සාම්ප්‍රදායික හින්දු විවාහ චාරිත්‍රවලට මුල් තැන දෙමින් පසුගිය කාලය පුරා විවාහ වූ ඉන්දීය සුපිරි තාරකාවන් පළදා ඇති ආභරණ පිළිබඳව වැඩි අවධානයක් ඒ ඒ කාලවලදී යොමුවීම සාමාන්‍ය තත්ත්වයක් වී තිබුණා.
පසුගියදා ඉතාලියේ ලේක් කොම් හිදී විවාහ වූ දීපි සහ රන්වීර්ගේ විවාහ උත්සවයේදීත් රන්වීර් විසින් ඔහුගේ සොඳුරු මනාලියට පැළදු මංගල මුදුව පිළිබඳවත් මංගල සූත්‍රය පිළිබඳවත් සමාජ ජාලවල විවිධ ප්රවෘත්ති මැවෙන්නට ගත්තා.
දීපිකා පදුකෝන්
නවතම වාර්තා සඳහන් කරන්නේ රන්වීර් සිං දීපිකාට මංගල අවස්ථාවේදී පැළඳු මංගල සූත්‍රය ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක් වටිනා බවයි. ඒ අනුව මෙතෙක් වැඩිම වටිනාකමක් සහිත අනෙක් මංගල සූත්‍ර 06 පැළඳු නිළියන් කවුද යන්නත්” ඒවායේ වටිනාකම කීයද කියන කාරණයටත් අවධානය යොමුවෙමින් ඒවායේ වටිනාකම් අන්තර්ජාලයට ඉදිරිපත් කර තිබෙනවා.
මධුරි ඩික්සිත්
ඇමරිකාවේ ජීවත් වන විශේෂඥ වෛද්‍යවරයකු වන රාම් ශ්‍රී මධුරි විවාහ කර ගන්නා මොහාතේ ඇයට පළදා ඇති මංගල සූත්‍රයේ වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 08 ක් ලෙස වාර්තා වෙනවා.
කරිෂ්මා කපූර්
මේ වන විට කරිෂ්මා කපූර් ඇගේ මුල් විවාහයේ ව්‍යාපාරික සැමියාගෙන් දික්කසාද වී සිටිනවා. එහෙත් සංජය කපූර් කරිෂ්මා විවාහ කර ගන්නා මොහොතේදී ඇයට පළඳවා ඇති මංගල සුත්‍රයේ වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක් ලෙසයිි වාර්තා වී ඇත්තේ.
ශිල්පා ෂෙට්ටි
සුරූපී ශිල්පා ෂෙට්ටිට ව්‍යාපාරික රාජ් කුන්ද්‍රා විසින් මංගල දිනයේදී පළදා ඇති මංගල සූත්‍රයේ වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක්.
කාජල්
කාජල් විවාහ වූයේ ඉන්දීය චිත්‍රපට තාරකාවක් වන අජය සමඟ බව නොදන්නා කෙනකු නොමැති තරම්. අජය කාජල් විවාහ කර ගන්නා අවස්ථාවේ ඇයට පළදවා ඇති මංගල සූත්‍රයේ වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 15 ක්.
අයිශ්වර්යා රායි
ලෝකයේ අවධානය දිනා ගත් අයිශ්ට අභිෂේක් බච්චන් විසින් මංගල දිනයේදී පළදවා ඇති මංගල සූත්‍රයේ වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 25 ක් වන බවයි සඳහන් වන්නේ.
අනුෂ්කා ශර්මා
ලෝකයේම අවධානය ලබාගත් තවත් බොලිවුඞ් සුපිරි විවාහ මංගල උත්සවයක් වූ අනුෂ්කා ශර්මා සහ විරාත් කෝලි විවාහයේදී විරාත් විසින් තම සොඳුරු පෙම්වතියට ඉන්දීය රුපියල් ලක්ෂ 52 ක මංගල සුත්‍රයක් පළදවමින් ඇය බිරිඳ කරගෙන තිබෙනවා.