වසරේ හොඳම වෙබ් අඩවිය ලෙස hirufm.lk පිදුම් ලබයි - සමස්ත ශූරතාවයත් හිමි කර ගනී
SLT Zero One Awards 2018 සම්මාන උළෙලේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ හොඳම වෙබ් අඩවිය ලෙස
www.hirufm.lk සම්මානයට පාත්‍ර වුණා.
සම්මාන උළෙලේ, ඩිජිටල් තාක්ෂණය භාවිත කළ හොඳම යෙදවුම හෝ සේවාව අංශයේ දෙවන ස්ථානය සඳහා වන සම්මානය හිමිකර ගත්තේ
www.hirunews.lk විසින්.
හොඳම ජංගම දුරකථන මෘදුකාංගය අංශයේ දෙවන ස්ථානය හිමි සම්මානය හිරු ස්ටාර් (Hiru Star) ජංගම දුරකථන මෘදුකාංගයට හිමවූ අතර තුන්වන ස්ථානය හිරු එෆ්. එම් (Hiru FM) ජංගම දුරකථන මෘදුකාංගයට හිමි වුණා.
එම අංශයේ ප්‍රථම ස්ථානය හිමිවුයේ වයිබර් (viber) ජංගම දුරකථන මෘදුකාංගයටයි.
මීට අමතරව එම සම්මාන උළෙලේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ සමස්ත සම්මානය ද හිමි කර ගත්තේ
www.hirufm.lk වීම විශේෂත්වයක්.
මෙම සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ දී පැවැත් වුණා.