Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
21
නිසියාකාරව ඖෂධ ගන්නේ මෙහෙමයි

- නිසියාකාරව ඖෂධ ගන්නේ මෙහෙමයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

99 Views
මේ ලෝකයේ සිටින කිසිදු පුද්ගලයකුට ලෙඩරෝගවලින් තොරව ජීවත්විය නොහැකිය. සෑම පුද්ගලයකුටම ජීවිතයට වරක් හෝ කුමන හෝ රෝගයක් වැලඳී තිබේ. එහෙත් රෝගයක් වැලඳුණු විට ඖෂධවල පිහිට පැතීමට වඩා වැදගත් වන්නේ රෝගයක් වැලඳීමෙන් ආරක්ෂා වීමය. එසේ වුවත් අප කිසිවකුට රෝග වැලඳීමේ තත්ත්වයෙන් මිදිය නොහැකිය. පහත දැක්වෙන්නේ ඖෂධ භාවිතයේදී සැලකිලිමත් විය යුතු ආකාරය පිළිබඳවයි.

ඖෂධයක් යනුවෙන් අදහස් කරන්නේ ?
රෝගයක් සුව කිරීමට, වැළැක්වීමට, විනිශ්චය කිරීමට හෝ ශාරීරික සුවතාව තව දුරටත් වර්ධනය කිරීමට යොදාගන්නා කායික, මානසික ක්‍රියාවලියේ යම් වෙනසක් සිදුකරන රසායන ද්‍රව්‍යයක් ඖෂධයක් ලෙස හඳුන්වන්නට පුළුවන. ඖෂධ නිශ්චිත කෙටි කාලයකට හෝ නිදන්ගත රෝග සඳහා දීර්ඝ කාලීනව (ජීවිතාත්තය දක්වා) පාවිචිචි කළ හැකිය. සාමාන්‍යයෙන් ඖෂධ බෙදා හැරීම රජය විසින් සිදු කරන අතර ඉතා සුළු ප්‍රමාණයක් සෘජුවම ෆාමසිවලින් මිලට ගත හැකි අතර අනෙකුත් සියලුම ඖෂධ වර්ග සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගේ උපදෙස් පරිදි ලබාගත යුතුය.

සෑම පුද්ගලයකුටම එකම ඖෂධය එකම විදිහට බලපානවාද?
බෙහෙතේ බලපෑම සෑම පුද්ගලයාටම සමාන වන අතර බලපාන ප්‍රමාණය විවිධ හේතු නිසා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. උදාහරණයක් ලෙස වයස, ජන වර්ගය, ජානමය සාධක, නිදන්ගත රෝගවලින් පෙළීම ආදිය දක්වන්න පුළුවන.

වයස
බෙහෙත් ශරීරයෙන් ඉවත් වීමට ගතවන කාලය වයස අනුව වෙනස් වේ. ඉතා කුඩා ළදරුවන් සහ මහලු පුද්ගලයන්ගේ දේහයෙන් ඖෂධ ඉවත් වීමට වැඩි කාලයක් වන අතර ඉතා කුඩා මාත්‍රාවක් පවා වැඩි වේලාවක් දේහය තුළ රඳා පවතී.

නිදන්ගත රෝග
අක්මාවේ සහ වකුගඩු ආශ්‍රිත නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ගේ ඖෂධ ශරීරයෙන් බැහැර වීම අඩුවන අතර ආහාර ජීර්ණ පද්ධතියේ රෝග ඇති පුද්ගලයන්ගේ ඖෂධ අවශෝෂණය අඩු වීමෙන් බෙහෙත්වල බලපෑම වෙනස් විය හැකිය. එමෙන්ම දිගින් දිගට ඇල්කොහොල් පාවිච්චි කරන පුද්ගලයන්ගේද බෙහෙත්වල බලපෑම අසාමාන්‍ය ලෙස අඩු හෝ වැඩිවීමට පුළුවන.

ඖෂධ භාවිත‍යේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?
විශේෂයෙන්ම ඖෂධ භාවිතය හරියට දෙපැත්ත කැපෙන පිහියක් යැයි කීමට පුළුවන. මාත්‍රාව නිවැරදිව නිසි වේලාවට නිර්දේශ කළ දින ගණනටම නොගතහොත් දරුණු අතුරු අබාධ ඇතිවීමට පුළුවන. එබැවින් ඖෂධ නිර්දේශ කළ ප්‍රමාණයටම ලබාගැනීම ඉතා වැදගත් වේ. එමෙන්ම සෑම දිනකම එකම වේලාවට ඖෂධ ලබා ගැනීමට උත්සාහ කළ යුතු අතර කෑමට පෙර හෝ පසු යන ලෙස නිර්දේශ කර ඇත්නම් එයද අනුගමනය කිරීම ඉතා වැදගත් වේ. කිසි‍විටෙක වෙනත් අයකුට නිර්දේශ කළ ඖෂධ ලබා නොගත යුතුය. හැකි සෑම අවස්ථාවකදීම ඖෂධයක් සමඟ ලබා දෙන උපදෙස් පත්‍රිකාව තුළ අඩංගු ඖෂධය පිළිබඳ විස්තර (කුමක් සඳහා පාවිච්චි කරන්නේද, ඇතිවිය හැකි අතුරු ආබාධ, මාත්‍රා ප්‍රමාණය) ආදිය පිළිබඳව අවබෝධය ලබාගැනීමට හැකි නම් එය ඉතා වැදගත් වේ.

හැමවිටම ඖෂධවල කල් ඉකුත් වීමේ දිනය ගැන පරීක්ෂාකාරී විය යුතුය. කල් ඉකුත් වූ ඖෂධ කිසි විටකවත් ළඟ තබා නොගත යුතුය. කල් ඉකුත් වූ ඖෂධ කිසි විටෙකවත් ළඟ තබා නොගත යුතුය. කිසි විටෙකවත් වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ ගැනීම නතර කිරීම හෝ නිර්දේශ නොමැතිව එකම බෙහෙත දිගින් දිගටම ගැනීමෙන් වැළකිය යුතුය. ඖෂධ පාවිච්චි කරන අතරතුරදී වෙනත් කිසිදු බෙහෙතක් (ආයුර්වේද බෙහෙත්) ආදිය වෛද්‍ය උපදෙස් නොමැතිව ගැනීමෙන් වැළකිය යුතුය. සමහර නිදන්ගත රෝග සඳහා ලබාගන්නා බෙහෙත් පිළිබඳව සහ ගන්නා මාත්‍රාව පිළිබඳව විස්තර පත්‍රිකාවක් නිවසින් බැහැරව යන අවස්ථාවලදී ළඟ තබා ගත යුතුය.

සමහර විට ඔබට එක් බෙහෙත් වාරයක් ගන්න අමතක වීමට පුළුවන. එවැනි අවස්ථාවලදී කලබල නොවී මතක් වුණු විගසම එය ලබා ගත යුතුය. ඊළඟ බෙහෙත් වාරය එම වෙලාව ආසන්නයටම පැමිණ ඇත්නම් එම බෙහෙත් වාරය අතහැරිය යුතුය.

කිසි විටෙකවත් අමතක වූ බෙහෙත් වාරය හිලව් වීම සඳහා බෙහෙත් වාර දෙකක් එකවර ගැනීමෙන් වැළකිය යුතු ය. සෑම විටම සෑම ඖෂධයක්ම එහි මාත්‍රාවක් සමඟ ලේබල් කර තබා ගැනීමට මතක තබාගත යුතුය.

අතුරු ආබාධවලින් වැළකී ඖෂධයෙන් උපරිම ප්‍රතිඑල ලබාගත හැක්කේ කෙසේද?
විශේෂයෙන් ඔබ දැනට ලබා ගන්නා හෝ මෑතකදී ලබා ගන්නා ලද සියලුම ඖෂධ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කළ යුතුය. උදාහරණ ලෙස විටමින් වර්ගවල සිට ආයුර්වේද බෙහෙත්, සෘජුවම ෆාමසියෙන් ලබාගත හැකි බෙහෙත් වර්ග ආදිය මෙන්ම දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදී නිදන්ගත රෝග සඳහා ලබාගන්නා ඖෂධ මෙන්ම කාන්තාවන් සඳහා නම් උපත් පාලන පෙතිද දැක්වීමට පුළුවන.

එමෙන්ම ඔබ ගර්භණී නම් හෝ ගැබ් ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් හෝ මවුකිරි ලබා දෙන මවක් නම් ඔබ වෛද්‍ය උපදෙස් මත විශේෂ වර්ගයේ කෑම පාවිචිචි කරන්නේ නම් ඒ බවද වෛද්‍යවරයාට දැන්විය යුතුය. අවසාන වශයෙන් තවත් ඉතාම වැදගත් කරුණක් වන්නේ ඔබට සමහර ඖෂධ ලබා ගැනීමට අපහසු වන්නේ නම් හෝ සමහර බෙහෙත්වලට අසාත්මිකතාවක් දක්වන්නේ නම් (Allergic) ඒ බවද දන්වා සිටීම ඉතා වැදගත්ය .

ළමයින් සඳහා ඖෂධ ලබා ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවාද?
සියලුම ඖෂධ වර්ග නිෂ්පාදකයා විසින් ලබාදෙන ඖෂධ ඇසුරුම් තුළම තබාගැනීමට මතක තබාගත යුතුය. සෑම විටම ඖෂධයක් සමඟ තිබෙන විස්තර පත්‍රිකාවේ ඇති එම බෙහෙත් ලබාදෙන ආකාරය පිළිබඳ කියවා බැලීමට අමතක නොකළ යුතුය. ඔබ යම් බෙහෙත් කලින් පාවිච්ච් කර තිබුණත් දරුවාට ලබා දීමට පෙර නැවත එය කියවීම ඉතා වැදගත් වේ. ‍මක් නිසාද යත් එම උපදෙස් කලින් කලට වෙනස්විය හැකි නිසාය. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේදී බොහෝ විට දියර වශයෙන් ලබාදෙන අතර, දියර ප්‍රමාණය ගණනය කරනු ලබන්නේ මිලිලීටර්වලිනි. සාමාන්‍යයෙන් තේ හැඳි හෝ මේස හැඳි ලෙස ප්‍රමාණයන් ලබා දෙන අතර ඖෂධ නිෂ්පාදකයා විසින් ලබාදෙන දියර පරිමාව ගණනය කළ හැකි භාජනය හෝ හැන්ද පමණක් භාවිත කළ යුතුය. මන්ද අප නිවසේ පාවිච්චි කරන තේ හැඳි හෝ මේස හැඳිවල පරිමාව නිවැරදි නොවෙන්නට පුළුවන. හැමවිටම දරුවාට හසුනොවන ලෙස බෙහෙත් වර්ග තැබිය යුතුය. දරුවා ඉතා තදබල ලෙස අසනීප වී ඇති අවස්ථාවක වුවද වෛද්‍ය උපදෙස් නොමැතිව මාත්‍රාව වැඩියෙන් දීම කිසිසේත් නොකළ යුතුය.

සෑම ඖෂධයක්ම දිගින් දිගටම එකම ආකාරයට රෝග සඳහා ක්‍රියාකාරී වෙනවාද? එසේත් නැතිනම් සමහර ඖෂධවල ක්‍රියාකාරීත්වය අඩු වනවාද?
එවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කාලයක් යනකොට සමහර ඖෂධ එම රෝගයට එරෙහිව ක්‍රියාත්මක නොවිය හැකිය. විශේෂයෙන් බැක්ටීරියාවලින් සෑදෙන රෝග සඳහා පාවිච්චි කරන ප්‍රතිජීවක ඖෂධ හැඳින්වීමට පුළුවන. කාලයක් යනවිට සමහර බැක්ටීරියාවන් ප්‍රතිජීවක ඖෂධවලින් විනාශ කිරීමට නොහැකිවනවා. උදාහරණයක් ලෙස ක්ෂය රෝගය පතුරවන සමහර බැක්ටීරියා ප්‍ර‍භේද හඳුන්වන්න පුළුවන. මෙම ප්‍රති‍රෝධයට ප්‍රධානම හේතුව වී තියෙන්නේ සෙවිල්ලක් , බැලිල්ලක් නැතිව, ප්‍රතිජීවක, ක්‍රියාකාරී නොවන හෝ අවශ්‍ය නොවන රෝග සඳහා ඕනෑවටත් වඩා වැඩිපුර පාවිච්චි කිරීමයි. එහෙමත් නැත්නම් ප්‍රතිජීවක ලබාදිය යුතු රෝග සඳහා එම ප්‍රතිජීවක ලබා දුන් විට නිසි පිරිදි, අවශ්‍ය ප්‍රමාණයට ඖෂධ ලබා නොගැනීම දක්වන්නට පුළුවන. මෙහිදී විශේෂයෙන් කිව යුතු වන්නේ ප්‍රතිජීවකයක් ලබා දුන් විට ඔබගේ රෝග ලක්ෂණ මාත්‍රා කීපයකින් සුව වුවද, නිර්දේශ කළ දින ගණනම ඔබ එම බෙහෙත ලබා ගැනීමෙන් ඔබට මෙන්ම මෙම ප්‍රතිරෝධය නිසා ඊළඟ පරම්පරාවටද ලැබෙන අහිතකර ප්‍රතිවිපාක අවම කර ගැනීමට උදවු වනවා. එමෙන්ම ඔබට වෛරස් රෝගයක් වැලඳී ඇත්නම් වෛද්‍ය නිර්දේශයකින් තොරව ප්‍රතිජීවක ලබා ගැනීමෙන් වැළකීමෙන්ද මෙම තත්ත්වය අඩු කරගන්න පුළුවන. මෙහිදී සඳහන් කරනු ලැබුවේ ඖෂධ භාවිතයේදී පිළිපැදිය යුතු පොදු කරුණු කිහිපයක් වන අතර, ඔබගේ රෝගය සහ ඔබ ලබා ගන්නා ඖෂධ අනුව ඒ සඳහාම වූ වි‍ශේෂ උපදෙස් ඔබගේ වෛද්‍යවරයාගෙන් ලබාගත යුතුය.

වෛද්‍ය චන්දන හේවගේ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top