පොළොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයෙන් ඉසෙඩ් - ඩී ඇලට වැටී සිටි වන අලියෙකු ඉන් ගොඩගෙන එම ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයකට පලවා හැරීමට වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමත්ව තිබෙනවා.
අද (08) අලුයම හයට පමණ ඇලට වැටී ඇති මෙම වන අලියා වැලිකන්ද වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ පැය හයක පමණ මෙහෙයුමකින් අනතුරුව ඇලෙන් ගොඩ ගැනීමට සමත් වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.