Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
06
"රුපියල් දාහක් දෙදාහකට නිරුවත පෙන්නලා ප්‍රසිද්ධ වෙන්න බලාපොරොත්තු වෙන අයත් දැන් ඉන්නවා" - ශෂී ඇංජලීනා

- "රුපියල් දාහක් දෙදාහකට නිරුවත පෙන්නලා ප්‍රසිද්ධ වෙන්න බලාපොරොත්තු වෙන අයත් දැන් ඉන්නවා" - ශෂී ඇංජලීනාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,828 Views
දැන් වෙන දේවල් දැක්කම මොඩ්ල් කරනවා කියන්නත් ලජ්ජයි...
හම්බෙන දෙයින් ජීවිතය සාර්ථක කරගන්නවා...

ශෂී ඇංජලීනා කියන්නේ වර්තමානයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චරිතයක්. ඇය නිරුපිකාවක් විදිහට ගීත සදහා නිර්මාණය වන රූපරචනා වලින් දකින්න ලැබෙනවා.  ශ්‍රී ලංකාවේ වැඩිම ගීත රූප රචනා ප්‍රමාණයක රඟපෑ ඇති ඇය සරාගී පෙනුමකින් යුක්තයි. මේ ඇය ගැන පුවත්පතක සදහන් අලුත්ම තොරුතුරු කිහිපයක්...

ෂශිට ක්ෂේත්‍රයට එන්න ලැබෙන පළමු අවස්ථාව කුමක්ද ?
 
 මම ක්ෂේත්‍රයට එන්නේ මියුසින් වීඩියෝ වලට නිරූපණයෙන් සහාභාගි වෙමින්. මට පළමු අවස්ථාව ලැබුණේ 2013 වර්ෂයේ රුවන් හෙට්ටිආරච්චිගේ ගීතයක රූප රචනාවකට පෙනී සිටින්නයි. ඒ මියුසික් වීඩියෝ එක ගොඩක් ජනප්‍රිය වුණා. ඒ වගේම මට තව දුරටත් මියුසික් වීඩියෝ ලැබෙන්න පටන් ගත්තා. මේ හැම දෙයකම මම පෙනී සිටි පළමු මියුසික් විඩියෝව හරහා ලැබුණ දේවල්.
 
අද වනවිට ඔබ කැමැති නිරූපිකාවක් විදිහට හඳුන්වනවාටද ?
 
 ඔව්. බොහෝ දෙනෙක් මාව එහෙමත් හදුන්වනවා. හැබැයි මම ටෙලි නාට්‍ය හතරක විතර මේ වෙද්දි රඟපාලා තියෙනවා. මේ දිනවල අලූත් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. තවම මම ඒක භාරගත්තේ නැහැ. බලමු ඉදිරි කාලයේදී හොද චරිතයක් ලැබුණොත් මම රංගනයටත් යොමුවෙයි.
 
ශෂී රංගනයට දක්වන්නේ අඩු උනන්දුවක් වගෙයි ?
 
පහුගිය කාලේ දිගටම මියුසික් වීඩියෝ වලටම යොමුවෙලා හිටියා. නමුත් මම කැමැතියි රංගනයටත් යොමුවෙන්න. කුමන හෝ හේතුවක් මත අපිට ටෙලි නාට්‍ය වලට කතාකරනවා අඩුයි. ඒ වගේම සමහර අවස්ථාවල මට ලැබුණ අවස්ථා නැතිකර ගත්තා කියලත් හිතෙනවා.
 
ලැබුණ අවස්ථා නැතිකරගත්තා යනුවෙන් අදහස් කළේ ?
 
රූපවාහිනි නිවේදිකාවක් විදිහට ආයතනයකට බැදිලා හිටිය කාලයේ නිවාඩු ලබාගන්න අපහසු නිසා සමහර වෙලාවල ලැබුණ ආරාධනාවන් ඉවත දාන්නත් සිදුවුණා.
 
ඔබගේ නිවේදන කටයුතු වල වර්තමාන තොරතුරු මොනවාද ?
 
මම දැන් කිසිම නාලිකාවකට බැදිලා නැහැ. මම රූපවාහිනී වැඩසටහන් වගේම එළිමහනේ පැවැත්වෙන විවිධ වැඩසටහන් වල නිවේදිකාවක් විදිහට කටයුතු කරමින් ඉන්නවා. පහුගිය කාලේ මම එවැනි වැඩ සටහන් රැසක්ම කළා.
 
නිරූපිකාවන්ට රගපාන්න බැහැ කියල මතයක් තියෙනවා නේද ?
 
රංගනය කියන්නේ වෙනම කලාවක්. මියුසික් වීඩියෝ කියන්නේ තවත් කලාවක්. ඒ දෙකේම තියෙන්නේ රගපාන්න තමයි. හැබැයි ටෙලි නාට්‍ය හා සිනමාවේ රගපාද්දි රගපාන්න ඒක හදාරන්න ඕනෑ. ගොඩක් වෙහෙස වෙන්න ඕනෑ කියලා මම හිතනවා. එතැනදී දෙබස් හැසිරවීම හැගීම් ප්‍රකාශ කිරීම වගේ දේවල්වලදී කිසියම් පුහුණුවක් උවමනායි.
 
ඔබ විශාල මියුසික් වීඩියෝ සංඛ්‍යාවක පෙනීසිටි නිරූපිකාවක් නේද ?
 
මම මියුසික් වීඩියෝ 167 ක් විතර මේ වෙද්දි පෙනී ඉදලා තියෙනවා. මියුසික් වීඩියෝ කරලා දැන් ඒක තරමක් ඒකාකාරී වෙලා. ඒ නිසා හොද ගීතයක් ලැබුණොත් කරනවා කියල තමයි හිතාගෙන ඉන්නේ.
 
අද මියුසික් වීඩියෝ රැල්ලේ ඔබත් සිටිනවාද ?
 
මේ දවස්වල යන රැල්ලට මියුසික් වීඩියෝ වලට පෙනී සිටින්න නම් මගේ කෙහොත්ම කැමැත්තක් නැහැ. සමහර අය ඒවාට පෙනී සිටිනවා. ඒක් ඒ අයගේ කැමැත්ත. මම කොහෙත්ම මගේ නිරුවත පෙන්වන දෙවල් වලට සම්බන්ධවෙලා මුදල් හම්බ කරන්න හෝ ඉදිරියට යන්නේ නැහැ. මම සීමාවක් ඇතිවයි වැඩක් භාරගන්නේ.
 
ඔබ ලිංගිකත්වය මතුකරන මියුසික් වීඩියෝ රැල්ලට එරෙහි වන නිරූපිකාවක්ද ?
 
මේ දේවල් නවත්වන එක අපිට තනිව කරන්න බැහැ. අද ෆොටෝ ෂූට් එක්ක කරලා ඒක මුහුණු පොතට දාලා ඔවුන් මොඩ්ල් කියල කියාගන්නවා. අද මේ ක්ෂේත්‍රයේ තියෙන දේවල් එක්ක මොඩ්ල් කෙනෙක් කියලා කියන්නත් ලැජ්ජයි.
 
අපේ නිරූපිකාවන් මෙවැනි ලිංගිකත්වය මතුකරන මියුසික් වීඩියෝ වලට පෙනී ඉන්නේ වැඩි ආදායමක් ලබන්නද ?
 
පවතින තත්ත්වය නම් කියලා රුපියල් දාහක් දෙදාහකට මේවට පෙනී හිටලා ප්‍රසිද්ධ වෙන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා. අපි ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ පොඩි මුදල් ප්‍රමාණ තමයි ලැබුණේ. හැබැයි අපිට ගැලපෙන කරන්න පුළුවන් හරි වැඩක් විතරයි භාරගත්තේ. අද වෙද්දි මගේ නියමිත මුදලට වැඩක් භාරගන්න මට්ටමට ඇවිත් ඉන්නවා.
 
අපේ රටේ නිරූපණ ක්ෂේත්‍රය වෘත්තීය කරගත්ත කෙනෙකුට ඔබ පවසන සීමාවන් තුළ පැවතීම පහසු දෙයක්ද ?
 
 මම ලොකු ලොකු හීන මවන්නේ නැහැ. මට හම්බවෙන දේ එක්ක මට ජීවිතය සාර්ථක කරගන්න ඇති. හැබැයි හැමදේටම මුදල් ඕනෑ. මුදල් ඕනෑ කියලා මම වැරදි දේවල් පස්සේ ගිහින් මුදල් හම්බ කරන්න නැහැ. අද වැඩක් එන්නෙත් ලෝ බජට් කියලා තමයි. ඉදිරියට මේ ක්ෂේත්‍රයේ පවතින එක හරි අමාරුයි කියලා හිතෙනවා. මේ වෙද්දි තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කළොත් හොදයි කියලා.
 
 මේ ක්ෂේත්‍රයට පිවිසීම ගැන ඇත්තේ අසතුටක්ද ?
 
 කලාව තුළින් මට ලැබුණ දේවල් ගැන සතුටුයි. ඒත් කොතැනකදී හෝ දුකක් තියෙනවා. දැන් පවතින දේවලූත් එක්ක අපරාදේ කියලත් හිතෙනවා.
 
 ධම්මිකා සුරංජි පතිරණ
(දිවයින)

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  68 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  415 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  168 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  412 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  751 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  5,057 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  491 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  810 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  606 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  490 Downloads



Top 10 Commenters

Latest Comments

Top