Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
13
ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ගුවනින් ගිහින් පොළොවට අත්හැරපු බීජ බෝම්බ මෙහෙයුම - Video & Photos

- ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ගුවනින් ගිහින් පොළොවට අත්හැරපු බීජ බෝම්බ මෙහෙයුම - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

40 Views
මෙරට වන ඝනත්වය වැඩි කිරීම සදහා ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට සහය දැක්වීමක් ලෙස නොච්චියාගම රනෝරාව රජයේ වනාන්තරයේ අක්කර 5 ක භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගුවනින් බීජ ඉසීමේ වැඩසටහනක් ඊයේ (12) ක්‍රියාවට නැංවුණා.

කරඳ, මී සහ කුඹුක් යන ශාඛ වර්ගයන්ට අයත් බීජ ඊට යොදාගෙන තිබෙනවා.

බීජ 5000 ක් පමණ එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ආධාරයෙන් පොළොවට ඉසීම සිදු කළ බවයි ගුවන් හමුදාව කියාසිටියේ.

ශ්‍රී ලංකාවේ වන ඝණත්වය වැඩි කිරිමෙහිලා ක්‍රියාත්මක වන ව්‍යාපෘති ගණනාවක් සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතාගේ නායකත්වය යටතේ සිය සක්‍රීය අනුග්‍රහය සපයමින් සිටිනවා.

එම මහගු කර්තව්‍යයේ තවත් එක් සුවිශේෂි අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මෙම ගුවනින් බීජ ඉසිමේ ව්‍යාපෘතියට ගුවන් හමුදාවේ දායකත්වය සැපයිම හැදින්විය හැකියි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම සුවිශේෂි කාර්යට දායකත්වය සැපයිම තුලින් සිය ස්වකීය අභිමානය වන ගුවන් බලය මගින් තම ප්‍රධාන අරමුණ වන ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට අමතරව තම රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් හරිත අනාගතයක් දායාද කිරිම උදෙසා ඉමහත් සතුටින් මෙම ව්‍යාපෘතිය සදහා කැපවී සිටි.

මෙම ව්‍යාපෘතිය ක්‍රීයාවට නැන්වීම සදහා කටුනායක ගුවන් හමුදා කඳවුරු විධායක කෘෂි ඒකකය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා පුද්ගලික සමාගමක් සමග අත්වැල්  බැදගත්තා.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයක් වන වර්ෂ 2030 වන විට හරිත ආවරණය 27% සිට 32% දක්වා වර්ධනය කිරිම මෙමගින් අපේක්ෂා කරන මුලික අරමුණ බව සඳහන්.

නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රීයාවට නැංවු මෙම ව්‍යාපෘතිය රනෝරාව රජයේ වනාන්තරයේ අක්කර පහක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගුවනින් බීජ ඉසීම සිදුකරනු ලැබුවා... ‍

මෙම ප්‍රදේශය අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ආසන්න වශයෙන් ගුවන් සැතපුම් 13 ක් පමණ දුරින් පිහිටා ඇති අතර මෙම මෙහෙයුමට කරඳ, මී සහ කුඹුක් යන ශාක වර්ගයන්ට අයත් බිජ යොදා ගත් බවයි පැවසෙන්නේ.

මෙම බිජ විවිධ සංයුතීයෙන් යුත් රෝපණ මාධ්‍ය 16 ක අන්තර්ගත කොට ආසන්න වශයෙන් බීජ 5000 ක් පමණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ආධාරයෙන් පොළවට ඉසීම සිදුකරනු ලැබුවා.



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top