පසුගිය 13 වැනිදා කැනඩාවේ ඔෆ්ටොරියෝ උපරිමාධිකරණයේ ජෝන් මැත්මැසෝන් විනිසුරුතුමා ඉදිරියේ 67 හැවිරිදි වියේ පසුව බ්‍රාස් මැක් ආතර් පෙනී සිටියේ මිනීමරු චෝදනා අටක් සම්බන්ධයෙන් පවත්වනු ලබන නඩු විභාගයේ මූලිය විභාගය සඳහායි.
තද නිල් පැහැති ඩෙනිම් කලිසමකින් හා කොටු සහිත කමිසයක් හා ඊට උඩින් කළු පැහැති ප්‍රලෝවරයක් පැළඳ සිටි මොහු ගෙවතු අලංකරණ ශිල්පියෙක්.
ලාංකික තරුණයින් දෙදෙනෙකු ඇතුළු අට දෙනෙකු මරා ගෙවත්තක වළ දමා තිබියදී සොයා ගැනීමත් සමඟ සැකපිට අත්අඩංගුවට ගනු ලැබු මැක් ආතර්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.
මෙහදි තවත් විශේෂ කරුණක් වන්නේ මරා දැමුණු පුද්ගලයින් අට දෙනාම ටොරොන්ටෝ නගරයේ පිහිටා ඇති සමරිසි ජනයා ජිවත්වන එක්තරා ගම්මානයක වැසියන් වීමයි.
මජීඩ් තේහාන්, සෙලීම් එසන්, ස්කන්ධරාජ් නවරත්නම්, (ලාංකික ද්‍රවිඩ), ඇන්ඩෘ කින්ස්ටන්, ඩීන් ලිසෝවික්, සොරුෂ් මහමුද්, අබ්දුල්බසීර් ෆයිස් හා කනගරත්නම් (ලාංකික ද්‍රවිඩ), යන අය ඝාතනය කිරීමේ චෝදනා ඔහුට එල්ල වුණා.
සමංලිංගිකයින් වෙනුවෙන් වූ විශේෂිත ගම්මානය ටොරොන්ටෝ නගරය අසල පිහිටා තිබූ අතර මෙම ගම්මානයේ ජිවත් වන පිරිමි කිහිප දෙනෙකුගේ අබිරහස් අතුරුදහන් වීම ගැන ටොරොන්ටෝ පොලීසියේ විශේෂ අවධානය යොමුවීමත් සමඟ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ඇරඹුනා.
ඒ සඳහා විශේෂ මෙහෙයුමක්ද පොලීසිය විසින් ක්‍රියාත්මක කළා.
කෙසේ වෙතත් මෙම ඝාතන සියල්ලා එක්තරා මානසික රෝගී ඝාතකයෙක් විසින් සිදු කරනු ලබන්නේය යන පුවත ප්‍රදේශය පුරා පැතිර යාම නිසා රාත්‍රී කාලය එම ප්‍රදේශය අමු සොහොනක තත්ත්වයට පත්ව තිබුණා.
අතුරුදහන් වූ පුද්ගලයින් එක්තරා සමාජ ශාලාවක සාමාජිකයින් වීම නිසා පොලීසියේ අවධානය ඔවුන් ගැන ගිලිහී යන බව බලධාරින්ට වැටහුණා.
මෙම තත්ත්වයන් නිසා සුප්‍රකට පොලිස් පරීක්ෂකයෙකු ලෙස නම් දරා සිටි හැන්ක් ඉඩ්සින් මහතාට මෙම අපරාධ සම්බන්ධයෙන් සෙවීම භාර වුණා. (ඔහු දැනට විශ්‍රාම ගෙන ඇති අයෙක්.) ඔහුගේ විශේෂ අවධානය යොමු වුණේ සමලිංගිකයින් කෙරෙහි උනන්දුවන අය අතරින් මෙම ඝාතකයා සෙවීමයි.
එවැනි අයවුන් නිරීක්ෂණය කළත් එක් අයකුවත් ඝාතනයට සම්බන්ධ නැති වගට නිගමනය කෙරුණා.
ඒ අනුව මෙම ඝාතන අබිරහස තවත් සංකීර්ණ වුණා. මළසිරුරු හෝ හමු නොවීම එසේ සංකීර්ණ වීමට තවත් හේතුවක්.
මේ අතර තොරතුරක් මත අලංකරණ ශිල්පියෙකු වන බ්‍රෘස් මැක් ආතර් බාරව සිටි උද්‍යානයක වළ දමා තිබූ සිරුරු කොටස් සොයා ගැනීමට නිලධාරින් සමත් වීම නිසා පොලීසියේ සැකය ඔහු වෙතට යොමු වුණා.
දිනක් මැක්ආතර් තවත් අයෙකු සමඟ ඔහු නැවතී සිටි කාමරයට යන අන්දම ඒ අවට රැකවරණයට යොදා සිටි පොලිස් නිලධාරින්ගේ අවධානය යොමු වූ අතර මඳ වෙලාවකට පසු එම කාමරයට කඩා වැදුණූ පොලීසියට දැක ගත හැකි වූයේ කාමරයට පැමිණි තැනැත්තා සයනයකට තබා බැඳ දමා තිබෙන අයුරුයි.
මැක්ආතර් අත්අඩංගුවට පත්වන්නේ ඉන් අනතුරුවයි.
මැක් ආත්ර්ගේ උද්‍යානයේ වළලා තිබූ සියලුම මළසිරුරු කොටස් අධිකරණ වෛද්‍යවරයාගේ පරීක්ෂාවට ලක් කරනු ලැබූ අතර එහි වූ කොටස් පිරිමි අට දෙදෙනෙකුගේ බවටත් අතුරුදහන් වූ අයට සමාන බවටත් නිගමනය කෙරුණා.
වැදගත් ලෙස පෙනී සිටි මැක්ආතර් සමරිසියෙකු වූ අතර එවැනි පිරිස් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවත් හෙළිවුණා.
මේ අට දෙනාට අමතරව මැක්ආතර් අතින් මැරුම් කෑ තවත් පිරිස් සිටීද යන්න පිළිබඳව පොලීසිය විසින් මේ වනවිටත් පරීක්ෂණ සිදු කෙරෙනවා.
කෙසේ වෙතත් කැනඩාවේ මහත් ආන්දෝලයකට පත්ව ඇති මෙම අපරාධයට සම්බන්ධ බ්‍රෘස් මාක්ආතර්ට එරෙහි නඩු විභාගය ලබන වසරේ සැප්තැම්බර් මාසයේ හෝ 2020 වසරේ හෝ පැවැත්විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
-රෝහන ආරියරත්න
පහත ජායාරූපවල සිටින්නේ මැක්ආතර් නම් වූ ඒ සාහසික අපරාධකරුයි.
මැක්ආතර්ගේ විකෘති කාම ආශාවන් නිසා ජිවිතෙන් වන්දි ගෙවූ තරුණයින් 8 දෙනා පහත ජායාරූපයෙන්... (මේ අතුරින් දෙදෙනෙක් ශ්‍රී ලාංකිකයින්.)
පහත ජායාරූපයේ සිටින්නේ මෙසේ මිය ගිය කනගරත්නම් නම් ශ්‍රී ලාංකීක තරුණයාගේ පවුලේ පිරිස සොවින් වැළපෙන අයුරුයි. ඔවුන් සියලු දෙනා ලංකාවේ සිට දේහය බැලීම සඳහා පැමිණ සිටි අතර ඒ වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ද සලසා තිබුණා.
මැක්ආතර් තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා භාවිත කළ නිවෙස පහතින්...
වළ දමා තිබුණු සිරුරු සොයා සිදු කළ මෙහෙයුම්...
සාහසිකයා අතින් ඝාතනය වූ කනගරත්නම් ලාංකික ද්‍රවිඩ තරුණයාගේ ජායාරූපයක්...