කැරිබියානු මුහුදේ Trinidad and Tobago රාජ්‍යයේ දුපත්වල පැවැත්වීමට සංවිධානය කර තිබුණු Sex Island උත්සවය නතර කිරීමේ උත්සයක එරට බලධාරීන් නිරත වී සිටිනවා.
එම උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ හෙට දින(14) සිට 17 වැනිදා දක්වයි. දින හතරක් පුරාවට පැවැතිවීමට නියමිතව තිබුණු මෙම සාදයට ගණිකාවන් 100ක් යොදා ගැනීමට නියමිත අතර මේ සදහා විවිධ මාදිලියේ තහනම් මත්ද්‍රවය මත්පැන් මිලදීගෙන තිබුණු බවත් සදහන්.
එමෙන්ම මේ වනවිට මෙම උත්සවය සදහා ටිකට් 50ක් පමණ ඇනවුම් වී ඇති බව විශ්වාස කරන බව එරට රජය සදහන් කරන අතර තවත් විශාල පිරිසක් විවිධ රටවලින් මෙම උත්සවය සදහා පැමිණීමට සිටින බවත් සදහන්. කොහොම නමුත් Sex Island උත්සවය සදහා එක් අයෙකුගෙන් පවුම් 4600ක් අය කරන බවත් සදහන්. මෙම උත්සවය සදහා සහභාගී වීමට Brian නමැති 16 හැවිරිදි සිසුවෙක් පියාගේ ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කරමින් ටිකට් ඇනවුම් කර තිබෙන අතර දිනුම් ඇදීමකින් ඔහුට තවත් ටිකට්පතක් නොමිලේ ලැබී තිබෙනවා.
එම සිසුවා ටිකට්පත ප්‍රදර්ශනය කරමින් පියා සමග ඡායාරූපක් ගෙන එය සමාජ ජාල ඔස්සේ පල කර තිබෙන බවත් සදහන්. එසේම මෙම උත්සවය සදහා කිසියම් කෙනෙකු සහභාගී වී තිබුණහොත් ඔවුන්ව එරටින් පිටුවහල් කරන බවත් අනතුරු අගවා තිබෙනවා. අධික කාම ආශාව ඇති පිරිස දින හතරක් පුරා ගණිකාවන්ගේ පහස විදිනට සැරසුනත් බොහෝ දුරට එම සාදය හෙට නොපවත්වීමට ඉඩ ඇතැයිද සදහන්. රජයේ අනතුරු සමග එය නතර විය හැකි බවත් විදෙස් මාධ්‍ය සදහන් කර සිටිනවා.