Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
මෙරටින් හමු වූ දෙවන විශාලතම හෙරොයින් තොගය ගෙනා ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු කැළණි ගඟේදී පොලිස් දැලට කොටු වුණු හැටි - Video

- මෙරටින් හමු වූ දෙවන විශාලතම හෙරොයින් තොගය ගෙනා ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු කැළණි ගඟේදී පොලිස් දැලට කොටු වුණු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,856 Views
මෙරටින් හමුවු දෙවන විශාලතම හෙරොයින් තොගය ප්‍රවාහනයට යොදාගත් ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු බවට සැකකෙරෙන පුද්ගලයා යටියන්තොට ප්‍රදේශයේදී කැලණි ගඟට පැන පලායාමට උත්සාහ කිරීමේදී  අද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ රුපියල් ලක්ෂ 15ක මුදලක්ද තිබී සොයා ගත් බවයි.

බේරුවල බලපිටිය මුහුදු තීරයේදී කිලෝ ග්‍රෑම් 231ක හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් යාත්‍රාවට හෙරොයින් ලබාදුන් ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු යටියන්තොට පහළ ගරාගොඩ ප්‍රදේශයේදී අද පෙරවරු 11.50ට පමණ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිසිය ඔහු යටියන්තොට ප්‍ර දේශයේ රැඳී සිටින බවට ලද තොරතුරු ඔස්සේ ලුහුබැඳීමේදී සැකකරු පලායන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

මෙසේ දිවයන සැකකරු ඒ ආසන්නයෙන් ගලා බසිනා කැලණි ගඟට පැන පලායාමට උත්සාහ කළද ඔහු ලුහුබැඳ පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනාද ගඟට බැස පිහිනා ගොස් සැකකරු අල්ලාගෙන තිබෙනවා.

දුලිප් සමන්ත ද සිල්වා වන 44 හැවිරිදි මෙම සැකකරු අංක3/295 ගොඩැල්ල මොරගල්ල බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු හෙරොයින් තොගය සමග අත්අඩංගුවට පත්වූ එක් සැකකරුවෙකුගේ සහෝදරයෙකු බවද පොලිසිය සඳහන් කළා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පෙරේදා රාත්‍රී සිදු කළ මෙහෙයුමකදී අදාළ හෙරෝයින් තොගය මෙරටට රැගෙන එමින් තිබූ බෝට්ටුව සිය භාරයට ගනු ලැබුවේ සැකකරුවන් දෙදෙනෙකුද සමගයි.

ඒ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනාව ඊයේ සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමටත් අවසර ලබාගෙන තිබෙනවා.

හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගන්නා ලද බෝට්ටුව සමග මහ මුහුදේදී මේ හෙරොයින් තොගය භාරදෙන ලද බවට විමර්ශනයේදී අනාවරණයවූ ට්‍රෝලර් වර්ගයේ යත්‍රාවක් බේරුවල ධීවර වරායේ තිබෙනවා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,360 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  2,213 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  1,973 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  957 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,147 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,454 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  6,926 Downloads

Dennam Haduwak - Nadeera Nonis
Dennam Haduwak
Nadeera Nonis
⤵  942,031 Downloads

Ridawala Nathi Thanak - Rukshan Madusanka
Ridawala Nathi Thanak
Rukshan Madusanka
⤵  22,214 Downloads

Hitha Riddana - Gayan Arosha
Hitha Riddana
Gayan Arosha
⤵  7,404 Downloads



Top 10 Commenters

Latest Comments

Top