ඊජිප්තුවේ ලෝක ප්‍රකට ගීසාහි කුෆු මත ඩෙන්මාර්කයේ යුවලක් ලිංගික සංසර්ගයේ යෙදෙන විඩීයෝවක් හා ඡායාරූප හේතුවෙන් ඊජිප්තු වැසියන් දැඩි කෝපයට පත් වී සිටිති.
මෙම යුවල එම පිරමීඩයේ ඉහළටම නඟින ආකාරයත් අනතුරුව ඇඳුම් ඉවත්කරක ආකාරයත්, ලිංගික සංසර්ගයේ යෙදෙන වආකාරයත් අවට පිරමීඩ හා පරිසරය සමඟ මෙම විඩියෝවේ හා ඡායාරූපවල තිබේ.
මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වන ලෙස ඊජිප්තු රජය එරට නීතිපතිවරයාට නියෝග කර තිබේ.
මෙම නිරුවත් රංගනය සිදු කර ඇත්තේ ඩෙන්මාර්ක් ඡායාරූප ශිල්පියකු වන ඇන්ඩ්‍රියස් හැවිඩ් විසිනි.
ඊජිත්තු පිරමීඩවලට නැඟීම තහනම් වන අතර ඒවාට දැඩි ආරක්ෂාවක්ද යොදවා තිබේ.