Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
17
" අපි බැඳපු මුල් කාලේ ලේවලින් ලියපු ලියුම් පවා රොෂාන්ට ආවා. ඒ වෙලාවේ නම් මාත් බය වුණා.." - රොෂාන් ප්‍රනාන්දුගේ බිරිද කියයි

- " අපි බැඳපු මුල් කාලේ ලේවලින් ලියපු ලියුම් පවා රොෂාන්ට ආවා. ඒ වෙලාවේ නම් මාත් බය වුණා.." - රොෂාන් ප්‍රනාන්දුගේ බිරිද කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22 Views
"මම කියනවා ඒ වෙලාවට එහෙම කරන්න එපා කියලා..."

"උදේ වරුවම නිදා ගන්නවා. ඇහැරවනවාට කැමැතිත් නෑ.."

රොෂාන් ප්‍රනාන්දු කියන්නේ සංගීත ක්‍ෂේත්‍රයේ මේ වෙනකොට ඉන්න ඉතාම දක්ෂ ගායකයෙක්. ඔහු ප්‍රසංග වේදිකාවේ ඉතාම දක්ෂ විදියට ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමෙන් වැඩ පෙන්වනවා. රොෂාන් සංගීත ගමන හොඳින් මෙහෙයවනවා වගේම තමන්ගේ පවුල් ජීවිතයත් හොඳින් මෙහෙයවනවාද කියලා රොෂාන්ගේ බිරිය තිළිණි ප්‍රනාන්දු කියන්නේ මෙහෙමයි.

පෙම්වතා කාලේ රොෂාන්
ඒ කාලේ හරිම ආදරණීය පෙම්වතෙක්. අපි දෙන්නට වැඩිය හම්බවෙන්න වුණේ නැහැ ඒ කාලේ. හැබැයි විවේකයක් ආපු ගමන් රොෂාන් මාව බලන්න ආවා. කොහේ ගියත් මට මොනවා හරි ගෙනත් දෙනවා. හැම තිස්සෙම කතා කළා. හොයලා බැලුවා.

සැමියා විදියට රොෂාන්?
මුල් කාලේ රොෂාන්ගේ තිබ්බ ආදරය වෙනසක් වෙලා නෑ. ඒ ආදරේ තාම එහෙමම තියෙනවා. ෂෝවලට ගියාම වුණත් තාම මැසේජ් කරලා හරි අපි ගැන හොයලා බලනවා.

දැන් විවාහවෙලා වසර ගණනක්නේ. මේ අවුරුදු ගාණටම රණ්ඩු සරුවල් වෙලාම නැද්ද?
රණ්ඩු සරුවල් වෙලා නෑ. පොඩි පොඩි මතභේද වෙලා තියෙනවා. ඒවා ඉතින් සාමාන්‍යයිනේ. රොෂාන් එක පාරටම මං කියන දේ පිළිගන්නේ නෑ. එයා ටිකක් සොයලා බලනවා ඒ දේවල් ගැන. මං කියන දේවලුත් අහනවා.

තාත්තා කෙනෙක් විදියට?
රොෂාන් දරුවන්ට හරිම ආදරෙයි. ගෙදර ඉන්න වෙලාවට ළමයි එක්කම ඉන්න තමයි බලන්නේ. ළමයි කියන කියන දේවල් කරන්න හදනවා. හැබැයි මම කියනවා ඒ වෙලාවට එහෙම කරන්න එපා කියලා.

දරුවන්ගේ ඉස්කෝලේ වැඩට උදවු කරන්න කියලා මම කිව්වොත් කරනවා. ළමයි වැඩ කරන කොට මම එතැන ඉඳගෙන ඉන්න ඕන. රොෂාන්ට කිව්වාම එයා එක්කෙනෙක්ගේ වැඩ බලනවා. හැබැයි ළමයිව පන්ති ගෙනියන්න කැමැති නෑ. රොෂාන් වැඩිය සෙනඟ ඉන්න තැන්වලට යන්න කැමැති නෑ.

දරුවන් තුන් දෙනාගෙන් වැඩිපුරම එකතු කා එක්කද?
දැන් දුවට අවුරුදු 14ක්. ඒක නිසා එයා දැන් සෙල්ලම් කරන්න එන්නේ නෑ. පුතාලා දෙන්නගෙන් එක්කෙනෙක්ට අවුරුදු 11යි. අනෙක් එක්කෙනාට 7යි. පොඩි පුතා තමයි හැමතිස්සෙම තාත්තගේ පස්සෙන්ම එන්නේ.

ගෙදර වැඩවලට දෙන සහයෝගය
ඒ වැඩවලට නම් ටිකක් කම්මැළියි. හැබැයි දැන් නම් ටිකක් කම්මැළිකම අඩුයි. හැබැයි උදේ වරුවම නිදා ගන්නවා. ඇහැරවනවාට කැමැතිත් නෑ. එයාටම ඇහැරෙන්න දෙන්න කියලා මට කියනවා. එයා ගාඩ්න් එකේ වැඩත් කරනවා.

රොෂාන් කියන්නේ වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?
ආදරේ කරන කාලේ නම් වගකීම් දරන්න අමාරුයි රොෂාන්ට. මොකද එයාගේ වැඩ ඔක්කොම ගෙදර අය කරලා දුන්නා. ඉස්සර තාත්තා තමයි හැමදේම කරලා දුන්නේ. පස්සේ එයාටම තේරුණා වගකීමක් ඇතිව වැඩ කරන්න ඕන කියලා. බබාලා ලැබෙන්න ඉන්නකොට තමයි රොෂාන්ට ඒ වගකීම් ගොඩාක්ම දැනුණේ.

රොෂාන් වැඩිපුරම ආදරේ කරන අය
රොෂාන්ට හැමදේටම මාව ඕනේ. ගෙදරදී වුණත් හැම තිස්සේම මාව ඕනේ. දරුවන්ටත් ගොඩාක් ආදරෙයි. මම හිතන්නේ වැඩිපුරම ආදරේ මට. ඊළඟට දරුවන්ට.

රොෂාන්ට සතුටු හිතුණාම?
ඒ වෙලාවට වැඩිපුර කතා කරනවා. ඒ කිව්වේ වෙනදාට වඩා කතා කරනවා. සතුට කියනවා. එයාගේ සතුට හංගන්නත් බෑ.

රොෂාන් වැඩිපුරම සතුටු වුණු දවස?
දුව හම්බවුණු දවසේ තමයි ගොඩාක්ම සතුටු වුණේ. මොකද ඒ පළමුවැනි බබානේ. අනෙක් බබාලා හම්බවෙච්ච දවස්වලත් ඒ වගේම සතුටු වුණා. ඒ වගේම පීපල්ස් අවෝඩ් හම්බවෙච්ච දවසෙත් ගොඩාක් සතුටු වුණා.

රොෂාන් දුකෙන් ඉන්නකොට?
ඒ වෙලාවට සද්ද නැතිව ඉන්නවා. මටත් ඒක තේරෙනවා. රොෂාන් හැමදේම මට කියනවා. එයා දුකෙන් නම් ඒ වෙලාවට එයා පාඩුවේ ඉන්න බලනවා.

වැඩිපුරම දුක් වුණ දවස?
වැඩිපුරම දුක් වුණේ නම් අම්මා නැති වුණ දවසේ. රොෂාන් අම්මා එක්ක හරිම එකතුයි. මොකද තාත්තා ටිකක් සැරයි.

රොෂාන්ට කේන්ති ගියාම
කේන්ති ගියාම වැඩිය කතා කරන්නේ නෑ. ඒ වෙලාවට ඒක මට තේරෙනවා. පොඩ්ඩක් කේන්තිය අඩු වෙනකල් ඉඳලා තමයි මම එයත් එක්ක කතා කරන්නේ.

රොෂාන්ගේ ඔබ කැමැතිම ගතිගුණ
එයා ඉන්න විදියට කැමැතියි. තව වැඩ කරන විදියට එහෙමත් මම කැමැතියි. රොෂාන් අරක්කු, සිගරැට් වගේ දේවල් මුකුත් බොන්නේ නෑ. ඒ දේටත් මං කැමැතියි.

ඔබ රොෂාන්ගේ අකැමැති ගතිගුණ?
රොෂාන් කෙනෙක්ට දෙයක් කියනකොට මූණටම කියනවා. එහෙම කියන්න එපා ඒ කෙනාගේ හිත රිදෙයි කියලා මම කියනවා. රොෂාන් ඒ වෙලාවට කියනවා. 'අද කියන්න ඕන දේ අද කියන්න ඕනේ. ඒ දේ හෙට කියලා වැඩක් නෑ' කියලා. තව කම්මැළිකමට නිදාගන්නවට මම කැමැති නෑ.

රොෂාන් ඇබ්බැහි වුණු දේවල්?
එහෙම විශේෂ දෙයකට ඇබ්බැහි වෙලා නෑ. හැබැයි ෆෝන් එක අතට ගත්තාම ඒකේ ටිකක් වැඩිපුර ඉන්නවා. එතකොට මම කියනවා අනෙක් වැඩ මඟඇරෙනවානේ කියලා. එතකොට 'ආ ඔව්නේ' කියලා ගිහින් වැඩ කරගන්නවා.

රොෂාන්ට තිළිණි සීමා පනවලා තියෙන දේවල්?
එයාට එහෙම මම කිසිම දෙයකට සීමාවක් පනවලා නෑ. එයා සීමාව දන්නවා. මට එයා ගැන කවදාවත් සැක හිතිලාත් නෑ.

රොෂාන් වෙන අයගේ අකැමැති ගතිගුණ?
බොරු කියන අයට එයා කැමැති නෑ. අනෙක් අයව කොටවන අයට කැමැති නෑ. එක තැනක එකක් කියලා තව තැනක වෙන දෙයක් කියනවාට කැමැති නෑ.

රොෂාන් වෙන අයගේ කැමැති ගතිගුණ?
පිළිවෙළට වැඩ කරන අයට කැමැතියි. කියන දේවල් ක්‍රියාවෙනුත් කරනවාද කියලා බලනවා. විනය ඒ වගේම ඇඳුම් පැලඳුම් ගැන වුණත් බලනවා.

රොෂාන් ගැන තිළිණිට නරක ආරංචියක් අහන්න ලැබුණොත්?
ඒ ගැන එයාගෙන්ම කතා කරලා අහනවා මූණටම. කතා කරලා අහන එක හොඳයිනේ. මොකද මට කවදාවත් රොෂාන්ව අවිශ්වාස නෑ.

රොෂාන් විලාසිතාවලට තියෙන කැමැත්ත
රොෂාන්ට හොඳට විලාසිතා ගැන තේරෙනවා. මගේ ඇඳුම් තෝරලා දෙන්නෙත් එයා. මම එයාට ඇඳුම් තෝරන අවස්ථා අඩුයි.

නිවාඩුවක් ලැබුණාම රොෂාන් මොකද කරන්නේ?
අපිත් එක්කම ඉන්න තමයි කැමැති. රොෂාන් ආසයි කට්ටියත් එක්කම හොටෙල් එකකට ගිහින් එන්න. නිතරම කියනවා යමු යමු කියලා. හැබැයි ඉතින් ළමයින්ට යන්න දවස් නෑ. වැඩත් එක්ක.

රොෂාන්ට කාන්තා ආකර්ෂණය ලැබෙද්දී ඉරිසියා හිතෙන්නේ නැද්ද?
ඉස්සර ඉඳලම රොෂාන්ට කාන්තා ආකර්ෂණය ලැබුණා. අපි බැඳපු මුල් කාලේ ලේවලින් ලියපු ලියුම් පවා රොෂාන්ට ආවා. ඒ වෙලාවේ නම් මාත් බය වුණා. හැබැයි රොෂාන් ඒවාට දක්වන ප්‍රතිචාරත් එක්ක ඒ බය එහෙමම නැති වුණා.

ළඟදී දෙන්නත් එක්ක යුග ගීතයක් ගායනා කළේ නැත්තේ ඇයි?
අපි දෙන්නා ඩුවට් කරලා තියෙනවා. හැබැයි ඒවා හිට් වුණේ නෑ. අපේ පහළොස්වැනි විවාහ සැමරුමට සින්දුවක් කළා. ඒක මීඩියාවලට දුන්නේ නෑ. රොෂාන්ගේ ඇල්බම් එකක් රිලීස් කරනවා ලබන අවුරුද්දේ. ඒ සින්දුවත් එතකොටම අහන්න පුළුවන්.

අපි නොදන්න රොෂාන්ගේ රහස්
රොෂාන්ට හොඳට විහිළු කරන්න පුළුවන්. කට්ටියව හිනාගස්සවන ඒ හැකියාව හොඳට තියෙනවා. කාටූන් චරිතවලට හඬකවන්න පුළුවන්. ළමයි එක්ක සෙල්ලම් කරද්දී තමයි ඒ හැකියාව එළියට එන්නේ. ආශ්‍රය කරන අය නම් ඒ ගැන දන්නවා.

උදාරා ඉන්දීවරී ජිනදාස




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top