Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
"දවසට රුපියල් ලක්‍ෂ දෙක පන්නලා හෙව්වා..ගොඩක් ලඟින් ගෑනු ආශ්‍රය කරන්න පටන් ගත්තා.."- බීඩි කොට අහුලගෙන බීලා මතට ලොල් වී LTTE ය හරහා කුඩු ජාවාරමට බැහැපු ගයාගේ කතාව

- "දවසට රුපියල් ලක්‍ෂ දෙක පන්නලා හෙව්වා..ගොඩක් ලඟින් ගෑනු ආශ්‍රය කරන්න පටන් ගත්තා.."- බීඩි කොට අහුලගෙන බීලා මතට ලොල් වී LTTE ය හරහා කුඩු ජාවාරමට බැහැපු ගයාගේ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,538 Views
ලංකාවට කුඩු එන්නේ ඉන්දියාවෙන් යාපනයට...
LTTE යේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙලා තිබුනේ කුඩු..

අප ඉදිරියේ සිටින මේ තරුණයා දක්‍ෂයෙකි. එහෙත් ඒ හොඳ වැඩවලට නොවේ. සමාජ විරෝධී ක්‍රියා සිදු කිරීම සම්බන්ධයෙනි. එනම් නීතියේ දෙනෙත්වලට සැඟ වී වසර දහයකට වැඩි කාලයක් මහා පරිමාණයෙන් කුඩු විකිණීමට තරම් ඔහු දක්‍ෂයෙක් විය. එල්.ටී.ටී.ඊ. බෝඩරයට ගොස් කුඩු ගෙන ඒමට තරම් ඔහු එඩිතර වී ඇත. මෙරටට කුඩු එන මාර්ග, කුඩු පිළලය නිට්ටාවටම සුව කළ හැකි පිළිවෙත් ඔහු අපට හොඳින් විස්තර කළේය. නම්, ගම් මනඃකල්පිත කරමින් ඔහු කියන කතාව පමණක් දැන් අපි ඔබට කියන්නෙමු. මේ ඒ කතාවය. කතා නායකයාව ‘ගයා‘ ලෙස අපි හඳුන්වමු... දැන් කතා කරන්නේ ගයාය.

‘‘මම ඉපදුණේ කොළඹ ගෙන්දගම් පොළවේ. මට සහෝදර, සහෝදරියන් පස්දෙනෙක් ඉන්නවා. මම තමයි පවුලේ බාලයා. ඒත් පුංචි කාලේ ඉඳලා අක්කලා, අයියලත් එක්ක ලෙන්ගතුකමකින් හිටියේ නෑ. මම ප්‍රිය කළේ තනියෙන් ජීවත් වෙන්න. යාළුවොත් එක්ක රස්තියාදු ගහන්න. මම වැඩිපුරම ආශ්‍රය කළේ අපේ ගෙවල්වලට ටිකක් ඈත වත්තේ ළමයි. එතකොට මම ඉගෙනගත්තේ හය වසර පන්තියේ. ඉගෙනගන්නත් එච්චර දක්‍ෂ වුණේ නෑ. ඒත් මගේ අයියලා, අක්කලා හොඳට ඉගෙනගත්තා. තාත්තා රජයේ ආයතනයක ඉහළ තනතුරක් දැරුව නිසා අපේ පවුලට අගහිඟකම් තිබුණෙත් නෑ. අම්මා අපිව බලාගෙන ගෙදර හිටියා. ඒත් අම්මට මාව පරිස්සම් කර ගන්න බැරි වුණා. මම ඉස්කෝලේ ගිහිං ආපු ගමන් බත් ටිකක් කාලා කෙළින්ම දිව්වේ වත්තට. මගේ සෙල්ලම් පිටිය වුණේ වත්ත. කොල්ලො එක්ක සෙල්ලං කරන ගමන් වත්තේ මිනිස්සු බීලා විසි කරන බීඩි කොට ඇහිඳගෙන බීම අපි පුරුද්දක් කර ගත්තා. ඒක මටත් පුරුදු කළේ වත්තේ කොල්ලො...’’

‘‘එහෙම අවුරුද්දක් විතර යනකොට අපි සිගරට් බොන්න පටන් ගත්තා. සිගරට්වලින් ගංජා කූරුවලට ගියා. එතැනින් එහාට ගිහින් පෙති බොන්න පටන් ගත්තා. අරක්කු, කසිප්පු බිව්වා. හත, අට වසර පන්තිවල ඉඳලා සියලූ මළඡාරාව බීපූ අපි නවය වසර පන්තියට යනකොට ඉස්කෝලේට ගියෙත් කුඩු බීලා. මත්ද්‍රව්‍ය හොයාගන්න අපිට කිසිම අපහසුවක් වුණේ නෑ. වත්තේ ඕනෑම මත්ද්‍රව්‍යයක් තිබුණා. ඒක මත්ද්‍රව්‍ය පාරාදීසයක්. හෝ(ර්*ල් සේල් බිස්නස් කෙරුණේ. දවස තිස්සේම අපි මත්වෙලා හිටියේ. මත්ද්‍රව්‍ය ගන්න සල්ලි හොයාගන්න බැරි වුණොත් බැටරි කූරු හරි උරච්චි කරලා දිවේ තියාගෙන මත් වුණා. ඒ තරමටම අපි මතට ඇබ්බැහි වෙලා හිටියේ. මම මොන ජරාව බීලා ආවත් ගෙදර අයට තේරුණේ නෑ. එහෙම වුණේ මම ඒ අයත් එක්ක වැඩි කතා බහකට ගියේ නැති නිසයි. අම්මා බෙදලා තියෙන බත් පංගුව කෑවා. ඊට එහාට වළං අවුස්සන්න ගියෙත් නෑ. කාමරයකට වැදිලා නිදාගත්තා. පොත් පාඩම් කිරිලි, ගෙදර වැඩකිරිලි කිසිම දෙයක් නෑ. මම ඉගෙනගන්න දක්‍ෂ නැති බව තේරුණු නිසා ‘පාඩම් කරන්න... අර වැඬේ කරන්න’ කියලා ගෙදර අය මට බල කළෙත් නෑ. අපේ තාත්තා නිතරම කිව්වේ මම ඕලෙවල් කරලා ඉවර වෙච්ච ගමන් ජර්මන් ටෙක් එකට දාන්න ඕනෑ කියලා. ඒත් තාත්තාගේ සිහිනයට යන්න බැරි වුණා. සාමාන්‍ය පෙළ විභාගය ඉවර වෙච්ච ගමන් අපි කෙළින්ම බැස්සේ කුඩු, ගංජා බිස්නස් එකට. මීගමුවෙන් කුඩුු අරගෙන, උඩවලවෙන් ගංජා ගෙනත් සුපිරියට බිස්නස් එක කළා. වතුර ගලන්න වගේ සල්ලි අතට ආවා. අපිත් හොඳට කුඩු බීලා, ගන්න තියෙන සියලූම ආතල් ටික අරගෙන සුපිරි කාර් තියාගෙන කුමාර ජීවිතයක් ගත කළා...’’

‘‘චූටි පුතේ ඕවා නතර කරපං. මේ අයියලා වගේ හොඳට හැදියං කෝ...’’ අම්මා නිතරම මන්තරයක් වගේ මතුරන්න ගත්තා. ඒත් අක්කලා, අයියලා මට හොඳ නරක කියා දෙන්න ආවේ නෑ. අම්මගේ කන්කරච්චලය නිසාම ඉඳ හිටලවත් ගෙදර යන එක නතර කළා. අපි යාළුවො තුන් දෙනෙක් කාමරයක් කුලියට අරගෙන වෙනම ජීවත් වුණා. පුංචි කොල්ලො රත්තරං පොරවගෙන කාර්වලින් එහේ, මෙහේ යනකොට පොලිසිය අපි පස්සෙන් එළවන්න පටන් ගත්තා. අපි තුන් දෙනා තුන් පැත්තකට මිසින් වුණා. මම ගම්පහ පැත්තට ගියා. ඒ ගියෙත් කිසිම දැන හැඳුනුම්කමක් ඇතිව නෙමෙයි. ඉගෙනගන්න දක්‍ෂ නොවුණට ජාවාරම්වලදී මම අති සූරයෙක් වුණා. ඒ දක්‍ෂකම් පාවිච්චි කරලා, සල්ලි ටිකක් විසි කරලා ඒ ප්‍රදේශයේ හොඳ පොරවල් තුන් හතර දෙනෙක් දැනහඳුන ගත්තා. ඔවුන් හරහා අරක්කු විකුණන කෙනෙක්ට කිට්ටු වුණා. මුලින්ම මම සල්ලි දීලා මිනිහගේ බිස්නස් එක දියුණු කළා. ඊට පස්සේ ටිකෙන්, ටික මිනිහගේ අරක්කු බිස්නස් එක ඇතුළට කුඩු බිස්නස් එකත් ඇතුළු කළා. මුලදී මිනිහා කුඩු බිස්නස් එකට අකැමැති වුණා. ඒත් සල්ලි නිසා මිනිහට මාව නැතුවම බැරි වුණා. මිනිහට කිට්ටු වෙලා අවුරුද්දක් විතර යනකොට මුළු ප්‍රදේශයටම කුඩු බෙදාහැරියේ අපේ පොට් එකෙන්...’’

‘‘ඒත් මහා පරිමාණයෙන් කුඩු බිස්නස් කරන එක ලේසි පහසු නෑ. මීගමුවෙන් තොගයට කුඩු කෑලි ගේන්න ඕනෑ. ඒවා කපන්න ඕනෑ. ඊට පස්සෙ පැකට් කරන්න ඕනෑ. ඒ සේරම වෙන්න ඕන හොඳ විශ්වාසවන්තයන් එක්ක. මේ වැඩවලට ඕන තරම් කුඞ්ඩො හිටියා. ඒත් කුඩු බෙදාහරින්න කුඞ්ඩන්ව පාවිච්චි කළේ නෑ. ඒක කළේ මමයි, මගේ යාළුවයි විතරයි. කුඩු ප්‍රවාහනය කරන්න පාවිච්චි කළේ මෝටර් බයික්, ත්‍රීවීල්. අනුන්ගේ වාහන ගත්තෙත් නෑ. කුඩු ඇද්දේම මගේ වාහනවල. මගේ පුද්ගලික ගමන් බිමන්වලට වෙනම කාර් එකක් තිබුණා. එහෙම ටික කාලයක් යනකොට ඒ කිට්ටුව ජීවත් වෙච්ච ගෑනු ළමයෙක් කසාද බැඳගත්තා. එතකොට මට වයස අවුරුදු විස්සයි. වයිෆ්ට වයස දහඅටයි. මම කරන බිස්නස් එක, කුඩු බොන විත්තිය සේරම වයිෆ් දැනගෙන හිටියා. ඒත් කිසිම වෙලාවක බර, බරේ දාන්න ආවේ නෑ. වයිෆ් මට නොසෑහෙන්න ආදරය කළා. ඉඩම් අරගෙන සුපිරියට ගෙවල් දොරවල් හදාගෙන ලස්සනට ජීවත් වුණා. මගේ කිසිම බිස්නස් එකක් ගෙදරට අරගෙන ගියෙත් නෑ. ගෙදර පන්සල වගේ ලස්සනට තිබුණා. කසාද බැඳලා අවුරුදු දෙකක් විතර යනකොට ලොකු පුතා ලැබුණා. තවත් අවුරුදු දෙකක් විතර යනකොට පොඩි පුතත් ලැබුණා. ඒ අයත් සැපට ජීවත් වුණා...’’

‘‘අපේ පොට් එක කරගෙන යන අවට මිනිස්සුන්ටත් අතදිග හැරලා වියදම් කළා. මම පිටගම්කාරයෙක් වුණාට ඒ ගමේ මිනිස්සු මට සැලකුවේ ඥාතියෙකුට වගෙයි. ඒ නිසා තමයි මගේ කුඩු බිස්නස් එක ගැන කිසිම තොරතුරක් පොලිසියට හොයාගන්න බැරි වුණේ. කසිප්පුවලට මාසයකට නඩුවක් දුන්නා. ඊට අමතරව පොලිස් නිලධාරීන්ට පළාතේ දේශපාලනඥයන්ට මාසෙකට සැරයක් පිදේනි තටුව තිබ්බා. ඒ ආශිර්වාදයෙන් අපි පළාතේම බාර්වලට කසිප්පු දැම්මා. මුළු ප්‍රදේශයටම කුඩු බෙදාහැරියා. ඒ වෙනකොට මගේ මුළු ජීවිතයම ජාවාරමක් වෙලා තිබුණේ. කිසිම නිදහසක් තිබුණේ නෑ. අඩුම තරමින් අම්මා, තාත්තා බලන්න යන්නවත් වේලාවක් තිබුණේ නෑ. හොඳට හම්බ කළා. දවසට රුපියල් ලක්‍ෂ දෙක පන්නලා හෙව්වා. කුඩු බොන්නත් දවසකට රුපියල් තිස්දාහක් විතර වියදම් කළා...‘’

‘‘ඒත් කොච්චර කුඩු බිව්වත් මට ගානක් නෑ. හොඳට කුඩු බීලා ගිහින් පුතලා දෙන්නා එක්ක සෙල්ලං කරනවා. පුතලා දෙන්නා අම්මට වඩා මාත් එක්ක තමයි හිටියේ. මුලදි දවල් දවසම රස්සාව කරලා හවස් වෙනකොට මම ගෙදරට ගියා. පහුවෙනකොට ගෙදර ගියේ රෑට නිදාගන්න විතරයි. සමහර දවස්වලට රෑටත් ගෙදර ගියේ නෑ. කුඩු ටිකක් බීලා පොට් එකේම වැටිලා නිදාගත්තා. ඒ වෙනකොට මගේ ජීවිතයේ එක වෙලා තිබුණේ කුඩු විතරයි. එහෙම යනකොට මගේ ඕනෑ එපාකම් ඉටු කරගන්න පොට් එක කිට්ටුව ගෑනු ආශ්‍රය කරන්න පටන් ගත්තා. ඒ ගෑනුන්ටත් උපරිම උදව් උපකාර කළා. සමහර ගෑනුන්ට රට යන්න සල්ලිත් දුන්නා. මම වෙන ගෑනුන්ට කිට්ටු වෙනකොට මගේ ගෑනිත් වෙනත් පිරිමින්ගෙන් අඩු පාඩු සම්පූර්ණ කරගෙන තිබුණා. සල්ලි හම්බ කළාට ජීවිතය තනිකරම ඛේදවාචකයක් වෙලා තිබුණේ. ඒත් මගේ බිස්නස් එක දවසින් දවස සාර්ථක වුණා. ඒ වගේම අලූත් ව්‍යාපාරිකයන් හඳුනගත්තා. ඒ අතර හිටියා මැදවච්චියේ මුදලාලි කෙනෙක්. මිනිහා සුපිරි කුඩු ව්‍යාපාරිකයෙක්. මිනිහට බඩු ආවේ එල්.ටී.ටී.ඊ.යෙන්...’’

‘‘ඒ කාලේ කුඩු ව්‍යාපාරයත් එල්.ටී.ටී.ඊ. එකේ හොඳම ආදායම් මාර්ගයක් වෙලා තිබුණා. ඉන්දියාව හරහා යාපනයට කුඩු ආවා. එල්.ටී.ටී.ඊ. ය එක්ක ඞීල් කරන අපේ උන් ගිහින් තොග පිටින් කුඩු රට ඇතුලට අරගෙන ආවා. එල්.ටී.ටී.ඊ. ය එක්ක සම්බන්ධතා පවත්වපු උන්ට චතුර විදිහට දෙමළ කතා කරන්න පුළුවන්. සමහර අවස්ථාවල එල්.ටී.ටී.ඊ. යේ කැඩෙන වාහන හදා දුන්නේ අපේ සිංහල මැකෑනික්ලා ගිහින්. සුපිරියටම ගෙවලා තිබුණා. මම දන්න අම්පාරේ සුපිරි මැකෑනික් බාස් කෙනෙක් එල්.ටී.ටී.ඊයෙන් හොඳට සල්ලි හම්බ කළා. එල්.ටී.ටී.ඊ. ය එක්ක ගනුදෙනු කරනකොට හොර බොරු නෑ. කිව්වොත් කියන වේලාවට තැනට බඩු ගෙනත් දුන්නා. මමත් අක්කරපත්තුව පැත්තෙන් එල්.ටී.ටී.ඊ. බෝඩරයට ගිහින් කොල්ලො බස්සල ඇවිත් තියෙනවා. අපේ වාහන යන්න පුළුවන් බෝඩරයට විතරයි. ඊට පස්සෙ අපේ කොල්ලො ගියේ් එල්.ටී.ටී.ඊ. වාහනවල. දවස් දෙක තුනකට පස්සේ උන් එළියට ආවේ කිලෝ ගණන් කුඩුත් අරගෙන. අදටත් වඩා යුද්දේ කාලේ් කුඩු ජාවාරම ජයටම ගියා...’’
ඒ සන්දියේ වෙළෙඳපොළේ කුඩු ග්‍රෑම් එකක් රුපියල් අටදාහයි. එල්.ටී.ටී.ඊ.යෙන් කුඩු ග්‍රෑම් එක දුන්නේ රුපියල් පන්දාහට වගෙයි. ඒකෙන් අපිට ලොකු ලාභයක් ආවා. ඒ කාලේ අපි හොඳට හම්බ කළා. මාස ගණන් අම්පාරේ, මැදවච්චියේ නතර වෙලා බිස්නස් එක කරගෙන ගියා. අපි එහේ ඉඳගෙන කොළඹට බඩු දානවා. ගෝලයො මෙහේ ඉඳලා බිස්නස් එක කරගෙන ගියා. වයිෆ් දරුවො බලන්න එන්නවත් වේලාවක් ලැබුණේ නෑ. වයිෆ්ට කතා කරලා දුක සැප අහලා වියදමට සල්ලි දැම්මා...’’

-තරංග රත්නවීර-
(දිවයින පුවත්පතෙන්..)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  3,368 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  155 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,773 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,989 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,285 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,703 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,206 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,966 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,989 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,571 Downloads



Top 10 Commenters

Latest Comments

Top