Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
07
"ආර්ථික වාසියක් නැතත් මේවා රටට ලෝකෙට යනව නම් හොඳයි.." - විස්මිත නිපැයුම්වලින් දස්කම් පෙන්වන තරුෂි කියන කතාව - Photos

- "ආර්ථික වාසියක් නැතත් මේවා රටට ලෝකෙට යනව නම් හොඳයි.." - විස්මිත නිපැයුම්වලින් දස්කම් පෙන්වන තරුෂි කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,884 Views

ඒ දවස්වලට හොයා ගෙන ඇවිත් සම්මුඛ සාකච්ඡා ගන්නවා 

කාලෙකට පස්සේ අපි කරන දේවල් අමතක වෙනවා

තෝමස් අල්වා එඩිසන් විදුලි බුබුල නිපදවීමට උත්සාහ කරන අතරතුර නවසිය අනූනව වතාවක් අසාර්ථක විය. එහෙත් සිය උත්සාහය අත්නොහැරි එඩිසන් කියා සිටියේ 'බල්බයක් නිපදවීමට නොහැකි අවස්ථා 999ක් තමන් සොයාගත්' බවයි. බල්බයක් නිපදවන ක්‍රමය සොයා ගැනීම එයින් පහසු වෙන බවත් ඔහු කීවේය. 

අවසානයේදී ඔහු බල්බය සොයා ගත්තේය. නව නිපැයුම් යනු ලොව නව මාවතකට රැගෙන යන මිනිසුන්ගේ අපිරිමිත කැප කිරීමකින් ලබන ප්‍රතිඵලයයි. එදා මෙදා තුර මානව සංහතියේ චිරපැවැත්ම උදෙසා නව නිපැයුම් තුළින් ලද පන්නරය අතිමහත්ය. වත්මන් ශ්‍රී ලාංකේය සමාජය බෙහෙවින් පසුගාමී බවත්, ඉඳිකටුවක්වත් නිෂ්පාදනය කිරීමේ හැකියාවවත් නොමැති බවත් ඇතැමුන් කලක සිට නැඟූ අඳෝනාවකි.

එකී අඳෝනාව සත්‍යයක් වන තරමටම තත්ත්වය කනගාටුදායක වූයේ සත්‍ය වශයෙන්ම එවැනි නිපැයුම්වලින් බොහෝ දෙනා දුරස් වූ නිසාය. එහෙත් ඉතිහාසය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය.


මෙරටට තරම් විස්මිත වාරි තාක්ෂණයක් කිසිවකුට තිබුණේ නැත. මෙරටට අනගි සිතුවම් කලාවක්, ගොවිතැන් කලාවක්, නව නිපැයුම් කලාවක් තිබිණි. අරුම පුදුම තාක්ෂණයකින් සැකසුණු සීගිරිය නූතන ලෝකය පවා විස්මයට පත්කරවනසුලුය. පැරණි ශ්‍රී ලාංකිකයාගේ අතිශය විස්මිත නිර්මාණයක් වූ සීගිරිය ලාංකික සංස්කෘතිය හා ඔවුනගේ ප්‍රතිභාපූර්ණ නිර්මාණ ශක්තිය පිළිබඳ අපූර්වත්වය සමස්ත ලෝකයා හමුවේ තබන අතිදැවැන්ත නිර්මාණයකි.
 
එහෙත් ලාංකිකයන්ට ඇත්තේ සියවස් ගණනාවක් තිස්සේ කිය කියා පාරම්බෑමට එවැනි අතීතකාමයන් පමණි. මන්දයත් මෙසමය යනු එවැනි නව උත්පාදනයන් අල්ප වශයෙන් බිහි වන්නාවූ කාලයකි. එහෙත් එම මතය වෙනස් කොට නව නිපැයුම් ආශ්‍රයෙන් නව හැරවුම් ලක්ෂ්‍යයන් සණිටුහන් කරන්නන් මේ කොදෙව්වෙහි නැතිවාම නොවේ. එසේ වුවද ඒ සඳහා අතහිත දෙන්නට කිසිවෙකු නොමැති වීම ඛේදවාචකයකි. මෙයද එවැනි අතහිත නැත්තියකගේ කතාවකි.
 
පසුගිය වකවානුවේ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ සිසුවියක් පරිසර හිතකාමී 'ලන්ච් බෑගය' ඇතුළු නව නිර්මාණ දාහතක් නිර්මාණය කළ පුවතක් සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය ඔස්සේ පළ විය. ඇය නමින් තරුෂි විදුෂිකා රාජපක්ෂ නම් වෙයි. පරිසරයට හානි කරන පොලිතින් සඳහා විකල්ප රාශියක් ඇය සතු විය. මේ පරිසර හිතකාමී ලන්ච් බෑගය ඉන් එකකි.
 
"පොලිතින් පරිසරයට විශාල ගැටලුවක් වෙලා. විශේෂයෙන් ලන්ච් ෂීට්. ඒ සඳහා විසඳුමක් වශයෙන් මම යළි ප්‍රයෝජනයට ගත හැකි පරිසර හිතකාමී බෑගයක් නිර්මාණය කළා. එය නිර්මාණය කර තිබෙන රෙදි වර්ගය හිරු එළියෙන් ස්වභාවිකවම විනාශ වෙනවා. ඒකෙන් පරිසරයට හානියක් වෙන්නේ නැහැ."
 
මේ එවකට තරුෂි තමාගේ නිර්මාණය පිළිබඳ මාධ්‍ය වෙත පළ කළ අදහස්ය.
 
මෙකී පුවත වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍යයන්හී පළ වීමත් සමඟම තරුෂිගේ අධ්‍යාපනය සහ නිර්මාණ කටයුතු සඳහා උපදෙස් සහ මූල්‍යාධාර ලබාදීමට කැමැත්තෙන් පසු වූ රජයේ ආයතන, මූල්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන, පරිසර සංවිධාන සහ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ඇතුළු විශාල පිරිසක් ඇය පිළිබඳ විමසමින් එකී මාධ්‍යයන් වෙත පණිවුඩ එවා තිබිණි.
මේ අතර තරුෂි සහ ඇයගේ මවුපියන් සම්බන්ධ කර ගැනීමේ අරමුණින් එම මාධ්‍යයන් වෙත දුරකථන ඇමතුම් ලබා දුන් පිරිස අතර දේශපාලනඥයෝද වූහ.
 
කෙසේ නමුත් තරුෂි අවුරුදු 18 ඉක්මවා නොමැති බැවින් සහ එක්සත් රාජධානියේ පවතින දත්ත ආරක්ෂා කිරීමේ පනතට (Data Protection Act) එම මාධ්‍යයන් යටත් වන බැවින් දුරකථන අංක ඇතුළු ඇයගේ පෞද්ගලික තොරතුරු තුන්වන පාර්ශවයක් වෙත ලබදීමේදී මවුපියන්ගේ අවසරය ලබා ගැනීමට සිදුවී ඇත.
 
එහෙත් අද පවතින්නේ ඊට හාත්පසින්ම වෙනස් වුණු තත්ත්වයකි. මිනිසාට යම් දෙයක් ස්මරණයේ රැඳෙනුයේ ඉතා කෙටි කලක් පමණි. එම නිසා තමන් පවසන බොහෝ දේ ක්‍රියාවට නංවන්නේ වෙනත් කෙනෙකු මතක් කළහොත් පමණි. තරුෂිට නව නිපැයුම් සඳහා කොතෙකුත් උපකාර කරන්නන් ඉදිරිපත් වුවද එය ක්‍රියාවට නංවන්නට ඔවුනට අතපසු වී ඇති සෙයකි.
 
නව නිර්මාණ ක්ෂේත්‍රයේ තරුෂි දක්වන දක්ෂතා දෙස රටේ අවධානය යොමු වීමත් සමඟ ඇයගේ අද තත්ත්වය කෙබඳුද යන්න සොය බැලීම වටී.
 
අද තත්ත්වය
 
තරුෂි සහ ඇයගේ මවුපියන් පවසන ආකාරයට තම නිවසට පැමිණි බොහෝ දෙනෙකු සිය නිෂ්පාදන සහ නිවස පිළිබඳ ඡායාරූප ගෙන ගොස් ඇති නමුත් ඉන් ඉදිරියට සැලකිය යුතු පියවරක් ගෙන නොමැත. ඒ පිළිබඳ නැවත සොයා බලන්නට කවරෙකුවත් නැත.
 
"ඒ දවස්වලට හොයා ගෙන ඇවිත් සම්මුඛ සාකච්ඡා ගන්නවා. නිවුස්වල යනවා. ඒක මට අවස්ථාවක්, නමුත් කාලෙකට පස්සේ අපි කරන දේවල් අමතක වෙනවා. ඒවට මොනා වෙනවද කියලා කවුරුත් දන්නේ නැහැ."
 
තරුෂි රාජපක්ෂ මේ පිළිබඳව දැක්වූයේ එවැනි අදහසකි. ඇය නිර්මාණය කරන ලද නව නිපැයුම් පිළිබඳ බොහෝ දෙනා කතාබහ කොට ඒ සඳහා උදවු උපකාර ලබාදීමට ඉදිරිපත් වීම පිළිබඳව ඇය තුටු සිතින් සිහිපත් කළද ඒ සියල්ල පසුකාලීනව අමතක වීම පිළිබඳව ඇය පසුවන්නේ දැඩි කලකිරීමෙනි.
 
"මට ආර්ථික වාසියක් නැතත් රටට, පරිසරයට හොඳක් වෙන ලන්ච් බෑග් එක ජනතාව අතරට ගෙනි යන්න නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනව නම් හොඳයි."
 
ඇයට අවැසි වන්නේ ලාභ ප්‍රයෝජන හෝ ආර්ථික වාසි නොවේ. මේ වටිනා නිපැයුම ජනතාව අතරට ගෙන යාම පමණි. ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නෙක් දිරිපත් වන්නේ නම් වටී.
 
මේ අතර පසුගිය අගෝස්තු 06 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 'ජාතික තිරසර කථිකාවට' සහභාගී වූ සිය දියණිය වසර 2030 දී සිය ඉදිරි බලාපොරොත්තු මැයෙන් මිනිත්තු හතක කතාවක් කළ බවද තරුෂිගේ මව පැවසීය.
 
ඒ සඳහා පුහුණුවීමට කොළඹ බලා යාම සඳහා අවස්ථා තුනකදී රත්නපුරට මෝටර් රථයක් එවූ බව කී ඇය උත්සවයෙන් අනතුරුව සිය දියණියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට අවස්ථාව ලැබුණු බව සඳහන් කළාය.
 
පොරොන්දු ඉටු වෙලාද?
 
තරුෂි පවසන පරිදි සිය 'ලන්ච් බෑගය' මිලදී ගැනීමට ඉදිරිපත් වී ඇත්තේ තමන් ඉගෙනුම ලබන රත්නපුර සුමන බාලිකා විදුහලමය.
 
එහි සිසුවියන් 2,800ක් පමණ ඉගෙනුම ලබන බව කී තරුෂිගේ මව 'ලන්ච් බෑග්' 300ක් නිෂ්පාදනය කිරීම සඳහා පාසල් විදුහල්පතිනිය පාසල් සමිතිය මාර්ගයෙන් අත්තිකාරමක් ලබාදී ඇති බව සඳහන් කළාය.
 
ඊට අමතරව නිෂ්පාදනය කළ 'ලන්ච් බෑග්' අලෙවි කරදීම සඳහා අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන සමාගමක් ඉදිරිපත් වී ඇත. නව නිර්මාණ කිරීමේදී තමා මුහුණ දෙන අභියෝග පිළිබඳ මාධ්‍ය වාර්තා පළ වීමෙන් අනතුරුව අධ්‍යාපන දෙපාර්තමේන්තුව සිය ඉගෙනීමේ කටයුතු සඳහා මාසික ශිෂ්‍යාධාරයක් ලබාදීමට කටයුතු කළ බවත් තරුෂි පැවසීය.
 
තරුෂිට අවැසි වන්නේ මේ නව නිර්මාණය සමස්ත ශ්‍රී ලාංකිකයාගේ චිර පැවැත්ම උදෙසා භාවිත වනවා දැකීමටය. දිනෙන් දින උග්‍ර වන කසළ බැහැර කිරීමේ ගැටලුව නිසා මේ වන විට නගරාශ්‍රිත ප්‍රදේශ මෙන්ම ග්‍රාමීය ප්‍රදේශද විශාල අර්බුදයකට මුහුණ පා ඇත. නගර සභා සහ ප්‍රාදේශීය සභා මේ කසළ බැහැර කිරීම සඳහා වෙනත් විකල්ප භූමි භාගයන් මේ වන විට සොයමින් පවති. එවැනි මොහොතක කසළවලින් බහුතරයක් පවතින නොදිරන පොලිතින් ගැටලුවට විසඳුම තරුෂී මේ වන විට සොයාගෙන හමාරය. එහෙත් මේ විකල්පය ජනගත කිරීම සඳහා වැඩපිළිවෙළක් තවමත් නොමැතිය.
 
නව නිපැයුම් කරන්නෙක් බලාපොරොත්තු වන්නේ තමන්ගේ චිරපැවැත්ම නොව මුළු මහත් සමාජයටම ඉන් අත්වන ප්‍රගමනයයි. තවමත් පාසල් දැරියක් වුවද තරුෂිද එවන් නිපැයුම් කරමින් එහි ප්‍රතිඵලයක් ලෙස සමාජයේ ප්‍රගමනය අපේක්ෂා කරන්නියක්ය. ඇය තම සුවිශේෂී නිර්මාණයට කිසිවෙකුගෙන් හෝ උපකාරයක් නොමැති වුවද ඉන් නොනැවතී තව තවත් නිර්මාණ පරීක්ෂණයන්හී නිරත වන්නීය.
 
මේ වන විට තරුෂි සිය දහඅට වැනි නව නිර්මාණයද ආරම්භ කර තිබේ. එය වැඩිදියුණු කළ තේ දලු බෑගයකි. මෙය වඩා ඵල ප්‍රයෝජනවත් වන්නේ වතුකරයේ ජනතාවටය.
ඒ පිළිබඳව තරුෂි දැක්වූයේ මෙවන් අදහසකි.
 
"දලු කඩන අය දැන් පාවිච්චි කරන්නේ පොහොර බෑග් වගේ දෙයක්. මම ඒකට අලුතින් උපාංග එකතු කරලා නවීකරණය කරනවා. ඒකෙන් දලු කඩන පුද්ගලයට පහසුවක් වගේම දලුවල ගුණාත්මකභාවයත් ආරක්ෂා වෙනවා."
 
එම නිර්මාණයද වතුකරයේ අහිංසක ජනතාවට වඩා පහසුවක් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. කෙසේ වුවද මෙවැනි නව නිර්මාණකරුවන් මුහුණපාන ඛේදවාචකයකි. ඔවුන්ට තමන්ගේ නිර්මාණවලට කිසිදු අතහිත දීමක් හෝ කිසිදු අනුග්‍රහයක් ලැබෙන්නේ නැත. අතළොස්සකින් ලැබෙනා දායකත්වයද හුදු වචනයට පමණක් සීමා වුණු දෙයක් වන්නේය. ඔවුන්ට අවැසි වන්නේ නව නිර්මාණකරණයට අනුග්‍රහයක් පමණක් නොවේ. එය මුළු මහත් සමාජයේම ප්‍රචලිත කිරීමට නිසියාකාර වැඩපිළිවෙළකි. ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් කවරෙකු හෝ ක්‍රියාත්මක කරනතුරු තරුෂි වැනි නෙත් බොහෝමයක් දෑස් දල්වාගෙන බලාසිටියි.
 
-රැස (බිබිසී සිංහල)

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,927 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,945 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  8,375 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  27,074 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  27,700 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  248,175 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,191 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,429 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,254 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  49,437 Downloads



Top 10 Commenters

Latest Comments

Top