Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
කුසට අහරක් ඉල්ලා පොලීසියට පැමිණි දරුවන් තුන් දෙනෙකුගේ අනුවේදනීය කතාව - Photos

- කුසට අහරක් ඉල්ලා පොලීසියට පැමිණි දරුවන් තුන් දෙනෙකුගේ අනුවේදනීය කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,357 Views
දින දෙකක් තිස්සේ කන්න නැහැ 
 
පියා විදෙස්ගත වෙලා
 
දින දෙකක් පුරා කුසට අහරක් නොලැබුණු බව පවසමින් සහය ඉල්ලා පොතුවිල් පොලිසියට පැමිණි දරුවන් තුන් දෙනෙකු පිළිබඳ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

‘‘කුසගින්න දරාගෙන ජීවත් වන වැඩිහිටියන් ගැන අත්දැකීම් අපේ රටේ දුලබ දෙයක් නොවුණත්, කුඩා දරුවන් කුස ගින්නේ සිටීම යනු හද සසල කරවන අත්දැකීමක්. 

බහුතර දෙමව්පියන් මුළු ජිවිතයම කැප කරන්නේ දරුවන්ගේ කුසගින්න නිවීම වෙනුවෙන් බව රහසක් නොවේ. 

එහෙත් ඊයේ වයස අවුරුදු 13 ක් සහ 14 ක් වන පිරිමි දරුවන් දෙදෙනෙකු සහ අවුරුදු 07 ක පුංචි දියණියක පොතුවිල් පොලිසියට පැමිණෙන්නේ අපට බඩගිනියි යනුවෙන් පවසමින්.

දින දෙකක් පුරා ඔවුන්ගේ මව මේ දරුවන්ට ආහාර කිසිවක් ලබා නොදී තිබූ අතර, පියා විදේශගතව සිටින බව සඳහන්.
 
අම්මාට වෙනත් අයෙකු ආහාර ගෙනවිත් දෙන බවත්, තමන්ට ඒවා නොදෙන බවත් මේ පුංචි දරුවන් පොලිසියට පවසා තිබුණා. 
 
දරුවන්ගේ කුසගින්නෙන් හද සසල වූ පොලිස් නිලධාරීන් ඔවුන්ට ආහාර ලබාදී සැකකාර මව අත්අඩංගුවට ගත්තා. 
 
ඇය පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
 
දරුවන් පරිවාස භාරයට පත් කරන තුරු ඥාතියෙකුට භාර දී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. 
 
රටේ විවිධ තැන්වල ආහාර තොග පිටින් වනසන යුගයක දරුවන් මෙවැනි ඛේදවාචකයන්ට මුහුණ දෙන තත්ත්වයන් පිළිබඳව ප්‍රදේශයේ වගකිව යුතු නිලධාරීන් හෝ සොයා බැලිය යුතු නොවේද ?’’

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,348 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  2,201 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  1,963 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  956 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,140 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,447 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  6,917 Downloads

Dennam Haduwak - Nadeera Nonis
Dennam Haduwak
Nadeera Nonis
⤵  941,764 Downloads

Ridawala Nathi Thanak - Rukshan Madusanka
Ridawala Nathi Thanak
Rukshan Madusanka
⤵  22,193 Downloads

Hitha Riddana - Gayan Arosha
Hitha Riddana
Gayan Arosha
⤵  7,395 Downloads



Top 10 Commenters

Latest Comments

Top