Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
08
"තාත්තා කොකේන් හා මත්පැන්වලට දැඩිව ඇබ්බැහි වෙලා හිටිය නිසා ආර්ථික ප්‍රශ්න එක්ක ජිවත් වුණේ.." - ලෝකප්‍රකට ගායිකා රෙහානා කියයි

- "තාත්තා කොකේන් හා මත්පැන්වලට දැඩිව ඇබ්බැහි වෙලා හිටිය නිසා ආර්ථික ප්‍රශ්න එක්ක ජිවත් වුණේ.." - ලෝකප්‍රකට ගායිකා රෙහානා කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,461 Views
"සල්ලි ප්‍රශ්න නිසා තාත්තා එක්ක වීදිවල රෙදි වික්කා.."

"කෙනෙකුට උදව් කරන්න පොහොසත් වෙන්න හෝ ප්‍රසිද්ධ වෙන්න ඕන නැහැ.."

"අපි සියලු දෙනාම මනුෂ්‍යයන්, අප බලාපොරොත්තු වන්නේ අපට අවස්ථාවක්. ජීවත් වීමට අවස්ථාවක්, අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක්, අනාගතය වෙනුවෙන් අවස්ථාවක්. මෙම මනරම් ශාලාව තුළ මට පෙනෙනවා අපේක්ෂාවන් දැල්වුණු මුහුණු, මිනිසකුට තව මිනිසකු වෙනුවෙන් කළ හැකි දේ කොතරම් නම් තිබෙනවාද?

ඔව්, ඔබ සැම කෙනකුටම තව එක්කෙනකුට උදවු කළ නොහැකිද?

ඔව් එකම එක්කෙනකුට වුව ආපසු කිසිවක් බලාපොරොත්තු නොවී උදවු කළ හැකි නම් මට අනුව නම් ඔහු හෝ ඇය තමා මානුෂීය පුද්ගලයා. එවන් කෙනෙක් වීමට ඔබ බොහෝ ලොකු පොහොසතෙක් විය යුතුම නෑ. ප්‍රසිද්ධ කෙනෙක් විය යුතුම නැහැ.

උසස් අධ්‍යාපනයක් ලැබූ කෙනෙක් විය යුතුම නැහැ. එය ආරම්භ වන්නේ ඔබේ අසල්වැසියාගෙන්. පන්තියේ ඔබ අසල වාඩිවී සිටින කෙනාගෙන්. ඔබේ නිවෙස ඇති මාවතේ වෙසෙන කුඩා දරුවාගෙන්. ඔබට හැකි පමණින්, හැකි වෙලාවක උදවු කරන්න. එය ඔබට මහා ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. ඒත් එය ලබන තැනැත්තාට හෝ තැනැත්තියට එය මහමෙරක්. මගේ ආච්චි අම්මා සැම විටම පැවැසුවේ 'ඔබට ඩොලරයක් ඇත්නම් එහි බෙදා ගැනීමට බොහෝ තිබෙන බව'

ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් පිදෙන "2017 වසරේ මානුෂිකත්වය සම්මානය" පිළිගනිමින් රිහානා විසින් පවත්වන ලද සරල, අර්ථවත්, අපූරු කතාවෙන් බිඳකුයි ඒ.

ලොව පුරා ජනප්‍රිය කීර්තිමත් පුද්ගලයන් අනුගමනය කරන ඔවුන්ට සවන් දෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සිටිති. ඔවුන් යහපත් දෙයක් පැවැසීම, යහපත් ක්‍රියාකාරකම්වල යෙදීම බොහෝ වැදගත් වන්නේ ඒ නිසයි.

උතුරු ඇමෙරිකාවේ දකුණු ප්‍රදේශයට නැඟෙනහිරින් කැරිබියන් මුහුදේ පිහිටි දූපත් සමූහයකින් එකකි 'බාබඩෝස්' දූපත. 1988 පෙබරවාරි 20දා එහි උපත ලබන කුඩා දැරියට නම තැබුණේ Robyn Rihanna Fenty යනුවෙනි. ඇය දිනෙක 'රිහානා' යන නමින් ලෝක ප්‍රසිද්ධ වී ඒ රටට සම්පතක් වන බව කිසිවකු නොසිතන්නට ඇත. ඇගේ ළමා කාලය එතරම් සතුටුදායක නොවුණේ පියා කොකේන්වලටත් මත්පැනටත් ඇබ්බැහි වූවකු වීම නිසාය.

පවුලේ අගහිඟතා පැවතුණු අතර ඇයට තම පියා සමඟ එක්ව වීදියේ රෙදි විකිණීමට පවා සිදුවිය.

ඇගේ දෛවය නිසි මඟට යොමු වන්නේ 2003දී ඇමෙරිකානු සංගීත තැටි පටිගත කරන ශිල්පියකු විසින් පාසල් වැඩසටහනකදී මේ දක්ෂ දැරියව අනාවරණය කරගැනීමෙනි.

ඔහු වයස දාහතක් වන බාල වියේ පසුවූ ඇයට සංගීත ඇල්බමයක් කිරීමට අත හිත දුන්නේය. එක රැයෙන් ලක්ෂ සංඛ්‍යාත සංගීත ලෝලී ජනතාවකගේ හදවත් තුළ ලැගුම් ගත්තේ බලාපොරොත්තු වූවාටත් වඩා ඉහළ ආදායම් වාර්තා තබමිනි. 2003 ඇරැඹි ඒ සංගීත චාරිකාවට අදට දශකයකටත් වඩා වැඩි කාලයක් ගතවී ඇත. අද ඇය ක්‍ෂේත්‍ර ගණනාවක ක්‍රියාකාරිනියකව සිටී.

සංගීතඥවරියක, ගේය පද රචිකාවක, ගායිකාවක, ව්‍යාපාරිකාවක, රංගන ශිල්පිනියක, නර්තන ශිල්පිනියක, මෙන්ම මෝස්තර නිරූපණ ශිල්පයේද පුරෝගාමිනියක ලෙස ඇය නමක් දිනාගෙන ඇත. රිහානාගේ වත්කම ඩොලර් මිලියන 260ක් ලෙස තක්සේරු කර ඇත.

2008දී තවත් කාන්තා කලාකාරිනියන් පහළොස් දෙනකු සමඟ එකම වේදිකාවේ ඇය විසින් නිර්මාණය කරන ලද “Stand Up to Cancer” රූපවාහිනි ප්‍රසංගය ඩොලර් දශලක්ෂ 100ක ආදායමක් ඉපිදවීය. ඒ මුදල් පිළිකා පිළිබඳ දැනුවත් කිරීම, නව ඔෟෂධ සොයා ගැනීම ආදී විවිධ පිළිකා මර්දන වැඩසටහන්වලට පරිත්‍යාග විය.

2012දී Clara Lionel Foundation  නමින් තම මවගේ මවුපියන් සිහි කරමින් අනුස්මරණ පදනමක් පිහිටුවා ගන්නා රිහානා තම ප්‍රසංගවලින් ලබා ගන්නා මුදල් එයට බැර කරන්නේ පිළිකා මර්දන ඔෟෂධ පරීක්ෂණාගාරයකටය.

ලොව පුරා ඒඩ්ස් රෝගය වැලඳුණු ළමයින් හා කාන්තාවන් සඳහා ද ඇගේ තවත් සංවිධානයක් ක්‍රියාත්මක වේ. ළමා විකලාංග රෝහලක් වෙනුවෙන් ඇය ඩොලර් ලක්ෂයක් 100,000ක් ලබා දෙන ලදී. සියලු ස්වාභාවික ආපදාවන්හිදී ඇය විසින් ඩොලර් මිලියන ලක්ෂ ගණනින් දායක වී ඇත.

යනුවෙන් “23 Ways You Could Be Killed If You Are Black in America”  ඔබ ඇමෙරිකානු කළු ජාතිකයකු නම් ඔබට මරණයට පත්වන්නට සිදු වන 23 විදියක් යනුවෙන් ඇය විසින් නිර්මාණය කරන ලද අන්තර්ජාල වීඩියෝව ඉමහත් ආන්දෝලනයට ලක්විය.

පොලිසිවලින් කෙරෙන ම්ලේච්ඡ ක්‍රියා පිටුදකින්නට ද ඇය සටනක් කරගෙන යයි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද මැදපෙරදිග හා අප්‍රිකානු රටවලින් ඇමෙරිකාවට පැමිණීම තහනමට විරුද්ධව උද්ඝෝෂණවලට ද ඇය එක්වී සිටී.

හිටපු ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් රිහානා ප්‍රශංසාවට ලක් කළේ "ඔබ මනුෂ්‍යයන්ට ආත්මාභිමානයක් ගෙනදෙන සටනේ ප්‍රබල ශක්තියක් බවට පත්ව තිබෙනවා" යනුවෙනි.

2018 සැප්තැම්බර් 21 දින 'Ambassador at-Large'  යනුවෙන් බාර්බඩෝස් රජය විසින් ඇයට තම "මවුබිම වෙනුවෙන් ක්‍රියා කිරීමට විශේෂ තානාපති වරප්‍රසාදයක් ලබාදෙන ලදී. එම රටේ අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන දියුණු කර ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට බලතල දෙමිනි.

මැඩෝනා, මයිකල් ජැක්සන් ආදීන්ට නොදෙවැනි ලෙස තමාටම සුවිශේෂී වූ අනන්‍යතාවකින් සංගීත ලෝලීන්ව ඇදබැඳ ගැනීමේ විශිෂ්ට හැකියාව ඇය සතුය.

ඇය සැරසෙන ඕනෑම ඇඳුමක් පසු දිනම වෙළෙඳපොළ ආක්‍රමණය කරයි. ඇගේ සංගීත ඇල්බම් ඩොලර් මිලියන ගණනින් මුදල් උපයයි. එහෙත් ඇගේ සමකාලීනයන් අතර රිහානා ඉස්මතුව පෙනෙන්නේ ඒ නිසාම නොවේ. ඇය කැපී පෙනෙන්නේ අෑ තුළ ඇති මානවවාදී ජීව ගුණයෙනි.

"මට අවශ්‍ය ජනප්‍රියතාවයෙන් යුතු උසස් සංගීත නිර්මාණයක් කිරීමයි. එයින් ලෝකය සතුටු කිරීමටයි. අනෙක් සෑම දෙයක්ම එය පසු පස එන දේවල්"

රිහානා පවසන්නේ කලාකරුවකුගේ කාර්යභාරය තම නිර්මාණය සාර්ථකව ඉදිරිපත් කිරීම බවයි. බටහිර සංගීත ලොවේ "ලිංගිකත්වයේ සංකේතය" ලෙස ඇයව හුවා දක්වමින් මාධ්‍ය ලෝකය මලක් වටා කැරකැවෙන බඹරුන් මෙන් ඇය වටා ගුම් නාද නැඟුවද ඇය විසින් එය සම්බන්ධව පළ කරන්නේ වෙනත් අදහසකි.

"මා ඒ නිසා උද්දාමයට පත්විය යුතු බව ඇත්තයි. එහෙත් එය මට ගෙනෙන්නේ සතුටකට වඩා අපහසුතාවක්"

වෛද්‍ය ලංකා සිරිවර්ධන




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,104 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,338 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,140 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,755 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,160 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,772 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,653 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,679 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,639 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,996 Downloads



Top 10 Commenters

Latest Comments

Top