Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
බිරිඳ සමඟ අනියම් පෙමක පැටළුණු ගෙදර ටයිල් අල්ලන්න ආපු බාස්ට පාඩමක් උගන්වන්න ගිය සැමියාට සිදු වූ විපත

- බිරිඳ සමඟ අනියම් පෙමක පැටළුණු ගෙදර ටයිල් අල්ලන්න ආපු බාස්ට පාඩමක් උගන්වන්න ගිය සැමියාට සිදු වූ විපතHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,248 Views
ගෙවීමේ ක්‍රමයට නිවෙසේ ටයිල් ඇල්ලීමට පැමිණි ටයිල් බාස් සිය බිරිඳ සමඟ ඇති කරගත් හාදකම නතර කරන ලෙසට ටිපර් රථ රියැදුරකු වූ සැමියා දිගින් දිගටම ටයිල් බාස් ගෙන් ඉල්ලා සිටියත් එම සම්බන්ධය නතර නොකිරීම නිසා උරණ වූ සැමියා ටයිල් බාස් යතුරු පැදියෙන් ගමන් කරද්දී ටිපර් රථයට යටකර දැමීමට උත්සාහ දැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලිසිය පවසනවා. 
 
ටයිල් බාස් ගෙවීමේ ක්‍රමයට ටයිල් අතුරා නිම කිරීමෙන් පසු ඒ සඳහා අය කරන කුලිය මාසිකව අය කළ අතර වාරික කිහිපයක් ප්‍රමාද වීම නිසා එම නිවසට නිතර යාම හේතුවෙන් ටයිල් අතුරන කාලයේ දී නිවසේ බිරිඳ සමග ඇතිකරගත් සබඳතාව දුරදිග යෑමෙන් පසු සැමියාට මේ බව සැලවී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

බාස් හම්බන්තොට කෙයාර් ගම්මානයේ නිවසක වැඩකරමින් සිටින අවස්ථාවේ දී ටිපර් රථ රියැදුරා මෙම ටයිල් බාස්ට පිහියකින් ගසා ඇති අතර ඉන් බේරීමට ටයිල් බාස් යතුරුපැදියෙන් පලා යද්දී හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේදී යතුරුපැදිය යටකර දැමීමට ටිපර් රථ රියැදුරා උත්සාහ දරා තිබෙනවා. 
 
එහිදී යතුරුපැදිකරුට තුවාල සිදු වීමෙන් ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළා. 
 
රියැදුරුට ටිපර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයේ යකඩ වැට හා විදුලි කණු කිහිපයක් කඩාගෙන එය පෙරළී ටිපර් රථයට ද බරපතළ හානි වී ඇති බව පොලිසිය සඳහන් කරනවා. 
 
සිද්ධියට සම්බන්ධ ටිපර් රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රියැදුරුට තුවාල සිදුවී ඇති හෙයින් පොලිස් ආරක්‍ෂාව යටතේ හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්. 
 
සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  728 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,367 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  939 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  359 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,121 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,293 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,849 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,340,459 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,554,878 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,410 Downloads



Top 10 Commenters

Latest Comments

Top