"දෙදෙනාගේ රූපලාවන්‍ය කටයුතු කර තිබෙන්නේ කලින් විවාහයේ දියණිය..."
"මනාලයාට 53යි මනාලියට 50යි.."
ඇතැම් අය එක එක දේවල් නිසා කතාබහට ලක් වෙනවා. කතාබහට ලක් වෙන්න මොන යම් හෝ දෙයක් කරනවා. මේ කියන්න යන්නෙත් කා අතරත් කතාබහට ලක් වූ සිදු වීමක් ගැනයි. ඒ විවාහ උත්සවයේදී මනමාලයත් මනාලිය වගේ විවාහ මංගල උත්සවයට සහභාගී වූ කතාවක් ගැන. Ian Newman තමයි මනමාලයා. ඔහුගේ වයස අවුරුදු 53යි. ඔහු විවාහ කර ගන්නේ Emma Sparre ව. ඇයගේ වයස අවුරුදු 50යි. එමාගේ අතගත් මනාලයා ගැහැණු කෙනෙක් වගේ අදින්න පළදින්න පටන් අරගෙන තියෙන්නේ 2011 වර්ෂයේ සිට කියලයි එමා නම් කියන්නේ.
ඇයව මුණගැහෙද්දී ඔහු සිටියේ පිරිමියෙක් ලෙස කලිසමක් හා ෂර්ට් එකක් හැද සිටි නමුත් ඔහුට ආදරේ ප්‍රකාශ කළ පසු ඔහු ගැහැණු කෙනෙක් වගේ අදින්න ආස බව ඇයට පවසලා තිබෙනවා. ඒ ඔහුගේ කැමැත්ත නිසා ඊට ඉඩ දෙන්න එමා කැමති වෙලා. ඒ කැමැත්තෙ ප්‍රථිපලයක් තමයි විවාහ උත්සවයේදීත් ඔහු ගවුමක් භාවිතා කිරීම කියලයි කියන්නේ. ඒ වගේම දෙදෙනාම විවාහයට එකම විලාසිතා භාවිතා කර තිබෙනවා.
ඒ වගේම එමාට ඔහුව මුණගැසී තිබෙන්නේ මිට වසර දෙකකට පෙර උත්සවයකදී. එතැන් පටන් දෙදෙනා ආදරේ කළ බවත් විවාහ වූ බවත් එමා කියන්නේ සතුටින්. එමාගේ සැමියාට කලින් විවාහයේ දියණියක් සිටිනවා. ඇයගේ නම Kate. වයස අවුරුදු 27යි. ඇය තමයි මේ දෙදෙනාගේ රූපලාවන්‍ය කටයුතු කර තිබෙන්නේ. ඇය නම් මෙය පුදුමයක් විදිහටයි දකින්නේ.