රජයේ උත්සව,රැස්වීම් සහ විවිධ වැඩසටහන් රජයට සම්බන්ධ ආයතනවල පමණක් පවත්වන්නැයි ජනපති චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ යම් කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම් ඒවා පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සංශෝධනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් බව ජනාධිපති මාධ්‍ය අංශය අද පස්වරුවේ නිවේදනය කළා.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ 2015 ජනවාරි මස 8 වැනිදා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු 19 වන සංශෝධනය සම්මත කරගන්නා ලද්දේ දශක තුනක් තිස්සේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පැවති ගැටලුකාරී තත්ත්වයන් විසඳීම සඳහා බවයි.
එය ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සහ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස 19 වන සංශෝධනය සම්මත කර ගැනීමට හැකිවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
එම සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම ඇතුළු සාධනීය ප්‍රතිඵල සමුදායක් මෙරට සමාජයට ලැබී තිබෙනවා.
අදාළ නිවේදනයේ දැක්වෙන්නේ එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව ලැබූ සැබූ ජයග්‍රහණයක් වන අතර මාතෘ භූමිය නූතන යුගයකට ගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වූවක් බවයි.
එම නිසා 19 වන සංශෝධනයේ හරය සහ ප්‍රජාතන්ත්‍රවාදී සාරය ආරක්ෂා කරගනිමින් දේශපාලන වශයෙන් ගැටලුසහගත වන්නාවූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සිදුකිරීමට ජනාධිපතිවරයා සූදානම් බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.