Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
05
එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය හදන්න බැරුව කොහොමද රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය හදන්නේ - ජනපති කියයි - Video

- එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය හදන්න බැරුව කොහොමද රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය හදන්නේ - ජනපති කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,490 Views
එක්සත් ජාතික පක්ෂය තුළ නැති ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ඇති කිරීමට එහි නායක රනිල් වික්‍රමසිංහට නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

වසර 25 ක් පුරා ඔහු එම පක්ෂයේ පසුපෙළ කිසිවෙකුට හිස එසවීමට ඉඩ නොදෙන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ බව සඳහන් කළේ රාජ්‍ය නිලධාරීන් ඇතුලූ නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදියි.
 
කුමන හේතුවක් මත හෝ රටේ සංවර්ධන ක්‍රියාදාමය සහ මහජන සුබසාධන සේවා අඩපණ නොවිය යුතු බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙහිදී සඳහන් කළා.

අදාළ මූල්‍ය වර්ෂය සඳහා වෙන්කර තිබෙන සියලූ මුදල් නිසි පරිදි වැයකර ජනතා අවශ්‍යතා උපරිමයෙන් ඉටුකරන ලෙසටයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

එමෙන්ම ඉදිරි නව වසරට අදාළ සංවර්ධන සැලසුම් ද නිසි පරිදි සැලසුම් කරන ලෙස දැනුම් දී තිබෙනවා.

මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පවතින දේශපාලන නොසන්සුන්තාවය ගැටලූවක් කර නොගෙන මහජන සේවාවන් සහ සංවර්ධන වැඩපිළිවෙළ සක්‍රියව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නිලධාරින් කැපවිය යුතු බවයි.

ජනතා සුබසෙත වෙනුවෙන් තම මගපෙන්වීම යටතේ ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාවට නංවා තිබෙන සියලූ විශේෂ ව්‍යාපෘති 2019 වසරේ දී නව ජවයකින් සහ ශක්තිමත්ව ක්‍රියාවට නැංවීමට සැලසුම් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට දැනුම් දී තිබෙනවා.

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ද ඉදිරි වසරේ වඩා ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති අතර ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් පත්කර ඇති සම්බන්ධීකරණ නිලධාරින් නිසි ලෙස තම වගකීම් ඉටුකිරීමේ වැදගත්කම ද පැහැදිළි කර තිබෙනවා.

රට තුළ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියාසිටියේ පක්ෂය තුළ නොමැති ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ඇති කිරීමට රනිල් වික්‍රමසිංහට හැකියාවක් නොමැති බවයි.

වසර 25 ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටින රනිල් වික්‍රමසිංහ එහි පසුපෙළ කිසිවෙකුට හිස එසවීමට ඉඩ නොදෙන අතර, රටේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඉහළින් කතා කරන ඔහු පළමුව තම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී කරගතයුතු බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,451 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,508 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,664 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,276 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,225 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,078 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,394 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,738 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,684 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,892 Downloads



Top 10 Commenters

Latest Comments

Top