කෙසේ වෙතත් අද ඔහුගේ නික්ම යාමත් සමඟ ඔහුගේ හඬට ආදරය කළ බොහෝ දෙනෙක් මුහුණු පොතට සංවේදී සටහන් එකතු කර තිබෙනවා.
කීර්ති පැස්කුවෙල් තම ගිණුමේ සටහනක් තබමින්, උපාලි කන්නංගර කලාකරුවාගේ අවසන් කටයුතු පිළීබඳව ඉදිරියේ දැනුම් දීමක් සිදුකරන බව කියා තිබෙනවා.
උපාලි කන්නංගර මහතාගේ අවසන් කටයුතු.
ප්‍රවීන ගායක, වාදන ශිල්පී, සංගීත අධ්යක්ෂ උපාලි කන්නංගර මහතාගේ අවසන් කටයුතු 15වන සෙනසුරාදා සවස 4ට කොහුවල පොද සුසාන භූමියේදි සිදුකෙරෙන බව සංවේගයෙන් දැනුම් දෙමු. 12දා මධ්‍යම රාත්‍රියේ සිට දේහය අංක 19A, 4වෙනි පටුමග, ජම්බුගස්මුල්ල මාවත, නුගේගොඩ යන නිවසේ දයාබර හිතවතුන්ට රසිකයන්ට අවසන් ගෛරවය දැක්වීම සඳහා තැන්පත් කරනු ඇත.
ආදරණීය උපාලි.....
ඔබ නැති හිස් තැන පුරවන්නට මේ සංගීත ලොවේ කිසිම දිනෙක කිසිවකු බිහිනොවනු ඇත. එබැවින් ඔබම ඉක්මනින් නැවත අප අතරට එන්න.. මේ සසර ගමන අවසන යම් භවයක ඔබට අමාමහ නිවන් සුව අත්වේවා..
ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමය.