Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
06
බෙලිඅත්තට ගිය ඓතිහාසික දුම්රිය ගමනේදී ඇමති අර්ජුනට ප්‍රදේශවාසීන්ගෙන් හූ සංග්‍රහයක් - Video

- බෙලිඅත්තට ගිය ඓතිහාසික දුම්රිය ගමනේදී ඇමති අර්ජුනට ප්‍රදේශවාසීන්ගෙන් හූ සංග්‍රහයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,754 Views
මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර - බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ පළමු නිරීක්ෂණ දුම්රිය අද (06) උදෑසන බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට මාතර දක්වා ගමන් ආරම්භ කරන අවස්ථාවේදී ඊට රැස්ව සිටි පිරිසකගෙන් විරෝධයක් එල්ල වුණා. 
 
ඒ හේතුවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් ද පැවති බවයි ප්‍රදේශයේ වාර්තාකරුවන් සඳහන් කළේ.
 
නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටි ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග ඇතුළු පිරිසට ඔවුන් මෙලෙස විරෝධතාවය පළ කළ බවයි වාර්තා වන්නේ. 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට සහය පළ කළ එම පිරිස් ඔවුන්ගේ රුව සහිත බැනර් ද දුම්රිය මාර්ගය දෙපස ප්‍රදර්ශනය කර තිබෙනවා.
 
බෙලිඅත්ත,  ඔවිලාන සහ බඹරැන්ද යන දුම්රිය ස්ථානවල විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ රුව සහිත බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන් රැදී සිටි අතර, ඔවුන් කියා සිටියේ දුම්රිය මාර්ගය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් ඉදිකරන ලද්දක් බවටයි.
 
මේ අතර, බෙලිඅත්ත දුම්රිය ස්ථානය ඉදිකරමින් සිටියදී වහලයකින් ඇද වැටී මිය ගිය සේවකයෙකුගේ ඥාතීන් පිරිසක් ඔවිලාන ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය හරස් කරමින් විරෝධය පළ කළා.  
 
පසුව ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග ඇතුළු පිරිස බඹරැන්ද දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේදී ද එහි රැස්ව සිටි පිරිස් විරෝධතාවය පළ කොට දුම්රියෙහි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ සහ නාමල් රාජපක්ෂගේ රුව සහිත බැනරයක් සවි කිරීමට ද කටයුතු කළා. 
 
පසුව ඔවුන් ප්‍රවාහන අමාත්‍යවරයාට ‘හූ ’කියමින් විරෝධතාව පළ කළ අතර, එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.
 
කෙසේ වෙතත්, ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු පිරිස යළි දුම්රියට නැග මාතර දුම්රිය ස්ථානය දක්වා පැමිණියා. 
 
ඉන් අනතුරුව  ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේ සංවර්ධන කටයුතු සඳහා යොදවන්නේ ජනතා බදු මුදල් මිස දේශපාලනනඥයින්ගේ මුදල් නොවන බවයි. 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,930 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,953 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  8,394 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  27,083 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  27,719 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  248,175 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,191 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,429 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,254 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  49,437 Downloads



Top 10 Commenters

Latest Comments

Top