Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
05
ඉතිහාසය වෙනස් කරමින් කාන්තාවන් දෙදෙනෙක් කෝවිලකට ඇතුළු වෙයි - Photos

- ඉතිහාසය වෙනස් කරමින් කාන්තාවන් දෙදෙනෙක් කෝවිලකට ඇතුළු වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,491 Views
ඉතිහාසයේ පළමු වරට මැදිවියේ පසුවන කාන්තාවන් දෙදෙනෙක් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ප්‍රමුඛ හින්දු කෝවිලකට ඇතුළු වුණා. 
 
සබරිමාලා කෝවිල වෙත ඇතුළුවීම සඳහා කාන්තාවන්ට අවසර ලබාදීමට එරෙහිව මාස ගණනාවක් විරෝධතා පැවැත්වුණා. 
 
වයස අවුරුදු 10 සිට 50 දක්වා "ඔසප් සීමාවේ" පසුවන කාන්තාවන්ට සබරිමාලා කෝවිලට ඇතුළු වීම තහනම් කර තිබුණා. 
 
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම තහනම ඉවත් කරනු ලැබූ නමුත් කෝවිල වෙත ඇතුළුවීම වළකාලමින් විරෝධතාකරුවන් කාන්තාවන්ට පහර දී තිබුණා.

ඒ බාධක නොතකමින් හතළිස් දෙහැවිරිදි බින්දු අම්මිනි සහ හතළිස් හතර හැවිරිදි කනකා දුර්ගා බදාදා (ජනවාරි 02) අලුයම කෝවිලට ඇතුළු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
"අපි උදේ පාන්දර ඇතුළු වුනා. මිනිත්තු කිහිපයකට ප්‍රතිමාව දැක ගන්න හැකි වුනා," බින්දු අම්මිනි කියා සිටියා. 
 
ඉහත කී කාන්තාවන් දෙදෙනා පසුගිය දෙසැම්බර් 24 වෙනිදා ද කෝවිලට ඇතුළුවීමට උත්සහ කළ නමුත් විරෝධතාකරුවන් හමුවේ පසුබැසීමට ඔවුන්ට සිදුවුණා. 
 
කාන්තාවන් කෝවිල "කෙලෙසා" ඇති බව කී කෝවිලේ බලධාරියෙක් "පවිත්‍ර කිරීමේ පිළිවෙත්" සිදු කිරීම සඳහා පූජ්‍ය ස්ථානය පැයකට වසා තැබුණු බව සඳහන් කළා. 
 
ඉන් අනතුරුව පූජ්‍ය ස්ථානය යළි විවෘත කර ඇති බව කෝවිලේ ජ්‍යෙෂ්ඨ බලධාරියෙක් කියා සිටියා. 
 
කේරල ප්‍රාන්තයේ මහ ඇමති ප්‍රියානි විජයන් වාර්තාකරුවන් වෙත අදහස් දක්වමින් කියා සිටියේ කාන්තාවන් කෝවිල වෙත ඇතුළුවීම ඓතිහාසික අවස්ථාවක් බවයි. 
 
කෝවිල වෙත ඇතුළුවීමට කාන්තාවන්ට අවසර ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට මහ ඇමති ඇතුළු ආණ්ඩුව සහය පළ කළා. 
 
කාන්තාවන් දෙදෙනා ඇතුළුවීමෙන් පසු කෝවිල වසා දැමීමට එහි බලධාරීන් ගත් තීන්දුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව "උල්ලංඝනය" කර ඇති බව මහ ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවා. 
 
ආර්තවය සිදු නොවන කාලයේ කෝවිල තුළට ඇතුළුවීමට ඉන්දියාවේ බොහෝ හින්දු කෝවිල් කාන්තාවන්ට ඉඩ ලබා දෙනවා. 
 
නමුත් අසාමාන්‍ය ලෙස සබ්රිමාලා ඇතුළු කෝවිල් කිහිපයක් පුළුල් වයස් සීමා දක්වමින් කාන්තාවන්ට ඒ වෙත ඇතුළුවීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. 
 
කඳු මුදුනක පිහිටා ඇති වසර 800ක් පමණ පැරණි සබ්රිමාලා කෝවිල වන්දනාමාන කිරීම සඳහා සෑම වසරකම පිරිමි බැතිමතුන් මිලියන ගණනක් පැමිණෙනවා. 
 
"ශුද්ධ පියගැටපෙළ" දහඅටක් නැගීම කෝවිලට ඇතුළු වීම සඳහා ඇති එක් මගක්. පියගැටපෙළ නැගීම ශුද්ධ කටයුත්තක් බවත් වන්දනා ගමනට පෙර, දින 41ක් උපවාසයක යෙදීමෙන් තොරව එය සිදු කළ නොහී බවත් සබ්රිමලා කෝවිලේ වෙබ් අඩවියේ සඳහන් වනවා. 
 
වන්දනාකරුවන්ගෙන් පිරී ඉතිරී තිබූ බැවින් සහ ඔවුන් තමන්ට පහර දෙනු ඇතැයි බියෙන් පියගැටපෙළ භාවිත නොකළ බව බින්දු අම්මිනි පැවසුවා. 
 
සබ්රිමාලා කෝවිල විවෘතව තැබෙන්නේ වසරේ කෙටි කාලයකට පමණයි. 2018 වසරේ ඔක්තෝබර් 17 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දීමත් සමග ආරම්භ වූ විරෝධතා සමග මේ දක්වා ඒ වෙත ඇතුළුවීමට කාන්තාවන්ට හැකියාව ලැබුණේ නැහැ. 
 
ඒ සඳහා උත්සාහ කළ කිහිප දෙනෙකුටම ඉන් පසුබෑමට බල කෙරුණා. 
 
-බීබිසී සිංහල

පහත ජායාරූපයේ සිටින්නේ බින්දු අම්මිනි. ඇයට කෝවිල වන්දනාමාන කිරීමේ වාසනාව හිමි වුණේ මේ අයුරින්..
 
 
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වෙනුවෙන් පෙළ ගැසුණු ඉන්දීය කාන්තාවෝ
 
 
කෝවිල වෙත කාන්තාවන් ඇතුළුවීමට විරෝධය පළ කළ පිරිසෙන් වැඩි දෙනෙකු ද කාන්තාවන්..
 
 
සබ්රිමාලා කෝවිල වන්දනාමාන කිරීම සඳහා සෑම වසරකම පිරිමි බැතිමතුන් මිලියන ගණනක් පැමිණෙනවා..
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  381 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,464 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,385 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,176 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,159 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,214 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,852 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,702 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,712 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,653 Downloads



Top 10 Commenters

Latest Comments

Top