බොලිවුඩ් නිළි ප්‍රියංකා චෝපරාගේ විවාහය පසුගිය කාලයේ බොහෝ කතාබහට ලක් වුනු විවාහයක් බවට පත් වුණා. නික් ජොන්ස් සහ ප්‍රියංකාගේ විවාහය ඉතාමත් රාජකීය ලෙස පැවැත්වුණු නිසයි බොහෝ දෙනා ඒ ගැන කතා කරන්න පටන් ගත්තේ.
මේ කාරණා පිළිබඳව පසුගිය දිනවල කතා වූවත් මේ වනවිට මොවුන් දෙදෙනාගේ නවතම පුවත වන්නේ ප්‍රියංකා තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ නම් වෙනස් කර තිබීමයි.
තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ප්‍රියංකා චොප්රා ජෝනස් ලෙස ඇය නම වෙනස් කර තිබෙනවා. තම ස්වාමි පුරුෂයාගේ නම යොදා මෙලෙස ඉන්ස්ටග්‍රෑම් ගිණුම වෙනස් කළත්, ෆෙස්බුක් සහ ට්විටර් ගිණුම වෙනස් නොකළ බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.