Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
08
"සෙලීනාගේ හොරකම් කළ බිලියන ගණනක මුදල ගෙවන්න බැරිවුණු නිසා මම එයාව මැරුවා" - ලෝක ප්‍රකට ගායිකාව ඝාතනය කළ හැටි ඇයගේ රසිකාවියක් හෙළි කරයි - Video & Photos

- "සෙලීනාගේ හොරකම් කළ බිලියන ගණනක මුදල ගෙවන්න බැරිවුණු නිසා මම එයාව මැරුවා" - ලෝක ප්‍රකට ගායිකාව ඝාතනය කළ හැටි ඇයගේ රසිකාවියක් හෙළි කරයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,611 Views
මම යනකොට පිස්තෝලයත් අරගෙන ගියා 
 
වෙඩි වැදීමෙන් දැඩි ලෙස පෙනහළු ඉරිලා 
 
සුප්‍රකට බීට්ල්ස් ගායක ජෝන් ලෙනන්ගේ ඝාතනයත්, ලෝක ප්‍රකට ගායකයෙකු වූ එල්විෆ් ප්‍රෙස්ලිගේ අකල් මණයෙනුත් පසු කථාබහට ලක් වූ මරණයක් ලෙස හැඳින්විය හැක්කේ ‘මැක්සිතන් මැඩෝනා‘ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ ලතින් ඇමරිකානු ගායිකාවක් වූ සෙලීනා ක්විට්හිල්ලා ගේ මරණයයි. 
 
ටෙක්සාස් ජනපදයේ උපත් ලැබූ සෙලීනා පුරුෂ ආධිපත්‍යයන්ව පැවති ටෙජානෝ සංගීත ක්ෂෙත්‍රය තුළ සිදුකළ අති විශේෂ නිර්මාණාත්මත ගායනා නිසා ඇය ‘ටෙජානෝ රැජිණ‘ නමින් ප්‍රකට වුණා. 
 
අනූව දශකයේ ලතින් ඇමරිකානු ගායිකාවක් ලෙස අතිශයින් ජනප්‍රියත්වයට පත් වෙමින් සිටියදී ඇය ඝාතනයට ලක්වීම සංගීත ක්ෂේත්‍රයේ පමණක් නොව මුළු මහත් බටහිර ලෝකය පුරාම අතිමහත් ආන්දෝලනයක් ඇති කරවන්නක් වුණා.

අති විශාල රසික රසිකාවයින් රැසකගේ ආදරය දිනා සිටි ඇයව ඝාතනය කළේ ඉතාම විශ්වාසනීය එමෙන්ම ඈ ළඟින්ම සිටි රසිකාවියක් විසින් බව එරට මාධ්‍ය වාර්තා කළා. ගොලන්ඩා කල්ඩිවර් නම් වූ ඇය සෙලීනාගේ රසිකාවියක් මෙන්ම ‘සෙලීනා රසික හවුලේ‘ සභාපතිනිය ලෙසත් කටයුතු කළා. 
 
සෙලීනා විසින් ආරම්භ කළ රෙදිපිළි ව්‍යාපාරයේ පරිපාලන කටයුතු සියල්ලම කරනු ලැබුවේද යොලන්ඩා විසින්. 
 
ඇය ඒ තරම් සෙලීනාගේ විශ්වාසවන්තියක් බවට පත්ව සිටියා. එහෙත් කලක් ගත වීමත් සමඟ මෙම රෙදි පිළි ව්‍යාපාරයට ලැබෙන මුදල් ක්‍රමයෙන් අතුරුදහන් වීම පිළිබඳව සොයා බැලු සෙලීනාට දැනගන්නට ලැබුණේ යොලන්ඩා එම මුදල් වංචනික ලෙස සොරකම් කරන ලද බවයි. 
 
මින් කෝපයට පත් සෙලීනා තම විශ්වාසවන්තියව රැකියාවෙන් නෙරපා දමනවා. එහෙත් රෙදි ව‍්‍යාපාරයේ මුල්‍යමය විස්තර යොලන්ඩා සතුව තිබීම නිසා ඒ සියලුම දේවල් ආපසු භාරදෙන ලෙස සෙලීනා ඇයට පවසා සිටි නමුත් ඇය එය මඟ හැර සිටියා. 
 
මේ පිළිබඳව කථා කර ගැනීමට ඩේස් ඉන් (fays Inn) නැමැති හෝටලයට එන මෙන් සිය මිතුරිය වූ යොලන්ඩාට ඇය දැනුම් දුන්නා. සියළු මූල්‍යමය ලියකියවිලි සහිත බෑගය රැගෙන යොලන්ඩා හෝටලයට පැමිණ සිටි අතර එහිදී දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වී තිබෙනවා. 
 
ඒ අතරදී බැංකු කටයුතු සහ වෙනස් මූල්‍යමය තොරතුරු රැසක් සහිත බෑගය උදුරාගත් සෙලීනා හෝටල් කාමරයෙන් එළියට යාමට දොර ළඟට දුව යද්දි පිටුපසින් පැමිණි යොලන්ඩා අත් බෑගයේ සඟවා ගෙන තිබූ පිස්තෝලයකින් සෙලීනාට වෙඩි තබා තිබෙනවා. 
 
වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල සහිතවම කාමරයෙන් එළියට දිව ගිය ඇය සිය රථය නතර කර තිබූ ස්ථානයට ළඟාවෙන විටත් බිම වැටී සිටියා. හෝටලයේ කළමණාකාරවරිය වහා මේ බව 911 සේවයට කතා කොට තුවාල සහිතව ලේ විලක් මැද වැටී සිටි සෙලීනාව ‘කොප්‍රස් ක්‍රිස්ටි‘, නැමැති පෞද්ගලික රෝහලට රැගෙන ගියා. 
 
යොලන්ඩා විසින් තැබූ වෙඩිල්ල සෙලීනාගේ දකුණු උරහිසට වැදීමත්, ඉන් ප්‍රධාන රුධිර නාලයක් කැඩී ගොස් තිබීමත් එක් පෙනහළුවක් දැඩිලෙස ඉරී ගොස් තිබීමත් හේතුවෙන් සෙලීනා ඊට මොහොතකට පෙර රෝහල තුළදීම මරණයට පත්වුණා. 
 
සෙලීනාට වෙඩි තබා පළා ගොස් සිටි යොලන්ඩා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදු වූ අතර ඇය සිය රථයේ සැඟවී තම පිස්තෝලයෙන්ම දිවි නසා ගැනීමට සුදානම් වෙද්දි ඇය අල්ලගැනීමට නිලධාරින්ට හැකිවුණා. අත්අඩංගුවට පත් වූ යොලන්ඩා තමා සෙලීනා මරා දැමූ බව පිළිගත්තා. 
 
එවැන්නක් සිදු කිරීමට ප්‍රධාන හේතුව ලෙස ඇය පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ සෙලීනාගෙන් සොරකම් කළ ඩොලර් 2000000 ආපසු ගෙවීමට නොහැකි වීම මෙන්ම ඇය ඒ බව පොලීසියට පැවසුවහොත් සිරබත් කෑමට ඇති බය නිසා එසේ කළ බවත්ය. එහෙත් ඇය සෙලීනා හමුවීමට පිස්තෝලයක් රැගෙන ඒමත්, හෝටල් කළමානාකාරවරියගේ සාක්ෂියත් හේතුවෙන් අධිකරණය මඟින් ඇයට ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබුවා. 
 
පනස් හතර වියේ පසුවන හොලන්ඩා ටෙක්සාස් ජනපදයේ ගේට්ගෙවිල් සිරගෙදර රඳවා සිටින අතර මේ වන විට දැඩි ලෙස රෝගතුරව සිටින බව සඳහන් වනවා. කෙසේ වෙතත් අතිශයින් ජනප්‍රිය ලතින් ඇමරිකානු ගායිකා සෙලීනා ගේ අකල් වියෝවත් සමඟ රසික රසිකාවියන් දැඩි ලෙස ශෝකයට පත්ව සිටිනවා. 
 
- රෝහණ ආර්යරත්න
‘මැක්සිතන් මැඩෝනා‘ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ සෙලීනා අනූව දශකයේ ඉමහත් ජනප්‍රියත්වයට පත් ගායිකාවක් වුණා...
 
 
‘ටෙජානෝ රැජිණ‘ නමින් ප්‍රකට වූ සෙලීනා..
 
 
ඇයව ඝාතනය කරනු ලබන්නේ ඇගේම රසිකාවියක් ලෙස සමීපයෙන් සිටි, සෙලීනා රසික හවුලේ සභාපතිනිය වූ යොලන්ඩා විසින්.. පහත ජායාරූපවල සිටින්නේ ඇයයි.
 
 
සෙලීනාගේ දේහය....
 
 
 
 
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  384 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,465 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,385 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,177 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,163 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,215 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,852 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,702 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,712 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,653 Downloads



Top 10 Commenters

Latest Comments

Top