ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද දින ශ්‍රී ලංකාවේදී තුන්වන අදියරේ (Level 3) පුහුණුකරණ පාඨමාලාවක් ආරම්භ කරනු ලැබුවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන්ගේ අධ්‍යාපන ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන දින 6ක් පුරා පවත්වනු ලබන බවයි වාර්තා වන්නේ.
මෙම වැඩසටහනට පුහුණුකරුවන් 24 දෙනෙකු සහභාගී වන අතර ඉන් 19 ක්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයන් වීම විශේෂත්වයක්.
රංගන හේරත්, ධම්මික ප්‍රසාද්, චාමර සිල්වා, අජන්ත මෙන්ඩිස්, රවින්ද්‍ර පුෂ්පකුමාරා, චමිල ගමගේ, දර්ශණ ගමගේ, ජෙහාන් මුබාරක්, ගයාන් විජේකෝන්, සජීව ද සිල්වා, සජීව වීරකෝන්, නිරෝෂන් බණ්ඩාරතිලක, සමන් ජයන්ත, මුතුමුදලිගේ පුෂ්පකුමාර, සචිත් පතිරණ, තිළිණ කණ්ඩම්බි, මලින්ත වර්ණපුර සහ ඉන්දික ද සේරම් යන මහත්වරුන් ඒ අතර වනවා.
මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පුහුණුකරුවන් වන සියාඩ් පාකර්, ඈෂ්ලි රෝස් ,සහ රෝලන්ඩ් ලෙෆ්බ්රේ යන මහත්වරුන් විසින්.
එමෙන්ම වැඩසටහන මෙහෙය වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු ඒකකයේ හේෂාන් ද මෙල් මහතා සහ පුහුණුකරුවන්ගේ අධ්‍යාපන ඒකකයේ පුහුණුකරු තාරක සමරතුංග මහතා ද දායකත්වය ලබාදෙනවා.
මේ පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ක්‍රිකට් මෙහෙයුම් නිලධාරී වන අසංක ගුරුසිංහ මහතා පවසා සිටියේ,
"මෙවැනි වැඩසටහන් තුලින් අපේක්ෂා කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි පුහුණුකරුවන්ගේ සංචිතයේ ගුණාත්මකභාවය තව දුරටත් ඉහල නංවා ගැනීමට බවයි."
මෙම වැඩසටහන දින 6 පුරාම පවත්වනු ලබන්නේ එන්.සී.සී (NCC) ක්‍රීඩා පරිශ්‍රයේදී.