දරුණු වකුගඩු රෝගයක් නිසා මිය ගිහින්....
සියලුම පොලිස් නිලධාරීන්ගේ ආදරය දිනාගත් සුනඛයෙක්...
යාපනය කෝපායි පොලීසියට අනියුක්තව සිටි පොලිස් සුනඛ ‘සාසා‘ හදීසි අසනීපයක් හේතුවන් මිය ගිය ගොස් තිබුණා.
බෝම්බ සෙවීමේ විශේෂඥයෙකු ලෙසද සැලකූ ‘සාසා‘ බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය සෙවීම සම්බන්ධයෙන් පුහුණුවක්ද ලබා ඇති අතර කෝපායි මෙන්ම යාපනයේ සියලුම පොලිස් නිලධාරීන්ගේ ආදරය දිනාගත් සුනඛයෙකු ලෙසයි සැළකෙන්නේ.
මෙම පොලිස් සුනඛයා දරුණු වකුගඩු රෝගයකින් පෙලීම නිසා මිය ගොස් ඇති අතර සුනඛයා භාරව සිටි පොලිස් සැරයන් (32896) සමරවීර ඇතුලු පොලිස් නිලධාරීන් ‘සාසා‘ගේ අවසන් කටයුතු පසුගියදා ගරු බුහුමන් සහිතව කෝපායි පොලීසියේදී සිදු කර තිබුණා.