Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
ඉවුම් පිහුම් නිසා අන්තර්ජාලයේ ජනප්‍රිය වූ 107 හැවිරිදි මස්තානම්මා මිය යයි - Photos & Video

- ඉවුම් පිහුම් නිසා අන්තර්ජාලයේ ජනප්‍රිය වූ 107 හැවිරිදි මස්තානම්මා මිය යයි - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,391 Views
මස්තනම්මා මියයන විට වයස අවුරුදු 107 ක්..
යූටියුබ් නාලිකාවේ මිලියන ගණනක යූ ටියුබ් ග්‍රාහකයෝ පිරිසක්..

මේ වනවිට සමාජ ජාල වෙබ් අඩවි තුළ ජනප්‍රියම මාධ්‍යක් ලෙස Youtube හඳුන්වන්න පුළුවන්. Youtube වෙබ් අඩවිය තුළ මේ වනවිට බොහො පිරිසක් තමන්ම කියලා Youtube Chanel එකක් පවත්වාගෙන යනවා. මේ හරහා පිරිසක් තමන්ම ආවේණික වූ නිර්මාණශීලි වීඩියෝ Youtube වෙත දවසින් දවස එකතු කරනු ලබනවා. මේ කියන්න යන්නෙත් කලක් පටන් ලොව බොහෝ දෙනෙක් නැරඹූ යූටියුබ් නාලිකාවක සූප වේදිනියක් ලෙස කටයුතු කළ මස්තනම්මා ගැනයි.
'Country Foods'නමින් ලොව කා අතරත් ජනප්‍රිය වූ යූටියුබ් නාලිකාවේ සූප වේදිනය වූ මස්තනම්මා අසාමාන්‍ය ඉන්දියානු කෑම මුල සිටම පිළියෙළ කරමින් සමාජ මාධ්‍ය ජාල තුළ ඉතා ප්‍රසිද්ධියට පත්වුණා.

'Country Foods' නම් ඇයගේ යූටියුබ් නාලිකාවේ ඇය විසින් පිළියෙල කළ කෑම සිය ගණනක වීඩියෝ පළ කර ඇති අතර, මිලියන ගණනක ග්‍රාහකයෝ පිරිසක් ඇය සිටිති. මේ අතරින්, ඇයට ආවේණික වූ ක්‍රමයකට සකසා ගත් කොමඩු සහ කුකුල් මස් ව්‍යංජනය අතිශය ජනප්‍රිය විය.

2016 දී ඇයගේ මුනුබුරා සහ ඔහුගේ යහළුවෙකු ආරම්භ කළ මෙම යූට්යුබ් නාලිකාව ඉතා ඉක්මනින් අතිශය ජනප්‍රියත්වයට පත් විය.

ගෑස් හෝ විදුලි උදුනක් වෙනුවට දර භාවිත කරන ඇය, අසල ගංගාවෙන් මාළු අල්ලාගෙන පිසීමට විශේෂ කැමැත්තක් දැක්වූවාය.

ආන්ද්‍රා ප්‍රදේශ්හි උපත ලැබූ මස්තනම්මාගේ වයස 2017 දී අවුරුදු 106ක් බව වරක් බීබීසී සේවයට පවසා තිබුණා. නමුත් එය තහවුරු කිරීමට ඇය සතුව උප්පැන්න සහතිකයක් නොතිබිණි.

ඈත ගම්මානයක එළිමහන් ස්ථානයක බිම වාඩි වී, උපකරණ අවම ප්‍රමාණයක් භාවිත කර ආහාර පිසින ආකාරය ඇයගේ සෑම වීඩියෝවකම දැකිය හැකිය.

ඇය සිය නියපොතු භාවිත කරමින් එළවළුවල පොතු ගලවා පැරණි ඉන්දියානු සාම්ප්‍රදායක පිහියක් භාවිත කර ඒවා කපා ගනී. ඇය ආහාර පිළිගන්වන්නේ සාම්ප්‍රදායක දකුණු ඉන්දීය ක්‍රමයට අනුව කෙසෙල් කොලයක තබාය.

මුඛයේ දත් නොමැති සිනහව මෙන්ම, කොමඩු සහ කුකුල් මස් එකතු කර පිසින ලද ආහාරය සමාජ මාධ්‍ය ජාල තුළ අතිශය ජනප්‍රිය විය.

ඇය පිසූ වම්බටු ව්‍යංජනය සහ මාළු ව්‍යංජනය ද අතිශය ජනප්‍රිය වූයේය.

සම්පූර්ණ සාම්ප්‍රදායක ඉන්දියානු ආහාර පිසින ක්‍රම අනුගමනය කරන නිසා ඇය කා අතරත් ජනප්‍රිය තරුවක් බවට පත් වුණා.

2016 දී මස්තනම්මා හමුවූ බීබීසී මරාති සේවයේ ඔන්කාර් කරම්බලේකාර් පැවසුවේ ඇය ආහාර පිසින ක්‍රමය වෙනත් යූටියුබ් වීඩියෝවල පෙන්වන ක්‍රමවලට වඩා බෙහෙවින් වෙනස් බවයි.

මෙසෙ යූටියුබ් තරුවක් මස්තම්මා පසුගිය දෙසැම්බර් 3 වනදා මෙලොවින් සමුගත් බව Country Foods යූටියුබ් නාලිකාව ඔස්සේ දැනුම් දී තිබුණා.

ඒත් සමගම, බොහෝ සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන් ඇයගේ ආහාර වට්ටෝරු ගැන වර්ණනා කරමින් මරණය ගැන සිය ශෝකය පළ කර තිබුණා.


 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,340 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  2,195 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  1,959 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  956 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,139 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,447 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  6,917 Downloads

Dennam Haduwak - Nadeera Nonis
Dennam Haduwak
Nadeera Nonis
⤵  941,461 Downloads

Ridawala Nathi Thanak - Rukshan Madusanka
Ridawala Nathi Thanak
Rukshan Madusanka
⤵  22,167 Downloads

Hitha Riddana - Gayan Arosha
Hitha Riddana
Gayan Arosha
⤵  7,393 Downloads



Top 10 Commenters

Latest Comments

Top