මූල්‍ය වංචා කිරීමේ චෝදනාවට ලක්ව සිටින ඉන්දියාවේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු වූ විජේ මල්යා (Vijay Mallya) බ්‍රිතාන්‍යයේ සිට යළි ඉන්දියාවට පිටුවහල් කළ හැකි බව ලන්ඩන් අධිකරණයක් තීන්දු කර තිබේ.
ඔහු පිටුවහල් කිරීමට අදාළ නියෝගයට අනුමැතිය ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය දේශීය කටයුතු අමාත්‍යංශයේ ලේකම් වෙත යැවීමට නියමිතය.
කිංග්ෆිෂර් (Kingfisher) බියර් සමාගමේ ද හිමිකරු වූ විජේ මල්යා, අමෙරිකානු ඩොලර් මිලියනයකට අධික ණය ගෙවීම පැහැර හරිමින් 2016 වසරේ මාර්තු මාසයේදී ඉන්දියාවෙන් පිට වී තිබේ.
තමන් ඉන්දියාවෙන් "පළා ගිය" බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන ඔහු පවසන්නේ, "කොන්දේසි විරහිතව" ජූලි මාසයේදී සියලු මුදල් ආපසු ගෙවන බවට තමන් දැනුම් දී ඇති බවය.