Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
12
"අවුරුදු 13 දී මුට්ට කරගැසුවා. පාන්, බනිස් විකිණුවා, ඒ සල්ලී අම්මට දුන්නා.." - මුට්ට කරගසා ජීවිතය ජය ගත් ලෝක ශුරයාගේ සංවේදී කතාව

- "අවුරුදු 13 දී මුට්ට කරගැසුවා. පාන්, බනිස් විකිණුවා, ඒ සල්ලී අම්මට දුන්නා.." - මුට්ට කරගසා ජීවිතය ජය ගත් ලෝක ශුරයාගේ සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

61 Views
"මගෙන් බොහෝ දෙනෙක් අහනවා මේ ජයග්‍රහණයට හේතුව මොකක්ද කියලා.."

"ඉස්කෝලේ ගිය නැති මම අන්තිමට ගෞරව උපාධියකුත් ගත්තා.."

පිලිපීනයේ කිබාබේ ප්‍රදේශයේ පදිංචි වී සිටි අන්ත දුප්පත් පවුලක 1978 දෙසැම්බර් 17 වැනිදා පිරිමි දරුවෙකු උපත ලැබුවා. ඔහුගේ නම එම්මානුවෙල් ඩැපිඩ‍්‍රන් පැකියෝ. මේ පවුලේ ඔහුත් සමග දරුවන් හයදෙනෙකු සිටියා.  දරුවන්ගේ පියා වෙනත් කාන්තාවක් සමග සබඳකමක් ගොඩනංවාගෙන ඇය සමගින් පවුලෙන් වෙන්වුණා. දරුවන් හයදෙනෙක් සමග මව තනිවුණා.  

”අනේ, මම මොනවා කරන්නද? මම කොහොමද තනියම මේ දරුවන් හයදෙනෙකුගේ බඩවල් පුරවන්නේ?” ඇය පත්වුණේ ඉතාමත් අසරණ තත්ත්වයකටයි.

මේ අවාසනාවන්ත ඉරණමේ ඇරඹුමත් සමග පැකියෝගේ පාසල් ගමනට නැවතීමේ තිත තැබුණා.

”මං කැමති නැහැ අම්මට බරක් වෙන්න. මමත් තනිවම කොහොම හරි කීයක් හරි හොයාගෙන අපේ පවුල ජීවත් කරවන්න අම්මාට උදව් වෙනවා.” දහතුන් වැනි වියේ පසුවුණු පැකියෝ එහෙම සිතුවේ වැඩිහිටියෙක් වගේ. අම්මා තමා ඇතුඵ සහෝදර සහෝදරියන්ව ජීවත් කරවන්න විඳින දුක් කන්දරාව ඔහු හොඳින්ම තේරුම් ගෙන සිටියා.

ජීවිත සටනට මුහුණ දෙන්න පැකියෝ මැනිලා නගරයට ආවා. එහිදී ඔහු ඔහුටත් වඩා කිහිප ගුණයක් බර මුට්ට කරගැසුවා. පාන්, බනිස් විකිණුවා. තවත් සුළු සුළු රැකියා කිහිපයක්ම කළා. කම්මැළිකම කියන වචනයවත් අසා නොතිබුණු ඔහු වැඩ කළේ කඩියෙක් වගෙයි.

පැකියෝට පෘෂ්ඨිමත් ශරීරයක් තිබුණා. ඔහු එයින් ප්‍රයෝජන ගනිමින් සටන් ශිල්පය පුහුණු වෙන්න තීරණය කළා. හොඳින් පුහුණු වූ ඔහුට හොඳ සටන් ශිල්පියෙක් වෙන්න ගතවුණේ බොහොම කෙටි කාලයයි.  එතැන් පටන් ඔහුගේ අමතර ආදායම් මාර්ගය වුණේ සටන් කිරීමයි. ඒ කියන්නේ ඔහු මුදල් උපයාගැනීම වෙනුවෙන් සටන් කළා. සටන්වලින් ජයගත් ඔහුට ලැබුණේ ඩොලර් 3 ක් වැනි ඉතාමත් සුළු මුදලක්. වැඩි ආදායමක් උපයාගත්තේ ඔහු වෙනුවෙන් ඔට්ටු ඇල්ලූ තැරැව්කරුවන්.

”කමක් නැහැ. මොනව කරන්නද. ලැබෙන මුදල භාරගන්නවා” පැකියෝ හිත හදාගත්තා. ඔහු මේ විදිහට උපයන මුදලින් කොටසක් අම්මාට යැව්වා. අම්මාට වැඩි මුදලක් යවන බලාපොරොත්තුවෙන් ඔහු වැඩි වැඩියෙන් සටන් තරගවලට සහභාගී වුණා.

ඔහු තව තවත් හොඳින් සටන් ශිල්පය පුරුදු වුණේ ඉතාමත් කැපවීමෙන්, උනන්දුවෙන්. මේ හේතුවෙන් වයස අවුරුදු 17 වෙද්දී පැකියෝ වෘත්තීය බොක්සිං ක්‍රීඩකයෙකු බවට පත්වුණා. ඔහු මුල් වරට ෆ්ලයිවේට් බර පන්තියේ ලෝක ශූරතාවය දිනාගත්තේ 20 හැවිරිදි වියේදීයි. ශරීරයේ බර වැඩිකර ගත් පැකියෝ බැන්ටම් වේට් ලෝක ශූරයාද පරදවන්නට තරම් සමතෙකු වුණා.

පැකියෝ බොක්සිං ක්‍රීඩාව තුළින් බර පන්ති අටකම ලෝක ශූරතාවය දිනාගත්තා. එවැනි මහා දස්කමක් කරන්නට හැකිවුණු ලෝකයේ පළමුවැන්නා බවට පත්වූයේ ඔහුයි.  එදා ඩොලර් තුනක් වෙනුවෙන් සටන් කළ පැකියෝ 2015 වර්ෂය වෙද්දී ලෝකයේ ඉහළම ගෙවීමක් ලබන බොක්සිං ක්‍රීඩක ලැයිස්තුවේ දෙවැන්නා බවට පත්වුණා.

සටන්කරුවෙකු විදිහට කොයිතරම් ලෝක ප්‍රසිද්ධ වුණත් එයින් මහා ධනයක් උපයාගත්තත් ඔහු උගත්කමට ඉතාමත් ගරු කළ කෙනෙක්. දුප්පත්කම නිසා ඔහුට අහිමි වූ අධ්‍යාපනය සම්පූර්ණ කරන්න ඔහු සිතාගත්තේ ඒ නිසයි. තමාට මගහැරුණු ද්විතියික විභාගවලින් 2007 දී ඔහු සමත් වුණේ බොහෝ ඉහළින්.  පිලිපීනයේ ජීවත් වුණු තමා වැනි අන්ත දුප්පතුන්ගේ යහපත වෙනුවෙන් පැකියෝ බොහෝ වැඩ කටයුතු ඉටුකර තිබුණා. විශේෂයෙන් දුප්පත් දරුවන්ගේ ඉගෙනීම, සෞඛ්‍ය පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් ඔහු දුන්නේ ඉතාමත් මුල් තැනක්.

මේ විදිහට දුප්පතුන් වෙනුවෙන් ඉටුවුණු ඉතා වටිනා මෙහෙවර ඇගයීමට ලක්කරමින් 2009 දී පැකියෝට ගෞරවනීය ආචාර්ය උපාධියක් පිරිනැමුණා.  අද පැකියෝ පිලිපීන පාර්ලිමේන්තුවේ සෙනෙට් සභිකයෙක්ද වී සිටිනවා.  ”මම බොක්සිංවලින් විතරක් නෙවෙයි ජීවිතයත් ඉහළින්ම ජය ගත් කෙනෙක්. මගෙන් බොහෝ දෙනෙක් අහනවා මේ ජයග්‍රහණයට හේතුව මොකක්ද කියලා. මට දෙන්න තියෙන එකම පිළිතුර තමයි කැපවීම. කැපවීමක් නැති ජීවිතයක කිසිම හරයක්, ඵලයක් නැහැ” පැකියෝ පවසනවා.

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top