකාශ සටහන් කරගත්තා. 
 
‘අනේ මම දන්නේ නෑ සර්. දෙපාරක්ම මාව දාලා යන්න හදද්දි මම නතර කරගත්තා. පස්සේ නෝනා කිව්වා එයාට සල්ලි ඕනෑ කියලා. ඒ සති දෙකකට විතර කලින්. මම බැංකුවෙන් ලක්ෂ 58ක් අරන් එයාගේ එකවුන්ට් එකට දාලා දුන්නා...‘ 
 
‘එහෙම දීලත් නෝනා යනවා කිව්වද..?‘ පොලීසිය ප්‍රශ්න කළා. 
 
‘ඔව් සර්.. අපිව දාලා යනවා කිව්වම මම ඇහුවා වෙන මිනිහෙක් එක්කද යන්නේ කියලා. එයා කිව්වා වෙන පිරිමි කෙනක් එක්ක යන්නේ නැහැ කියලා. මම හිතුවා මාවයි දරුවෝ දෙන්නවයි දාලා බිරිය යයි කියලා...‘ 
 
ඒ ඉකුත් දෙසැම්බර් 28 වැනිදා. ගෙදර සියල්ලම එකතු වී පරිප්පු වඩේ හදමින් හිටියා. 
 
‘වඩේ හදනකොටත් බිරිය කිව්වා ජනවාරි පළමුවැනිදා නැත්තම් දෙසැම්බර් 31 වැනිදා අපි තුන්දෙනාම දාලා එයා යනවා කියලා. මගේ බිරිඳගේ අක්කගේ පුතත් සති දෙකක් තිස්සේ අපේ ගෙදර නැවතිලා හිටියේ. රෑ කාලා නවයට විතර අපි ඔක්කොම නිදාගත්තා. දරුවෝ එක කාමරයක ඇඳක් නිදාගත්තා. මමත් බිරියත් සාලයේ නිදාගත්තා. ඒ ඉන්නකොට මාවයි දරු දෙන්නවයි දාලා බිරිය යනවා කිව්ව කතාව මට මතක් වුණා. ඒක මට දරාගන්න බැරිවුණා..‘ 
 
‘මම කුස්සියේ ආයුධ තියෙන තැනට ගියා. පිහි තුනක් අරන් සාලයට ආවා. එකක් පොඩි පිහියක්. අනික වක් පිහියක්. ඒවා අරන් ඇවිත් නිදාගෙන හිටිය බිරියගේ බෙල්ලට කෙටුවා. ඒ නිසා නෝනා ඇහැරිලා කෑ ගහන්න පටන් ගත්තා. මාව මරන්න එපා කියලා කෑ ගහනකොට අපේ පුතයි දුවයි අනිත් පුතයි සාලයේ ලයිට් දාගෙන එතැනට ආවා. පුතාලා දෙන්නා මාත් එක්ක පොර බැදුවා. දුව කෑ ගැහැව්වා තාත්තේ අම්මව මරන්න එපා කියලා... මාව ඒ තුන්දෙනා තල්ලු කළත් මම ආයෙමත් බිරිඳට කෙටුවා. දහපාරක් විතර කෙටුවා. මම එයාගේ බෙල්ල වෙන් කරලා අරන් මගේ ස්කූටි බයික් එකේ කකුල් දෙක ළඟ හිරකරගෙන අරන් ගියා...‘ 
 
මෙසේ ඔහු බිරියගේ හිස රැගෙන ගොස් කෙළින්ම යන්නේ රිලාගල වත්තටයි. කිසිවෙකු එහි නොපැමිණෙනු ඇතැයි ඔහු බලාපොරොත්තු වුණා. වත්තේ ඉහළට ගිය ඔහු බිරියගේ හිස වතුරෙන් සෝදා දැමුවා. 
 
‘පස්සේ මම බිරිඳගේ හිස ළඟ ඇහැළ මල් තියලා එයාට යාඥා කළා. පස්සේ මම වත්තට ගිහින් අලුත් ඇඳුමක් ඇඳගෙන ආයෙත් බිරියගේ හිස තිබුණු තැනට ආවා. එතකොට වෙලාව පාන්දර හතරට විතර ඇති. හතරේ ඉඳන් අට වෙනකන් මම බිරිඳගේ ඔළුව ‍ළඟ යාඥා කරමින් එතැනට වෙලා හිටියා...‘ 
 
පසුව ඔහු මස්සිනාගේ මාර්ගයෙන් තමා පසුපස පොලීසිය ලුහුබඳින බව දැනගෙන තිබෙනවා. ඔහුගේ ප්‍රකාශ මත වත්තේ තිබූ බිරියගේ හිසද සොයා ගැනීමට නිලධාරින්ට හැකිවුණා. 
 
කෙසේ වෙතත් විමර්ශනයෙන් අනතුරුව සියල්ලම හෙළි වීමෙන් පසු සැකකරු අධිකරණයට ඉදිරපත් කිරීමට පියවර ගැණුනා. එහිදී ඔහු බන්ධනාගාර ගත කිරීමට තීරණය කෙරුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  67 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  415 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  168 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  412 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  751 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  5,054 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  491 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  808 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  605 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  489 Downloads



Top 10 Commenters

Latest Comments

Top