Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
16
මොනව කිව්වත් කතන්දර අහන විදියට මම ජීවත් වුණේ නෑ කියල මම දන්නවනෙ - චම්පා ශ්‍රියානි - Photos

- මොනව කිව්වත් කතන්දර අහන විදියට මම ජීවත් වුණේ නෑ කියල මම දන්නවනෙ - චම්පා ශ්‍රියානි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,068 Views
ඉස්කෝලෙදි ෆිල්ම් එකක් බැලුවා ඒක තමයි අපි එකතුවෙලා කරපු දඟම වැඬේ
අද මම නොහිතපු හීන සැබෑකරගත්තු කෙනෙක් විදියට ජීවත් වෙනව

රංගන ශිල්පිනියක් වුවත් ක්‍ෂේත්‍රය තුළ සැඟවුණ චරිතයක් මෙවර විශේෂාංගයට එකතුකර ගන්න අපට හැකිවුණා චම්පා ශ්‍රියානි නම් වූ ඇය ගැටිස්සි කාලෙ කළ කී දේ මෙහෙම කිව්වා.

පුංචි තිර‍යට දවසෙන් දවස පායන විවිධාකාර තරු ගැන හැමතැනම කතාවුණත් පුංචි තිරයට විශාල මෙහෙවරක් කළ පැරණි නළු නිළියන් සම්බන්දයෙන් කතාබහට ලක්වනවා අඩුයි.

ඔවුන් කෙතරම් දක්ෂද කියනවනම් මේ තරුවල දීප්තිය දවසෙන් දවස වැඩි වනවා. එවන් ටෙලි තාරකාවක් තමයි චම්පා ශ්‍රියානි කියන්නෙත්. ඇය රංගන ශිල්පිනියක් වුවත් අද වන විට ක්‍ෂේත්‍රය තුළ සැඟවුණ චරිතයක්. මේ ඇගේ ජීවිතය ගැනයි.

ගැටිස්සි කාලෙ
 
අධ්‍යාපන කටයුතුවලට නැඹුරු වෙලා ඒවා අතපසු කරගන්නෙ නැතුව කරගෙන ගියා මිසක් බාහිර වැඩවලට තැනක් දුන්නෙම නැති තරම්. සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා උසස් පෙළ හැදෑරුවෙ විද්‍යා අංශයෙන්. පාසල් වේදිකාවට ගොඩ වුණේ හරිම අඩුවෙන්. ඒ කාලෙ රංගනයකට ඉදිරිපත් වුණා කියල මතක තියෙන්නෙ දහම් පාසලේ ප්‍රසංගයකට දික්තලා කාලගෝල නාට්‍යයේ දික්තලාට මම රඟපෑව එක තමයි.
 
 හරිම සුන්දරයි. කවදාවත් අමතක කරන්න බැරි කාලයක්. පළමුවැනි ශ්‍රේණියේ ඉඳල උසස් පෙළ දක්වාම ඉගෙන ගත්තෙ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ. ගණිතය කියන විෂයටත් සිංහලවලටත් මම හරි දක්‍ෂයි. වැඩිපුර ලකුණු ගත්තෙත් ඒ විෂයන් දෙකට. හොඳම රචනාවට තෑගිත් අරන් තියෙනව.
 
ඇසුරු කරපු යෙහෙළියො
 
ගීතා - සමන්ති - අනෝමා ඇතුළු ගොඩ දෙනෙක් හිටිය. ගීතා ලියනගේ කියන යෙහෙළිය ගොඩක් ළඟින් ඇසුරු කළා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. එයාගෙ ඥාති සහෝදරයෙක් තමයි මගේ පෙම්වතා වුණේ. අද වෙනකොට ගීතා මගේ හොඳම යෙහෙළිය වගේම ඥාති සහෝදරියක්.
 
කල්ලි ගැහුණු තැන්
 
 කල්ලි ගැහිල යාළුවො ආශ්‍රය කරන්න මට ඉඩ ලැබුණෙ හරිම අඩුවෙන්. මොකද ඉස්කෝලෙට විතරයි තනියම යන්න ලැබුණෙ. පවුලෙ එකම ගෑනු ළමය නිසා අම්මයි” තාත්තයි නිතරම මා දිහා ඇහ ගහගෙන හිටියෙ. ටිකක් ලොකු වෙද්දි නම් දෙහිවල මහජන පුස්තකාලෙට යන්න අවසර ලැබුණ. එහෙම වුණාට පුස්තකාලෙ ඇතුළෙ දඟලන්න කෑගහන්න බෑනෙ.
 
කරපු දඟ වැඩ
 
ඉස්කෝලෙදි නම් දඟලන්න වෙන්නෙම නෑ. මොකද අපිට හිටපු ගුරුවරු අපි දිහා ඇහැ ගහගෙනමයි ඉන්නෙ. විනය අතින් පාසල ඉහළ මට්ටමක තියාගන්න ඒ ගුරුවරු වගේම අපිත් සැලකිලිමත් වුණා. උසස් පෙළ කරන කාලෙ අපේ විද්‍යාගාරෙට ටී. වී. එකක්” ඩෙක් එකක් ලැබුණ. ෆිල්ම් එකක් බලන්න අපි හරිම ආසාවෙන් හිටිය. කොහොම හරි අපිට ‘දඩයම. ෆිල්ම් එක හමුවුණා. ඒ කාලෙ අපිට ඉගැන්නුවා නන්දන කියල තරුණ ගුරුවරයෙක්. අපි එයාට කිව්වා සර් උදව්වක් විදියට මේක බලන්න අවස්ථාවක් දෙන්න කියල. අනේ සේරම ටීචර්ලට හොරෙන් අපිට ඒ අවස්ථාව දීල සර් පැත්තකට වෙලා හිටිය. ඒක තමයි අපි එකතුවෙලා කරපු දඟම වැඬේ.
 
කරපු හොඳ වැඩ
 
දහම් පාසල් යන අතරෙ සර්වෝදයටත් සම්බන්ධ වෙලා හිටිය එතෙන්දි ගෑනු ළමයි පිරිමි ළමයි හැමෝම එකතුවෙලා ලේ දන්දීමේ පිංකම් වගේම විවිධ ශ්‍රමදාන පැවැත්වුවා. නැති බැරි අයට ආධාර උපකාර ලබාදෙන්න අපි හරියට මහන්සි වුණා. ධර්ම ශාලාවක් හදන්න සල්ලි එකතු කරා පාරවල් ගානෙ කොටු කාඞ් අරගෙන.
 
පට බැඳුණු නම්
 
අපි අතරෙ හිටපු කලබල චරිතවලට තමයි නම් දාල තිබුණෙ. එහෙම නැති නිසා මට නමක් වැටිල තිබුණේ නෑ. මම චම්පම තමයි. සමහර වෙලාවට චම්පි කියලත් යාළුවො කතා කරා. ක්‍ෂේත්‍රයට ආවට පස්සෙ තමයි චම්පා ශ්‍රියානි කියල මගේ නම ප්‍රසිද්ධ වුණෙ.
 
අහපු කයි කතන්දර
 
මම දැනුවත්ව මට කවුරුත් කතන්දර කියල නෑ. හොඳම තමයි ඇහුවෙ. නොදැනුවත්ව කවුරු මොනව කිව්ව ද කියල මම දන්නෙ නෑනෙ. මොනව කිව්වත් කතන්දර අහන විදියට මම ජීවත් වුණේ නෑ කියල මම දන්නවනෙ.
 
පිරිමි ළමයින්ගෙ ආශ්‍රය
 
දහම් පාසලේ සර්වෝදය සමිතිවල ගොඩක් පිරිමි ළමයි ආශ්‍රය කරන්න ලැබුණ. ඒ කාලෙ අපි සහෝදරයො වගේ හරිම සහයෝගයෙන් වැඩ කළා. අද නම් ඒ අය හමුවෙන්නෙ නැති තරම්.
 
කරපු විලාසිතා
 
මගේ ලොකුම විලාසිතාව වෙලා තිබුණෙ ඒ කාලෙ අම්ම දෙන ගොඩක් දිගට මහපු ඇඳුම් අඳින එක. විලාසිතා විදියට මගේ කොණ්ඩෙ ගැනත් නියපොතු ටික ගැනත් ඔය කියන කාලෙ මම ලොකු සැලකිල්ලකින් හිටිය.
 
 තිබුණ බලාපොරොත්තු
 
ගෑනු ළමයෙක් විදියට ඒ කාලෙ මගේ හිතේ තිබුණු එකම බලාපොරොත්තුව හොඳ බිරිඳක්” ගෘහණියක්” මවක් වෙන එක. අහම්බෙන් රංගන ශිල්පිනියක් වෙලා හිමි අහිමි - ගංගා සහ නිශ්ශංක - හිරුට මුවාවෙන් වැනි නිර්මාණවලට දායක වෙලා ගොඩක් ජනප්‍රිය වුණත් මම එදා ඉඳල තියාගෙන හිටිය බලාපොරොත්තු අත හැරියෙ නෑ. ඒවා ඒ විදියටම ඉටු කර ගත්ත. ඇත්තටම එදා සිට අද දක්වා මම ගෙවන්නෙ තෘප්තිමත් ජීවිතයක්.
 
දුක හිතුණ අවස්ථා
 
කවද කොතනකදි හරි මට කිසිසේත් අදාළ නැති අනවශ්‍ය ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවුණා නම් ඒ අවස්ථාවල තමයි මම වැඩියෙන්ම දුක්වෙලා තියෙන්නෙ.
 
සැබෑ නොවුණ හීන
 
තරුණ කාලෙ ඉඳල අද දක්වාම මම මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන චරිතයක්. හැමදාම ලද දෙයින් සතුටු වුණ කෙනෙක්. ඒ නිසා කවදාවත් සිහින තුළ ජීවත් වුණේ නෑ. අධ්‍යාපනය ලැබුවා. කීකරුව හැදුණ වැඩුණ. නිසි වයසෙදි විවාහ වුණා දරුව ලැබුව. අද මම නොහිතපු හීන සැබෑකරගත්තු කෙනෙක් විදියට ජීවත් වෙනව.
 
අමතක නොවණ සිදුවීම්
 
කටු ඉඹුල නාට්‍යයේ මම සෙයිදා කියල ගැමි චරිතයකට හිටියා. සෙයිදා වැවකට පැනල මැරෙනව. එතනදි මට මිනී පෙට්ටියක නිදාගෙන ඉන්න වෙනව. ඒ විදියට මම ඇතුළෙ ඉන්දෙද්දි පෙට්ටිය වහල අඩි දෙක තුනක් එළියට ගන්න දර්ශනයක් තියෙනව. පෙට්ටිය වැහුවම මගේ නහය තද වෙනව මොකද මිනිය නරක් වෙච්ච බව පෙන්නන්න නහයට කන්වලට පුළුන් ඔබල තියෙන්නෙ. ඒ වෙලාවෙ ඇතිවුණ අපහසුවත් එක්ක ඇත්තටම මට මරණ බය දැනුණ. මැරුණම කියල තමයි හිතුණෙ. ඒ සිදුවීම මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.
 
 ධම්මික හේවාවසම් - දිවයින

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  51 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  26 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  301 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  440 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  3,021 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  293 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  489 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  365 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  286 Downloads

Anthima Thathpare - Amila Nadeeshani
Anthima Thathpare
Amila Nadeeshani
⤵  474 Downloads



Top 10 Commenters

Latest Comments

Top