Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
08
"මම එදා ඉඳන්ම සාමාන්‍ය ගැහැනියක්, පොළට ගිහින්, කඩේට ගිහින් බඩුවක් මුට්ටුවක් ගන්න කෙනෙක්.." - ඕෂධී හේවාමද්දුම

- "මම එදා ඉඳන්ම සාමාන්‍ය ගැහැනියක්, පොළට ගිහින්, කඩේට ගිහින් බඩුවක් මුට්ටුවක් ගන්න කෙනෙක්.." - ඕෂධී හේවාමද්දුමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18 Views
"මහත්තයා කිව්වා මේ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ කියලා .."

"අව්වට පිච්චෙන්න, වැස්සට තෙමෙන්න සිද්ධ වෙනවා. මම ඒකට ලෑස්තියි..."

ඕෂධී හේවාමද්දුම රංගන ශිල්පිනියක් පුංචි තිරයේ ජනප්‍රිය චරිතයක් වුණු ඕෂධී දේශපාලනයට පිවිසෙන්නට බලාපොරොත්තුවෙන් සිටී. කලාකරුවන්, කලාකාරියන් කිහිපදෙනෙකුම දේශපාලනයට පිවිසුණ ද ඒ අතරින් අද වෙද්දී දේශපාලන තනතුරුවල රැඳී සිටින්නේ සීමිත පිරිසකි. ජනප්‍රියත්වය නිසා රසික රසිකාවියන්ගේ ඡන්දයෙන් දේශපාලනයට පිවිසුණු ඇතැම් කලාකරුවෝ කලාකාරියෝ අවසානයේදී ජනතාවගේ දෝෂාරෝපණයට ලක්වී තනතුරු පවා අහිමි කරගත්හ. දේශපාලනයට පිවිසුණු ඕෂධී තමන්ගේ අරමුණු පිළිබඳව අදහස් දක්වන්නේ මෙසේය.

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...?
මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට ආපු මුල්කාලේ ඉඳන්ම මම සමාජ සේවා කටයුතුවල නිරත වුණා. ඉතින් කලාව කියන දේ හිතේ තිබුණේ නැතත් දේශපාලනය කියන දේ තේරෙන කාලේ ඉඳන්ම මගේ හිතේ තිබුණා. සමහර විට රංගන ශිල්පිනියක් නොවී මම වෙනත් වෘත්තියක නියැලුණු අනිවාර්යයෙන්ම කවදා හරි දවසක දේශපාලනයට මම එන්න ඉඩ තිබුණා.

දේශපාලනය කරන්න පුළුවන් හැකියාවක් දේශපාලන දැනුමක් හා අත්දැකීම් ඕෂධීට තියෙනව කියලා හිතෙනවාද...?
මගේ අම්මා තාත්තා ඍජුවම දේශපාලනයට සම්බන්ධ අය නෙමේ. හැබැයි මගේ සීයා බණ්ඩාරනායක මැතිනියගේ කාලයේම ඍජුවම දේශපාලනයට සම්බන්ධ කටයුතු කරපු කෙනෙක්. ඔවුන් ඡන්ද නොඉල්ලුවාට ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වෙලා හිටපු අයයි. ඒ ලේ වල බැඳීමක් මට තියෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි මගේ සැමියා. ඔහු තුළ දේශපාලනය පිළිබඳ හොඳ වැටහීමක් තිබුණා. මම ඍජුවම ක්‍රියාකාරී දේශපාලනයේ කටයුතු කරන්න පටන්ගත්තේ 2015 අවුරුද්දෙන් පස්සෙයි. මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටිනවාය කියන මතයේ ඉඳගෙන තමයි මම දේශපාලනයට පිවිසුණේ. අපේ රටේ තියෙන දේශපාලන ක්‍රමය හරි වෙනස්. කාන්තාවකට මේ ගමන එන්න අමාරුයි. දරාගෙන එන්න පුළුවන්නම් විතරයි දේශපාලනයට එන්න ඕනේ. ඉතින් 2015 මැතිවරණයෙක් පස්සේ මහින්ද මහත්තයා වටා හිටපු කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් එතුමා අතහැරියා. ප්‍රේමදාස මහත්තයාට පස්සේ කලාකරුවන් එක්ක සමීපම හිටපු දේශපාලන චරිතය විදිහට මම දකින්නේ මහින්ද රාජපක්ෂ මහතායි.

හැබැයි එතුමාගේ පරාජයක් එක්ක කලාකරුවන් බොහෝම සීමිත පිරිසක් විතරයි එතුමාට ඉතිරි වුණේ. එතුමා බලයේ ඉන්න කාලේදී මම දේශපාලන කටයුතුවලට වැඩිය ගිය නැහැ. නමුත් අපේ රටේ යුද්ධයේ ජයග්‍රහණය කළ එතුමා මේ රටේ ඇතැමුන් තනි කරද්දී රටම ආදරය කෙනෙක් විදිහට එතුමා සහයෝගය දක්වන්න මට උවමනා වුණා. 2015 දී එතුමා පැරදුණාට පස්සේ මගේ මහත්තයා පවා කියපු දෙයක් තමයි ''ඕෂධී ඔයා මේ වෙලාවේ මේ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ.'' කියලා. මේ රට වෙනුවෙන් අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් එතුමා කළ දේ අපි අමතක කරන්න නරකයි. එතන ඉඳන් තමයි මම ක්‍රියාකාරී දේශපාලනයට පැමිණියේ. මේ අවුරුදු තුන තුළදී මම දේශපාලන අත්දැකීම් ලබාගත්තා. ඊට අමතරව මම තව අධ්‍යයනය කරන්න ඕනේ කියලත් මම විශ්වාස කරනවා. වෙනත් අධ්‍යාපනයක් මම ඉගෙන ගෙන තිබුණත් දේශපාලන දැනුම තව ඉදිරියටත් ලබාගන්න ඕනේ කියලා විශ්වාස කරනවා.

ජනප්‍රියතාවය නිසා කලාකරුවන් කලාකාරියන් බොහෝ පිරිසක් දේශපාලනයට පිවිසුණා. හැබැයි බොහෝදෙනා චෝදනා කරන දෙයක් තමයි ඒ අයගෙන් කලාවට, රටට කිසිම යහපතක් වුණේ නැහැ කියලා...? ඕෂධීත් දවසක ඒ ගොඩටම වැටෙයිද...?
මම කලාකාරියක් තමයි. කලාකාරියක් ලෙසින් දේශපාලනයට ආවත් මට කලාව විතරක් බලන්න බැහැ. කලාවට එක කොටසක් කැපකරන්න පුළුවන්. මාව මේ රටේ දේශපාලනයට පත්කරන්නේ මේ රටේ කලාකරුවන්, කලාකාරියක් විතරක් නෙවේ. පොදුවේ මහජනතාවගේ ඡන්දයෙන් තමයි අපි දේශපාලනයට පිවිසෙන්නේ. ඒ නිසා එවැනි දේශපානයට පිවිසුණු කෙනෙක්ට කලාව ගැන පමණක්ම බලන්න බැහැ. පොදුවේ සියලුම මහජනතාව වෙනුවෙන් සේවයක් කරන්න ඕනේ. හැබැයි මගේ වෘත්තිය කලාව නිසා මම කලාව ගැන යමක් දන්නා නිසා අනිත් අයට වඩා එවැනි කලාකරුවන්ට හැඟීමක් තියෙනවා. ඒ නිසා කලාවේ ඇතිවෙන අර්බුද වෙනුවෙන් ඒ කලාකරුවාට හෝ කලාකරියක් යම් දෙයක් කරන්න පුළුවන්. ඒක මම විශ්වාස කරනවා.

මුලදී ඔහොම කියපු බොහෝ දෙනා දේශපාලන තනතුරු ගත්තට පස්සේ ඒ හැම දෙයක්ම අමතක වෙලා යනවා...?
ඉස්සර විජය කුමාරණතුංග මහත්තයා, ගාමිණි ෆොන්සේකා මහත්මයා වගේ අය කලාවේ වගේම දේශපාලනයෙන් හරිම සාර්ථක වෙච්චි චරිත. එතනින් පස්සේ ඒ වගේ චරිත අපි දැක්කේ හරිම අඩුවෙන්. ඒ අතරේ කිහිපදෙනෙක් හරියට වැඩකරන අය ඉන්නවා. නමුත් බහුතරයක් කලාවට සේවය කළෙත් නැහැ. රටට සේවය කළෙත් නැහැ. ඒක ඇත්ත. නමුත් ඒකට හේතුව රැල්ලට දේශපාලනයට පිවිසුනා මිසක් දේශපාලන දැනුම ඇතිව එතනට ගියේ නැහැ. ඒක තමයි ප්‍රධානම හේතුව.

කලාකාරියකට මේ රටේ මිනිසුන්ගේ ආදරේ පොදුවේ ලැබෙනවා. නමුත් දේශපාලනයට පිවිසීමත් එක්ක ඒ කැමැත්ත ලැබෙන්නේ පක්ෂයක් හෝ කණ්ඩායමන් විදිහට. කලාකාරියන්ට ආදරය කළාට දේශපාලනයේදී තියෙන්නේ කැමැත්ත විතරයි...?
ඔව්... ඒක ඇත්ත... ඒ ඇත්තට මම මුහුණ දෙන්න ලෑස්තියි. පසුගිය අවුරුදු තුනහාමාරේදී මම ඒක අත්වින්දා. අදටත් ඒක අත්විඳිනවා. පොදුවේ පක්ෂ පාට භේදයකින් තොරව හිටපු රසික රසිකාවියක් දේශපාලනයට පිවිසීමක් එක්ක මට කැඩුණා. හැබැයි එක්තරා බුද්ධිමත් පිරිසක් ඕෂධී හේවාමද්දුම කියන දේශපාලනය කරන කෙනාට වඩා පොදුවේ කලාකාරියට ආදරය කරන අයත් ඉන්නවා. මම නියෝජනය කරන පක්ෂයේ නෙමේ, වෙනත් පක්ෂයක නියැලුණත් ඕෂධී හේවාමද්දුම තියන රංගන ශිල්පිනියට තාමත් ආදරෙයි. මගේ නිර්මාණවලට ආදරෙයි. හැබැයි ඒ පිරිස හරි සීමිතයි. හැබැයි ඕනෑම කලාකරැවෙක් හෝ කලාකාරියක් දේශපාලනයට එනවානම් ඒක බලාපොරොත්තු වෙන්නම ඕනේ.

කලාකාරියක් රූපය ගැන හරි සැලකිලිමත්නේ... මේකප් කරගෙන, ලස්සනට ඉන්න හරි කැමතියි. නමුත් සැබෑ දේශපාලනය කරද්දී අව්වට පිච්චෙන්න, වැස්සට තෙමෙන්න, අහිංසක මිනිස්සු එක්ක ගැවසෙන්න සිදුවෙනවා. මේකට ඕෂධී සූදානම්ද...?
රංගන ශිල්පිනියක් වුණෙත් එදා ඉඳන් පොළවේ පය ගහලා ජීවත් වුණු කෙනෙක්ට නම් ඒක එච්චර ප්‍රශ්නයක් නෙමේ. ඕනෑම කලාකරැවෙක්ට, කලාකාරියකට තරු ගුණය තිබෙන්න ඕනේ. සාමාන්‍ය සමාජයේ කෙනෙක්ට වඩා ඔහු ගැන හෝ ඇය ගැන මිනිස්සු බලනවා. තරු ගුණය තිබ්බත් පොළවේ පය ගහලා ජීවත් වෙන චරිතයක් වුණොත් සාමාන්‍ය ජනතාවගේ දාඩිය සුවඳ දැනෙන කෙනෙක් වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම එදා ඉඳන්ම සාමාන්‍ය ගැහැනියක් පොළව ගිහින්, කඩේට ගිහින් බඩුවක් මුට්ටුවක් ගන්න කෙනෙක්. සාමාන්‍ය විදිහට ළමයාව පාක් එකට, ඉස්කෝලේට අරගෙන යන කෙනෙක්. සාමාජයත් එක්ක මම නිතරම ඉන්න කෙනෙක් නිසා මට දේශපාලනඥයෙක් කියන තැනේදී ලොකුවට අනුගත වෙන්න දෙයක් වෙලා නැහැ. හැබැයි කලාකාරියකට වඩා අව්වට පිච්චෙන්න, වැස්සට තෙමෙන්න සිද්ධ වෙනවා. මම ඒකට ලෑස්තියි.

ඕෂධී දේශපාලනයට පිවිසීම ගැන ඔබේ හිතවත් කලා පවුල මොකද කිව්වේ...?
එක එක්කෙනාගේ මත වෙනස් වෙනවා. කලාකරුවන් අතරේත් දේශපාලන විවිධ මත දරන අය ඉන්නවානේ. සමහරු මම දරන දේශපාලනයට විරුද්ධ මත ඉදිරිපත් කරනවා. ඒ අය සමහර වේලාවට බොහෝම සුහදශීලී සංවාද විවාද යන වෙලාවලුත් තියෙනවා. හැබැයි සමහර වෙලාවට අපි දේශපාලනය ගැන කතා නොකරම වැඩකරන වෙලාවලුත් තියෙනවා. කිසිම පක්ෂයකට නැති සමහර කලාකාරියක් කලාකරුවන් ''ඇයි ඕෂධී ඕවාට යන්නේ... මෙන්න මෙහේ කලාව කරගෙන ඉන්න.'' කියලා කියන පිරිසකුත් ඉන්නවා.

අද රටේ පවතින්නේ දේශපාලන අස්ථාවරභාවයක්නේ. එහා පැත්තෙන් මේ පැත්තට ආයෙත් මේ පැත්තෙන් එහා පැත්තට. මෙවැනි මඩ ගොඩකටම ඕෂධීට පනින්න හිතුණේ ඇයි...?
ඒක තමයි දැන් අපි වෙනස් කරන්න ඕනේ. ඕක තමයි ලංකාවේ දේශපාලනයේ තියෙන වැරැද්ද. රංගන ශිල්පිනියක් හැටියට මම කවදාවත් මඩ ගාගෙන තිබුණේ නැහැ. නම කැත කරගෙන තිබුණේ නැහැ. හැබැයි දේශපාලනයට ආව විතරයි මගේ චරිතයට නොගැහුවට මොකක්හරි දෙයක් කියලා සමාජජාලාවලින් මටත් මඩක් ගහන්න උත්සාහ කරනවා. ඔය දේත් එක්ක මම දකින දේ තමයි මේ දේශපාලන තනතුරු දරන්නේ ජනතාවගේ ඡන්දයෙන් ආපු අයනේ. ජනතාව මේ වේලාවේ ඡන්දය දෙද්දී වෙනදාට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ. දේශපාලනය පල්ලහාට දාන කොටස සම්පූර්ණයෙන්ම ඉවත් කරලා හොඳ උගත්, බුද්ධිමත් තරුණ පිරිසක් මේ දේශපාලනයට පිවිසෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. මම ඒ ගොඩට වැටෙන්න තමයි කැමති.

කලාකාරියක් විදිහට විතරක් ජනතාව අතරේ ඉන්න හිතෙන්නේ නැද්ද...?
කලාකාරියක් විදිහට මිනිසුන්ගේ මානසික සුවය අපිට ලබාදෙන්න පුළුවන්. ඇත්තටම කලාකාරියක් වීමම එක්තරා විදිහක වාසනාවක්. හැබැයි කලාකාරියක් වෙලා ජනතාවට සේවය කරන්න පුළුවන් වෙන්නේ එක්තරා සීමාවක ඉඳලා විතරයි. ඒක සීමා සහිතයි. කලාකාරියක්ම වඩා දේශපාලනඥවරියකට වැඩි සේවාවක් කරන්න පුළුවන්. ටී.වී. එකේ පෙනීහිටලා කරන පණිවිඩයට වඩා සේවයක් අපිට කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. හැබැයි පොදුවේ හැම කලාකරුවෙක් දිහා බලන විදිහට තව කෙනෙක් දිහා බලන්න එපා. පහුගියදා පාර්ලිමේන්තුව තුළ සිදුවුණු සිදුවීමෙන් ඒ විදිහට හැසිරුණේ කලාකරුවන් විතරක් නෙමේ. එතැන වෛද්‍යවරු හිටියා. ඉංජිනේරුවෝ හිටියා. උපාධිධාරියෝ හිටියා. බොහෝම උගත් පිරිසකුත් එතන එකම විදිහට හැසිරුණා. ඒ නිසා තව කෙනෙක් දිහා බලලා හැමෝම එකම මිම්මෙන් මනින්න එපා.

දුවක්, බිරිඳක්, මවක් කලාකාරියක්. මේ භූමිකාවන් අතරේ දේශපාලනඥවරියක් විදිහට සාර්ථක වෙන්න පුළුවන් වෙයිද...?
දැනටත් මම හරිම කාර්යබහුලයි. හැබැයි ඉස්සර ඉඳන්ම මම හරිම කළමනාකාරීත්වයක් ඇතිව තමයි ජීවත් වුණේ. මගේ ජීවිතේ මව්පියන්ට, දරැවන්ට, සැමියාට හැම යුතුකමක්ම උපරිමයෙන්ම කරනවා. දැන් මම විවාහවෙලා අවුරුදු එකොළහක්. අපේ පවුල් ජීවිතෙන් අපි සතුටින් ගෙනියනවා. කලාවත් මම ඒ විදිහට කළමනාකරණය කරලයි තිබෙන්නේ. ඒ නිසා කොච්චර කාර්යබහුල වුණත් මට මේ දේත් සාර්ථකව කරන්න පුළුවන් කියන විශ්වාසය මට තිබෙනවා.

යම් හෙයකින් දේශපාලන තනතුරක් ලැබුණොත් කලාවෙන් ඈත් වෙයිද...?
නැහැ... කලාකාරියට ජනතාව හැමදාම ආදරේ කරනවනේ. ඒ නිසා මැරෙනකන්ම මම රංගනයේ නියැලේවී. හැබැයි දැන් වුණත් මම රංගනයේ නියැ‍ලෙන්නේ සීමාසහිතයි. ඒ සීමාවත් එක්ක ඉදිරියේදීත් මම රංගනයේ නිරත වෙයි. කෙසේවත් දේශපාලනඥයෙකුට රඟපාන්න එපා කියලා නැහැනේ. ඒ නිසා රංගන ශිල්පිනිය දිගටම ඉඳීවී.

දේශපාලනයට ඇවිත් ඕෂධීට තිබෙන ඉලක්ක යෝජනා මොනවාද...?
ආණ්ඩුවක් පත්වුණාට පස්සේ තනි මතේට වැඩ කරන්න බැහැ. නමුත් යම් යම් යෝජනා අදහස් කරන්න පුළුවන්. අද අපේ රටේ තරුණ පරම්පරාවට හරි ඉලක්කයක් නැහැ. අද අපේ තරුණ පරපුර පාවෙන ගතියක් පෙනෙනවා. ඒකට ප්‍රධාන හේතුව අන්තර්ජාලය හා සමාජජාලයයි. ඒ නිසා ළමා පරපුර හා තරුණ පරපුර ගැන මීට වඩා අවධානය යොමුකරන්න ඕනේ. අපේ රටේ දරුවන්ට ඉතිහාසය පිළිබඳව හොඳ අවබෝධයක් දෙන්න ඕනේමයි. ඉතිහාසයක් නැති රටක අනාගතයක් හරියට හැදෙන්නේ නැහැ. ඒවගේම ලංකාවේ කාන්තාවන්ට වන අගෞරවය වෙනුවෙන් හඬක් නඟන්න, කාන්තාවගේ සුරක්ෂිතභාවය පිළිබඳව යමක් කරන්න මට ඕනේ. ඊට අමතරව කලාකරුවන්ගේ අනාගත සුරක්ෂිතභාවය හරිම අවිනිශ්චිතයි. ඔවුන්ට ස්ථිර ආදායමක් නැහැ. ඉතින් අද බොහෝ වැඩිහිටි කලාකරුවන් කලාකාරියන් හරිම අසරණයි. ඔවුන් වෙනුවෙන් යමක් කරන්න මට අවශ්‍යයි. ඒවගේ බොහෝ ඉලක්ක හා යෝජනා මගේ හිතේ තියෙනවා.

 දිශානි ජයමාලි කරුණාරත්න




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top