2022 වසරේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලානයට ලහිලහියේ සූදානම් වන කටාරය, ලෝක කුසලානය වෙනුවෙන් ඉදිවන ලුසායිල් ක්‍රීඩාංගනයේ නිර්මාණ සැලැසුම් ප්‍රසිද්ධ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර සිටිනවා.
ලුසායිල් ක්‍රීඩාංගනය 80,000 ක නරඹන්නන් පිරිසකට ඉඩ පහසුකම් තිබෙන පරිදි සැකසෙන අතර පාපන්දු ලෝක කුසලාන තරග පැවැත්වෙන කටාර් ක්‍රීඩාංගන අතරින් විශාලතම ක්‍රීඩාංගනය මෙය බවත් සදහන්. ක්‍රීඩාංගනය ඉදිවෙමින් පවතින්නේ දෝහා සිට කිලෝ මීටර් 15 ක් උතුරින්.