Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
17
"එයා මාවයි දුවලා දෙන්නවයි තනි කරලා ගියාට පස්සේ ජිවත් වෙන එක මට හරිම කටුක අත්දැකීමක් වුණා.." - යමුනා මාලනී

- "එයා මාවයි දුවලා දෙන්නවයි තනි කරලා ගියාට පස්සේ ජිවත් වෙන එක මට හරිම කටුක අත්දැකීමක් වුණා.." - යමුනා මාලනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30 Views
"කිසිම කෙනෙක් බොරු කරනවටත්, කියනවටත් පොඩ්ඩක්වත් මම කැමැති නැහැ.."

"ඒ ගීතය ලිව්වේ ඔහු වෙනුවෙන්මයි,ඒ මගේ හැගීම්.."

නවකතා, කෙටිකතා රචනයට අමතරව කිවිඳියක, ගී පද රචිකාවියක ලෙසින් දශක ගණනක් පුරා මෙරට කලාවේ පෝෂණය වෙනුවෙන් කැප වී සිටින නිර්මාණ ශිල්පිනියකි යමුනා මාලනිය. ඇය විසින් එදා මෙදා තුර ලිය ලද ගී පද ගණන පන්සියයකටත් වඩා වැඩි වන අතර නවකතා , කෙටිකතා සංඛ්‍යාවද රශියකි.ඒ අත්දැකීම් ගැන ඇය කතා කරන්නේ මෙහෙමයි.

ඔබ කුඩා කාලයේ සිටම සිහින මැව්වේ ලේඛිකාවක වීමටද...?
කුඩා කල සිටම ලේඛන කලාවට ප්‍රිය කළා. කවද හරි ලේඛිකාවක්ම වෙනවා කියන සිතුවිල්ල මගේ සිතේ සෘජුවම පහළ නොවුණත් මම කියන කරන ඇතැම් දේ තුළින් ඒ බවට ඉඟ පළකර තිබෙනවා. වරක් මගේ ආච්චි අම්මා කියවන ලොකු පොතක් දැක මම කවදහරි දවසක මම මීට වඩා ලොකු පොතක් ලියනවා කියලා තිබෙනවා. කුඩා කාලයේදි නවකතා රචනයට ආසාවක් ඇතිවීමට බලපෑවේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තුන් ඈඳුතු නවකතාව වන ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය කියවීමයි. ඒ වගේම මගේ පියා අපිට කුඩා කාලයේදි කියවන්න පරිවර්තන කෘති ගෙනැත් දෙනවා. ඒවා කියවීමටත් මා බෙහෙවින් ප්‍රිය කළා. ලේඛන කලාවට ප්‍රවිෂ්ට වීමට බෙහෙවින් බලපෑවේ ධර්මසිරි ගමගේ මහතා යොවුන් ජනතා පුවත්පතේ කළ ‘යොවුන් පහන් වැට‘ තීරයට ලිවීමත් සමගයි. පුංචි කාලයේ සිටම ගීතරසවින්ඳත් ගීතයක් ලියුවේ විවාහයෙන් පසුවයි.

ලේඛිකාවක, කිවිඳියක, ගී පද රචිකාවියක වීම ඔබගේ ජීවිතයට කෙසේ බලපෑවාද?
මේ කලාවන් සියල්ලම මගේ ජීවිතයට වාසනාව ගෙනාවා. අද මාව මිනිසුන් හඳුනන්නේ යම් සේද ඒ සියල්ලටම හේතුව මගේ මේ ලේඛන කලාවයි. මතු සසරෙදිත් මෙවැනිම ලේඛිකාවක් වෙන්න ලැබෙන්න කියන ප්‍රාර්ථනාව මගේ සිතේ තිබෙනවා. මගේ සැමියා වන සේනකගේ වියෝවෙන් පසුව මම ජීවිතය හදාගත්තේ ලේඛන කලාවට පින්සිදුවන්නටයි. මගේ දුක, සන්තාපය සියල්ලම මුදාහළේ මගේ නිර්මාණ තුළින්. ඉතින් ලේඛිකාවක, කිවිඳියක, ගී පද රචිකාවියක් වීම ගැන බෙහෙවින්ම තෘප්තිමත් වගේම කාන්තාවක ලෙසින් සමාජයේ වටිනා ප්‍රතිරූපයක් මවා ගැනීමට මේ සියල්ලම බලපෑවා.

ඔබ විසින් ලියන ලද පොත් අතර වඩාත් කැමැත්තෙන් ලියූ පොත මොකක්ද?
ඔය ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ටිකක් අපහසුයි. මොකද මගේ සියලු නිර්මාණ මා සිත්ගත් ඒවා. නමුත් වඩාත් ම කැමැතිම නිර්මාණය වන්නේ වැඩි පුර පාඨකයා රසවිඳි නිර්මාණය කියා මා සිතනවා. එනිසා මා ලියූ පළමු පොත වන‘ ඉත සිතින්ම‘ මා වඩාත් කැමැතිම පොත ලෙස හඳුන්වන්නම්. මෙම පොත රාජ්‍ය සම්මානයට නිර්දේශ වුණා. එමගින් ලැබුණු පන්නරයෙන් පොත් 55ක් රචනා කිරීමට මට ශක්තිය ලැබුණා.

කැමැතිම සිනමාපටය...?
පාසල් කාලයේ නැරඹූ පරසතු මල් චිත්‍රපටය මා වඩාත්ම සිත්ගත් සිනමා නිරමාණයයි. එම චිත්‍රපටයෙහි එක් අවස්ථාවක් පිළිරුවක් පුපුරවා දමන දර්ශනයක් තිබුණා. එය මගේ සිත සසල කළා. එදා මම ගුරුවරු දහයකගෙන් විතර ඇහුවා පිළිරුවක් කඩා දමන එක හොඳ දෙයක් නෙමෙයි නේද කියලා. නමුත් ඒ කිසිවකුට මට හැඟුණු සිතුවිල්ල එම අවස්ථාවේ දැනී නැහැ. ඒ නිසානේ ඔවුන් කිසිවකු මට පිළිතුරක් නොදුන්නේ. මෑත වකවානුවේ නැරඹූ සුනිල් ආරියරත්නයන්ගේ උප්පලළවන්නා කාව්‍යාත්මක සිනමාපටයක්. ඒ වගේම සූරිය අරණ සිනමා පටය ලස්සනයි. එවැනි නිර්මාණ තුළින් තව තව නව නිර්මාණ කිරීමට උල්පත් පෑදෙනවා.

ඔබ රචනා කරන ලද ගීත අතුරින් වඩාත් කැමැති ගීතය...?
මගේ ගීත කලාවේ විවිධ සන්ධිස්ථාන තිබෙනවා. මා විසින් ලියන ලද පළමු ගීතය වන ‘අහස පොළොව වට පිටාව ‘ගීතය ලියන්නේ සේනක හා විවාහ වීමෙන් පසුව ඔහු විදෙස්ගත වීම නිසා සිතට නැගුණු සිතුවිල්ලක්. එම ගීතයට රෝහණ වීරසිංහයන්ගේ තනුවත් සුනිල් එදිරිසිංහයන්ගේ හඬත් මනාවට සුසංයෝජනය වීම නිසා අලංකාර නිර්මාණයක් බවට පත්වුණා. ඒ වගේම කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ‘රෝස තොල් සිඹිමි‘ ගීතය රසිකයන් ආදරයෙන් වැලඳගත් තවත් ගීතයක්. ලක්ෂ්මන් විජේසේකර ගායනා කරන ‘සඳකිනිති නැමී‘ ගීතයත් මාලනී බුලත්සිංහල ගායනා කරන ‘මා නෙතු මග හැර ‘ගීතයත් මා සිත් ගත් නිර්මාණ ලෙස හැඳින්විය හැකියි. මෑත කාලයේ රචනා කළ සේනකයන්ගේ වියෝවෙන් පසු ලියැවුණු දයාන් විතාරණ ගයන යුගත් මල්දම් ගෙල වට දමන්න ‘ගීතයටත් මා කැමැතියි.

තව කෙනකු කරනවට අකැමැති දෙය...?
කිසිම කෙනෙක් බොරු කරනවටත්, කියනවටත් පොඩ්ඩක්වත් මම කැමැති නැහැ. මම සත්‍යවාදයට ගරු කරන චරිතයක්. පංච සීල ප්‍රතිපත්තියට ගරු කරනවා. අද සමාජයේ බොහෝ අය සිටිනවා අනුන්ට උපදෙස් දෙනවා තමා සම්මතයේ නොපිහිටා. එවැනි කෙනකු නෙමෙයි මම. ඒ නිසා බොරු විච්චූර්ණවලින් ඔළුව උදුම්මා නොගෙන මහපොළොවෙ පය ගහල ඉන්න මිනිසුන්ට කැමැතියි.

රටේ වගකිවයුතු තනතුරක් ලැබුණොත් මොනවද කරන්නේ..
මම හිතන්නෙ අපේ රටේ මිනිසුන් සිතන පතන විදිහේ සිට බොහෝ දෙවල් වෙනස් කළ යුතු වෙනවා. ඔවුන්ගේ අධ්‍යාත්මය පෝෂණය කර ඔවුන් කරන වැරැදිවලින් මුදා ඔවුන් යහමඟට ගතහැකි ක්‍රමයක් ඇති කරනවා නම් හොඳයි. බලන්න අපේ රටේ රූපයට සත්කාර කරන රූපලාවණ්‍යාගාර අඩියෙන් අඩිය තිබුණත් මිනිසුන්ගේ චින්තනය හදන්න මොනවද තියෙන්නේ කියල. ආගමික ස්ථාන තිබුණත් ඇතැම් පිරිස් ඒවාට යන්නෙ නෑ. එහි සිටින ආගමික නායකයන් ශක්තිමත් විය යුතුයි. මම දකින විදිහට ගෞරවයක් නැති මිනිසුන් කුමන ක්ෂේත්‍රයක නියැළුණත් ඔවුන් එම ක්ෂේත්‍රයේ ගරුත්වය කෙලෙසනවා. එනිසා පුංචි දරුවාගේ පටන් අධ්‍යාත්මය සංවර්ධනය කිරීමෙන් රටට යහපතක් උදාකළ හැකි වෙයි.

සංචාරය කිරීමට වඩාත් කැමැති...?
සංචාරයට බෙහෙවින් ප්‍රිය කරන කෙනෙක් මම. නමුත් සේනකගේ වියෝවෙන් පසුව දුර ගමන් බිමන් බොහෝ අඩුවුණා. සංචාරය කිරීමට හිතේ කැමැත්ත තිබුණත් අධික වැඩත් සමග එය මගහැරී යනවා.

ජීවිතයේ අමතක නොවන සිදුවීම...?
ජීවිතයේ අමතක නොවන සිදුවීම මගේ සැමියා සේනකගේ වියෝවීම. ඔහු අපෙන් වියෝ වන විට මගේ ලොකු දුව උසස් පෙළ හදාරනවා. පොඩි දුව අට වැනි වසරේ ඉගෙනුම ලබනවා. දියණියන් දෙදෙනකු සමග මෙලොව තනිවීම හරිම කටුක අත්දැකීමක්. එහෙත් ඒ සියල්ලටම මුහුණ දෙන්න මගේ නිර්මාණ ජීවිතය මට පන්නරයක් වූවා. අද ඔවුන් දෙදෙනාම විවාහකයි. දරු දෙදෙනා ලැබිච්ච අවස්ථාවත් දුවලාට දරුවන් ලැබුණු අවස්ථාවත් අමතක නොවන සිදුවීම්.

වැරැදුණු තැන්වලදී කවුරුද ළඟින්ම සිටියේ...?
මගේ ජීවිතයේ වැරැදුණු තැන් නැතිවා වගේම ජීවිතය වරද්ද ගත්ත තැනුත් නැහැ. ජීවිතයට විවිධාකර බාධක ආවා. මගේම ආත්ම ශක්තිය ඒවාට රුකුලක් කරගෙන ජීවිතයට නොබියව මුහුණ දුන්නා. දැන් මම අත්තම්මා කෙනෙක් වුණත් නිතරම වැඩක යෙදෙන කාර්ය බහුල අත්තම්මා කෙනෙක්. පසුගියදා ‘ඟං දෑලේ සිත‘ කෙටිකතා සංග්‍රහය එළි දැක්වුවා. ‘සීගිරි සහෝදරි‘ අලුත්ම කාව්‍ය සංග්‍රහය එළිදැක්වූවා. මේ සියල්ල අතරතුර මේ දවස්වල තවත් භාරධූර කාර්යයක නියැළෙනවා. ඒ තමයි මගේ පාසල වන ගාල්ල සංඝමිත්තාවේ ඉතිහාසය හොයන එක.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top