පෙර ලැයිස්තුවේ හිටියේ 8 වෙනි තැනට
චැනලයට බිලියන 26කට එහා නැරඹුම්
2018 වසරේ සමස්ත යූ ටියුබ් චැනලයේ ම ඉහළ ආදායම වාර්තා කරනු ලැබුවේ වසර 7 ක කුඩා ළමයෙක්.
ඔහු විසින් ඉපැයූ මුදල ඇමරිකන් ඩොලර් මිලියන 22 ක්.
ඒ 'රයන් ටෝයිස් රිවීව්' හරහා. කුඩා දරුවාගේ නාමය රයන් වන අතර ෆෝර්බ්ස් සඟරාව වාර්තා කර ඇත්තේ යූ ටියුබ් මඟින් ඔහුගේ ක්‍රීඩා භාණ්ඩ නැරඹීම සඳහා ඉතා ඉහළ ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිටින බවයි.
ඔහු පෙර ලැයිස්තුවේ අත්පත් කර ගෙන සිටියේ 8 වෙනි ස්ථානයයි.
ඒ ඇ.ඩො මිලියන 11 කට උරුමකම් කීමෙන්.
ඔහු මෙලෙස උපයන මුදලට කිසිදු බදු අය කිරීමක් නැති අතර ඒ හේතුවෙන් ඔහුගේ ආදායම් තව තවත් දෙගුණ වනු ඇති බවට ආර්ථික විශේෂඥයන් පවසා සිටිනවා.
කෙසේවෙතත් රයන්ගේ දෙමව්පියන් විසින් මෙම යූ ටියුබ් චැනලය ආරම්භ කර ඇත්තේ 2015 මාර්තු මසයේ දී.
මේ වන විට රයන් ටෝයිස් රිවීව් චැනලයට බිලියන 26ක නැරඹුම් ප්‍රමාණයක් ඇති අතර මිලියන 17.3 ක ප්‍රේක්ෂකයන් ද සිටිනවා.
එමෙන්ම ඔහු ගේ වීඩියෝ මඟින් පෙන්නුම් කරන විල්මර්ට් ක්‍රීඩා භාණ්ඩ ද ඉතා ඉහල ප්‍රමාණයෙන් අලෙවි වන බවයි සඳහන් වන්නේ.
ඔහු මෙලෙස මුදලින් 15% ක් වැඩිහිටි වියට පැමිණීමෙන් අනතුරුව ලබා ගත හැකියි.
-උත්පලා ප්‍රබුද්ධිකා
ලක්බිම