පසුගියදා අතුරුදන් වූ එයාර් ඒෂියා සමාගමේ ගුවන් යානයේ උණසුම මැකීයන්නටත් ප්‍රථමයෙන් එම ගුවන් සමාගමටම අයත් තවත් ගුවන්යානයක් අනතුරට පත්වී ඇති බවට වාර්තාවනවා. මෙම අනතුර සිදුවී ඇත්තේ පිලිපීනයේ Kalibo ගුවන්තොටුපලේදීයි.
ගුවන් පථය ඉක්මවා ධාවනය වී ඇති මෙම ගුවන් යානය ගුවන් පථයෙන් පිටතට මීටර් කිහිපයක් ඇඳි ගොස් තිබෙනවා.
කෙසේ නමුත් කිසිදු ජීවත අනතුරක් මෙයින් සිදුවී නොමැති අතර කාර්ය මණ්ඩලය හා ගුවන්යානයේ ගමන් ගත් මඟීන් නිරුපද්‍රිතව එයින් ඉවතට ගැනීමට හැකියාව ලැබී ඇත.