ඇමෙරිකාවෙ බෆෝඩ් යනු එක් මිනිසෙකු පමණක් ජීවත් වන අමුතු නගරයක්.
මෙහි නිවැරදි නාමය වනුයේ ෆින්ඩෙලි ටවුන් බෆෝර්ඩ්.
මෙම හුදකලා නගරය පිහිටා ඇත්තේ ව්යෝමින් ප්‍රාන්තයේ ඇල්බනියට නුදුරෙන්.
1866 දී මෙම නගරය ජනාවාස වීම ආරම්භ වුණා. මෙහි ජීවත් වූවා යැයි සැළකෙන උපරිම ජනගහණය 2000යි. 1900 දී පිහිටවූ තැපැල් කාර්යාලය 2004 දී වසා දැමුණා. මෙයට ආසන්න නගර වනුයේ ලැරමී සහ චෙයිනී නගරයි.
මුහුදු මට්ටමින් අඩි 8000ක් උසින් මෙය පිහිටා තිබෙනවා.
මෙම නගරයට බෆෝර්ඩ් ලෙස ව්‍යවහාර කරනුයේ මේජර් ජෙනරල් ජෝන් බෆෝර්ඞ් සිහිවීම උදෙසායි.
ඔහු ඇමෙරිකානු සිවිල් යුද්ධය සඳහා ඉමහත් කැපවිම් කළ අයෙක්.
ඩොන් සැමන්ස් නගරයට පැමිණෙන්නේ 1980 දී. ඒ සිය බිරිඳ සහ එකම පුතු සමඟින්.
ඔහු 1992 එම නගරය මිලට ගනු ලැබුවා. 1995 දී සිය බිරිඳගේ අභාවයෙන් අනතුරුව පුතු ද ඔහු හැර යෑමෙන් එම නගරයේ ඉතිරි වනුයේ ඔහු පමණයි.
මෙම නගරය අක්කර 9.9 ක ප්‍රමාණයක පිහිටා ඇති අතර එහි ආහාර ගබඩාවක්, ගෑස් ස්ටේෂමක් හා මොඩියුල් නිවසක් පවතිනවා.
2012 දී ඩොන් සැමන්ස් ද සිය පුතු සමඟ ජීවත්වීම සඳහා නගරය විකුණ දැමූයේ ප්‍රසිද්ධ වෙන්දේසියක් හරහායි.
2012 අප්‍රේල් 5 වන දා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 9 කට බෆෝර්ඞ් මිලට ගනු ලැබුවේ වියට්නාම් ජාතිකයන් දෙදෙනෙකු විසින් බවයි.
මේ වන විට ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු පමණක් මෙහි ජීවත්වන බවට වාර්තා වනවා.
ඒ වියට්නාමයෙන් ගෙන්වන ප්‍රමුඛ කෝපි වර්ගයක් විකුණමින්.
- උත්පලා ප්‍රබුද්ධිකා
ලක්බිම